ඔබගේ රූ සපුව වඩවන, සම රැකදෙන, සෞඛ්‍ය ආරක්ෂා කරන කජු

March 28, 2022
14,342
Cashews that nourish your beauty, protect your skin and protect your health
බොහෝ දෙනා අතුරුපස සඳහා සහ විවිධ ආහාර සැරසිලි සඳහා කජු එක්කර ගත්තත් එමගින් සම සහ හිසකෙස් ඇතුළු ඔබගේ සමස්ථ සෞඛ්‍ය සඳහාම ගෙනදෙන ප්‍රතිලාභ පිළිබඳව දන්නේ නැහැ.. ඉතින් හැඩකාරි අපි මෙම ලිපිය මගින් කජු ආහාරයට ගැනීමෙන් ඔබගේ හිසකෙස්, සම සහ සෞඛ්‍ය කෙරෙහි ලබාදෙන ප්‍රතිලාභයන් පිලිබඳව වැදගත් කරුණු කිහිපයක් ගෙන එනවා.

කජු ආහාරයට ගැනීමෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ

ඔබගේ රුධිර නිපදවීම වැඩිකරනවා


කජුවල බහුලව අඩංගුවෙන යකඩ සහ තඹ රතු රුධිර සෛල නිශ්පාදනයට සහ සිරැරේ රුධිර නිශ්පාදනයට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ දෙකකි. එමනිසා කජු ආහාරයට ගැනීමෙන් හිමොග්ලොබින් නිෂ්පාදනය වේගවත් කරන අතර ප්‍රමානවත් රුධිරය මට්ටමක් පවත්වා ගැනීමට එය උපකාරි වෙනවා.


හෘද සෞඛ්‍ය වැඩි දියුණු කරනවා


බොහෝ දෙනා කජුවල ස්වභාවික මේදය බහුල නිසා හෘද රෝග ඇතිවේයැයි බියෙන් පසුවෙනවා. නමුත් කජුවල අඩංගු වන්නේ සිරැරය හිතකර මේද වර්ගයි.. විශේෂයෙන් කජුවල අඩංගු monounsaturated සහ අසංතෘප්ත මේදය මගින් හෘදනාල වල කොලෙස්ට්‍රෝල් මට්ටම අඩුකර ඒවා සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට සහය වෙනවා. එමනිසා කජු ආහාරයට ගැනීමෙන් ඔබගේ හෘද සෞඛ්‍ය වැඩි දියුණු කරනු ලබනවා.


පිළිකා වැලැක්වීම


කජු ස්වභාවික proanthocyanidins සපිරි ආහාරයක් වෙන අතර එය ශරීරයේ පිළිකා සෛල වර්ධනය වීම වළක්වනවා. යම් පුද්ගලයකුගේ සිරැරේ පිළිකා සෛල ඇතිවුවහොත් ඒවා වේගයෙන් වර්ධනය වෙන අතර නැවැත්වීම අපහසුයි. නමුත් තඹ සහ අනෙකුත් අත්‍යවශ්‍ය ඛනිජලවන සහිත කජු ආහාරයට ගැනීමෙන් හා බඩවැල ආශ්‍රිත පිළිකා ඇතිවීම පාලනය වෙනවා.. ඊට අමතරව ඔබ නිතර කජු ආහාරයට ගන්නවා නම් පිළිකා ඇතිවීමේ සම්භාවිතාව සැලකිය යුතු ලෙස අඩුකරගත හැකියි.


ඉරුවාරදය සමග සටන් කර සහනය ගෙන දෙයි


මැග්නීසියම් ඉරුවාරදය සඳහා ප්‍රතිකාර කිරීමේදි බහුලව යොදාගන්නවා.. කජු මැග්නීසියම් සපිරි ආහාරයක් නිසා ඉරුවාරදය සමනය කිරීම සඳහා උපකාරි වෙනවා.


පිත්තාශයේ ගල් ඇතිවීම වලක්වනවා


ඔබගේ සිරැරේ කොලෙස්ට්‍රෝල් මට්ටම ඉහළ අගයක් ගැනීමෙන් පිත්තාශයේ ගල් ඇතිවීමේ අවධානම ඉහළ නංවනවා.. නමුත් කජුවල අඩංගු මොනොසැටරේටඩ් මේදය සිරැරේ කොලෙස්ට්‍රෝල් මට්ටම පාලනය කරනු ලබනවා.


සිරැරේ බර වැඩිවීම පාලනය කිරීම


සිරැරේ බර වැඩිවීම බොහෝ දෙනෙකුට ඇති ගැටළුවක්.. නමුත් ඔබ නිතිපතා කජු ආහාරයට ගැනීමෙන් එහි අඩංගු සෞඛ්‍ය සම්පන්න මේදය නිසා ඔබගේ සිරැරේ බර වැඩිවීම පාලනය වෙනවා. විශේෂයෙන් කජු තඹ වලින් පොහොසත් නිසා සිරැරේ පරිවෘත්තීය ක්‍රියාවලියට උපකාරී වෙනවා.


