ඉස්හොරි නිසා ඇක්නි ඇති වෙනවද?

March 25, 2022
13,996
Does dandruff cause acne?
හිස්හොරි මෙන්ම මුහුණේ ඇතිවන ඇක්නි කියන්නේ කාන්තා ඔබට තියෙන බරපතල ගැටළු දෙකක්.. එහෙම නේද.. විශේෂයෙන් ඉස්හොරි නිසා තම මුහුණේ ඇක්නි ඇතිවෙන බවටත් බොහෝ දෙනා මැසිවිලි නගනවා.. හිස්හොරි ඇතිවන්නේ හිසකෙස් වියළි වූ විටද එසේ නැත්නම් තෙල්සහිත සමේද යන්න ආදි ගැටළු රාශියක් ඔබට ඇති.. එසේනම් මෙන්න ඒ පිළිබඳ ප්‍රවීණයකුගෙන් වැදගත් උපදෙස් කිහිපයක්..

ඇත්තටම හිස්හොරි නිසා ඇක්නි ඇතිවෙන්න පුලුවන්ද?

ඔබගේ හිස්කබලේ ඇති හිස්හොරි කැබලි ඔබගේ පිටේ සහ මුහුණේ, හිස් කබලේ තැන්පත් විමෙන් සම මත ඇති සිදුරු අවහිර වීමෙන් ඇක්නි ඇතිවීමට හේතුවෙනවා. එමනිසා සමෙහි කුඩා බිබිළි වැනි ආසාදන ඇතිවෙන බවත් මෙම තත්ත්වය ලෙසට "malassezia foliculitis’ වෛද්‍යවරු හඳුන්වනවා. කුරුලෑ වැනි කුඩා බිබිළි පිට, නළල සහ පපුවේ ඉහළ කොටසේ දැකිය හැකිවෙනවා. එම කුඩා බිබිලි සැරව පිරී ගිය කසන සුළු ස්වභාවයක් ගන්නවා.


හිස් හොරි නිසා ඇතිවෙන ඇක්නි සුවකර ගන්නේ කොහොමද?

1. හොඳ ප්‍රමිතියකින් යුතු හිස් හොරි නාශක ෂැම්පු වර්ගයක් භාවිතා කිරීමට ඔබට පුළුවන්.

2. හිසකෙස් පිටේ සහ මුහුණේ නිතර ස්පර්ශ නොවන සේ ගැටගසා තබාගැනීමත් කළ යුතුවෙනවා.

3. දෙහි යනු බැක්ටීරියා නාශක ගුණාංග සහිත පහසුවෙන් ඔබට ලබාගත හැකි දෙයක්.. හිස්හොරි සහිත හිසට දෙහි දැමීමෙන්ද ඔබට හිස්හොරි මර්ධනය කරන්න පුළුවන්.. ඔබ කල යුත්තේ දෙහි යුෂ ස්වල්පයක් හිස්කබලේ ගල්වා විනාඩි 20-30 අතර කාලයක් තබා මද උණුසුම් ජලයෙන් සෝදා හැරීමයි. එමෙන්ම කෝමාරිකා සහ ඇපල් සයිඩර් විනාකිරිද හිස්කබලේ ගැල්වීමට සුදුසු වෙනවා.

4. හිසකෙස් හොඳින් පීරීම වැදගත් වන අතර එමගින් හිස්කබලේ ඇති මිය ගිය සෛල ඉවත් කර, රුධිර සංසරණය වැඩි දියුණු කරනවා. අවම වශයෙන් දිනකට දෙවරක්වත් ඔබේ හිසකෙස් හොඳින් පීරීමට මතක තබාගත යුතු වෙනවා.

5. නිවැරදිව කන්ඩිෂනර් භාවිත කළ යුතුයි.. ඔබ හිසකෙස් සඳහා භාව්තා කරන කන්ඩිෂනර් හිස් කබල මත තැවරීම සුදුසු වන්නේ නැහැ.. ඒවාගේම ඔබ හිසකෙස් සඳහා කන්ඩිෂනර් ආලේප කරනවිට හිස්කබලේ ගැල්වීමෙන් තොරව කොණ්ඩයේ මැද සහ අග සඳහා පමණක් ඒවා ගැල්විය යුතුවෙනවා.