සම නිරෝගිව තබාගැනීමට සහය වීම


තඹ සහ විටමින් C නිරෝගි සමකට ඉතා අත්‍යවශ්‍ය සාධක ලෙසයි හඳුන්වන්නේ..ඔබ කජු ආහාරයට ගන්නා විට තඹ සහ විටමින් C සිරැරට ලැබෙන අතර සම සඳහා ඉතා වැදගත් කොලජන් සහ ඉලාස්ටීන් (elastin) මට්ටම නිසිලෙස පවත්වාගැනීමට එය සහය වෙනවා.


පෙනීම වැඩිදියුණු කරනවා


අක්ශි සෞඛ්‍යය වැඩිදියුණු කරන antioxidant zeaxanthin කජුවල අන්තර්ගත වෙනවා. එට විශේෂයෙන් හිරුගේ අහිතකර කිරණ ඇසට ඇතුළුවීම වැළැක්වීමට ෆිල්ටරයක් ලෙසද ක්‍රියාකරනවා. දිනපතා කජු ආහාරයට ගැනීම ඔබගේ අක්ශි සෞඛ්‍යය වැඩිදියුණු වෙනවා..


සඑලතාව ඉහළ නැංවීම


සින්ක් සහ සෙලේනියම් වලින් පොහොසත් කජු පිරිමින්ගේ ශුක්‍රාණු ප්‍රමාණය වැඩි කිරීම සහ එහි ගුණාත්මකභාවය වැඩි දියුණු කරන අතර ලිංගික ආශාව වැඩිකරනවා. එමනිසා සාඵල්‍යතාවය වැඩි දියුණු කිරීම සඳහා කජු ආහාරයට එක්කර ගැනීම වඩාත් සුදුසු වෙනවා.


ආතතිය අඩු කිරීම


ඇමයිනෝ අම්ලය ආතතිය සහ කාංසාව කෙරෙහි ධනාත්මක බලපෑමක් එල්ල කර ආතතිය අඩුකරන බවට පර්‍යේෂණවලින් සනාථව තිබෙනවා.. විශේෂයෙන් කජු යනු ඇමියිනෝ අම්ලය බහුල ආහාරයක්.. ඔබ කජු ආහාරයට ගැනීමෙන් ඔබට ගුණාත්මක නින්දක් ලැබෙන අතරම එමගින් ආතතිය පාලනය වෙනවා. නමුත් ඔබ ආතතිය හෝ කාංසිය නිසා පීඩා විදිනවා නම් වෛද්‍ය ප්‍රතිකාර කරා යොමුවීම වැදගත් වෙනවා.


වීගන් ආහාර වේල් සඳහා ඉතා සුදුසුයි


ඔබ සම්පූර්ණයෙන්ම නිර්මාංශ වීගන් ආහාරවේල් ලබාගන්නේ නම් කජු ඔබට අවශ්‍ය පෝෂණය ලබාදිය හැකි සුපිරි ආහාරයක් ලෙස හඳුන්වන්න පුළුවන්.. විශේෂයෙන් කිරි ආශ්‍රිත ආහාර පාන වර්ග වෙනුවට කජු මිශ්‍ර ප්‍රෝටින් පානයන් සකසා ගැනීමට කජු ඔබට බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා.


රක්තහීනතාව‍ය වළක්වාලනවා


රක්තහීනතාවය සඳහා බලපාන ප්‍රධාන සාධකය වන්නේ සිරැරේ ඇති යකඩ ඌණතාවයයි. නමුත් කජු ඔබගේ දෛනික යකඩ අවශ්‍යතාවය සපුරාලන ආහාරයක්.. එමෙන්ම එය ඔබගේ සිරැරේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමටත් සහය වෙනවා.


නීරෝගි දීප්තිමත් කෙස් කළඹක්


කජු දිනපතා ආහාරයට ගැනීම හෝ කජු ආශ්‍රයෙන් නිපදවන තෙල් ඔබට නිරෝගී දිප්තිමත් කෙස් කළඹක් ලබාදීමට සහය වෙනවා. අකලට කෙස් සුදුවීම පාලනය කර කළු පැහැ ශක්තිමත් කෙස් කළඹක් ලබාදෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-19 00:00:00' and A.id <> 2147 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 9:36:17 AM
Script:/article/2147/cashews-that-nourish-your-beauty-protect-your-skin-and-protect-your-health.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 9:36:17 AM
Script:/article/2147/cashews-that-nourish-your-beauty-protect-your-skin-and-protect-your-health.html