තෙල්සහිත හිස්කබල මත ඇති හිස් හොරි ඉවත් කරන්නේ කොහොමද

1. හිස් කබල මතුපිට ඇති මැරුණ සෛල සහ තෙල් ඉවත් කිරීම සඳහා දිනපතා හිස්කබල ස්ක්‍රබ් කිරීම සිදුකරන්න. එමගින් හිස්හොරි සෑදීම පාලනය වෙනවා මෙන්ම රුධිර සංසරණය ක්‍රමවත් වීමද සිදුවෙනවා.

2. සුවඳකාරක, රසායනික ද්‍රව්‍ය සහ පෙණ ඇතිකරන සංඝටක අඩංගු නොවන ෂැම්පු වර්ගයක් තෝරා ගැනීම ඉතා වැදගත් වෙනවා.. විශේෂයෙන් ඔබගේ සම වියළි හො තෙල් සහිත නම් එයට ගැලපෙන ආකාරයේ ෂැම්පු වර්ගයක් තෝරාගැනීම කළ යුතුවෙනවා. රෝස්මරී, ලැවෙන්ඩර්, ලෙමන් සහ තේ අම්ල, කෝමාරිකා, දෙහි , උළුහාල් ආදි ස්වභාවික සංඝටක අඩංගු ෂැම්පු වර්ග හිස කෙස් සඳහා වඩාත් සුදුසු වෙනවා.

3. සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ද නිරෝගී කෙස් කළඹක් සඳහා ඉතාමත් වැදගත් වෙනවා. ඔමේගා 3, ඔමේගා 6 හෝ ඔමේගා 9 ආදි හිතකර මේද අම්ල සහිත ආහාර වර්ග තෝරාගැනීම කල යුතුයි.

4. හිසකෙස් විලාසිතා මගින් හිසකෙස් සහ හිස්කබල අධික ලෙස වියළීමට හැකි නිසා නිතර නිතර හිසකෙස් විලාසිතා කිරීම සඳහා රසායනික ද්‍රව්‍ය භාවිතය සුදුසු වන්නේ නැහැ.

5. හිස්කබල මත ඇතිවෙන බැක්ටීරියා, දිලීර වැනි දෑ මර්ධනය කල හැකි ප්‍රති-දිලීර සහ ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ගුණ අඩංගු ප්‍රථිකාර පිළිබඳව සොයා බලන්න. හිස්කබල පිරිසිදු කිරීමට සහ කැසීම අඩු කිරීමට දිනකට වරක් හෝ දෙවරක් ඒවා හොඳින් හිස්කබල මත ආලේප කිරීමට ඔබට පුලුවන්.


මුහුණේ සමමත ඇතිවන ඇක්නි සුවකර ගැනීමට ඔබට සහය වන ස්වභාවික පැක් වර්ග

1. කඩල , ආමන්ඩ් පිටි සහ කහ

කඩල , ආමන්ඩ් පිටි සමාන ප්‍රමාණයන්ගෙන් අරගෙන එයට කහ ස්වල්පයක් එක්කර ජලය ස්වල්පයක් මිශ්‍ර කර තලපයක් සේ සාදා ඇක්නි ඇති බෙල්ල, නළල වැනි ස්ථානවල ආලේප කර විනාඩි 15ක් පමණ තබා සෝදා හරින්න.

2. කෝමාරිකා

කෝමාරිකාවල අඩංගු සිසිල නිසා සමේ ඇතිවන දැවිල්ල සමනය වෙනවා.. කෝමාරිකා කැබැල්ලක ඇති ජෙල් ගෙන ඇක්නි ඇති සමමත ආලේප කර හොඳින් සම්භාහනය කර විනාඩි 15ක් පමණ තබා සෝදා හරින්න. නැතිනම් රාත්‍රී නින්දට පෙර මුහුණේ ආලේප කර උදෑසන සෝදා දැමීමටද හැකිය.

3. සුදුළූණු සහ මී පැණි

ක්ෂුද්‍ර ජීවීනාශක ගුණාංග සහ ප්‍රතිඔක්සිකාරක සහිත සුදුළූණු කුරුලෑ පාලනය කරන අතර මී පැණි සම පිරිසිදු කරනවා. සුදුළූණු පේස්ට් තේ හැන්දක් සමග මී පැණි තේ හැන්දක් සමඟ මිශ්‍ර කර ඇක්නි ආසාදනය වී ඇති සමෙහි ගල්වා විනාඩි 10ක් පමණ තබා මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-19 00:00:00' and A.id <> 2146 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 9:44:20 AM
Script:/article/2146/does-dandruff-cause-acne.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 9:44:20 AM
Script:/article/2146/does-dandruff-cause-acne.html