දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

April 11, 2022
32,893
chore lists for kids
බොහෝ දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීම පිළිබඳව විවිධ මතවල සිටිනවා.. ඇතැම් දෙමවුපියන් එය පහසුවක් සේ සිතනවා ; ඇතැමුන්ට එය කරදරයක්.. එමෙන්ම ඇතැම් දෙමවුපියන් සිතන්නේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණු වන අතරම එය දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතුවෙන බවයි.

ඇත්තෙන්ම ඔවු.. දරුවන් එදිනෙදා කටයුතු කෙරෙහි එක්කර ගැනීම දරුවන්ට මෙන්ම දෙමවුපියන්ටද එකසේ වාසිදායකයි. ඒ වගේම දරුවන් නිවසක වැඩ කටයුතු සඳහා දායක කරගැනීම ඔවුන් තුළ කාර්‍යයන් සම්බන්ධ ආචාර ධර්ම වර්ධනයට, වගකීම සහ වගවීම පිළිබඳව ඉගැන්වීමට සුදුසුම ස්ථානයයි.

ඒ සඳහා දරුවන් පෙළඹවීමට ඔබට විවිධ ක්‍රියාකාරකම් යොදා ගැනීමට පුළුවන්.. විශේෂයෙන් මූල්‍ය කළමණාකරණය පිළිබඳව දරුවන්ට පාසලේදි උගන්වන්නේ නැහැ.. එමනිසා නිවසේ කාර්‍ය‍යන් සඳහා මුදල් සම්බන්ධ කිරීමට පුලුවන්. විශේෂ‍යෙන් ජීවිතයේ පසුකාලීනව මහන්සි වි වැඩ කිරීම මත සැපවත් ජීවිතයක් ගත කල හැකිබවට වෙන පාඩම ඔබට දරුවාට කියාදීමට පුළුවන්..

එසේනම් දරුවන් නිවසෙ කාර්‍යයන් සඳහා ඵලදායීව යොදාගන්නේ කෙසේද? කුමන කාර්‍යයන් සඳහා දරුවන් එක්කර ගන්නවාද සහ එයට ආරම්භයක් ගන්නේ කෙසේද කියා ඔබටත් ගැටළු ඇති..

- පළමුවෙන් ඔබ නිවසේ කාර්‍යයන් අතරින් එක් එක් දරුවාගේ වයසට සුදුසු කාර්‍යයන් ලැයිස්තුවක් සකස් කරගත යුතු වෙනවා.

- එය වඩාත් සංවිධානාත්මක කරගැනීමට සතිපතා කාල සටහනක් සකස් කරගන්න.

- දරුවාගේ කුසලතාවන් සහ පරිණතභාවය පිළිබඳව සැලකිලිමත් වීමත් වැදගත් වෙනවා.

- යම් කාර්‍යයක් පැවරීමට එය හොඳින් කියාදීම සහ පෙර දිනක් හෝ දෙකක් නැතිනම් දරුවා එයට හුරුවන තුරු අධීක්ෂණය
- දරුවාට පැමිණෙන ගැටළු නිරාකරණය සහ ඔවුන්ට සවන් දීමත් වැදගත් බව මතක තබාගත යුතුයි.


එසේනම් මෙන්න හැඩකාරි අපෙන් එක් එක් දරුවන්ට ව‍යසට අනුව පැවරීමට පුලුවන් කාර්‍යයන් කිහිපයක්.. එය ඔබට මාර්ගෝපදේශයක් ලෙස භාවිතා කිරීමත් පුළුවන්..



වයස අවුරුදු 5ට අඩු දරුවන්

+ තනිව තමන්හේ හිස පීරා ගැනීම
+ දත් මැදිම
+ තමාගේ කිළිටි ඇඳුම් සෝදන කූඩයට දැමීම
+ සෙල්ලම් කිරීමෙන් පසු සෙල්ලම් බඩු අදාල ස්ථානයේ තැබීම
+ තමා ආහාර ගත් පිගාන සහ කෝප්පය අදාල ස්ථානයේ තැබීම
+ මල්පැළ වලට වතුර දැමීම


ප්‍රාථමික වයස් ඛාණ්ඩය - අවුරුදු 6 සිට 9 දක්වා දරුවන් සඳහා

+ ඉහත සඳහන් කාර්‍ය‍යන්
+ සුරතල් සතුන්ට ආහාර සහ ජලය ලබාදීම
+ පොළව සහ වෙනත් මතුපිට වැකුම් කිරීම
+ ආහාර බදුන් සේදීම
+ කෑම මේසය සැකසීම
+ මුළුතැන්ගෙයට මිලට ගන්නා ග්‍රොසරි බඩු නිවස තුළට රැගෙන ඒම
+ වාහනය සේදීම


නව යොවුන් වියේ දරුවන් - වයස අවුරුදු 10ත් 12ත් අතර

+ කුඩා වයසේදි සිදුකල ඉහත කාර්‍යයන්
+ නිවසේ කුණු ඉවත් කිරීම
+ කුඩා ආහාර වේල් සකස් කරගැනීම සහ ඒවා ආහාර බඳුන්තුලට දමාගැනීම
+ නානකාමරය පිරිසිදු කිරීම
+ රාත්‍රී ආහාරය සැකසීමට සහය වීම
+ සුරතල් සුනඛයා සමග ඇවිදිමට යාම
+ තමන්ගේ ඇඳ ඇතිරිලි ඉවත් කිරීම සහ සයනය සකස් කරගැනීම


නව යොවුන් වියේ දරුවන් - වයස අවුරුදු 13ත් 15ත් අතර

+ මින් පෙර දරුවා කල කාර්‍ය‍යන්වලට අමතරව පහත කාර්‍යන් පැවරීමට පුළුවන්.
+ තණකොළ කැපීම
+ මල් ගස් කප්පාදු කිරීම
+ මලපැල සිටුවීම
+ නිවස මතුපිට මොප් කිරීම
+ ශීතකරණය පිරිසිදු කිරීම
+ තමාගේ කුඩා සහෝදර සහෝදරියන් බලාගැනීම


අවුරුදු 16ට වැඩි යොවුන් දරුවන්

+ ඉහත කාර්‍ය‍යන් සියල්ලම සහ ඊට අමතරව වගකීමෙන් වැඩි පහත කාර්‍ය‍යන් මෙම වයසේ දරුවන්ට සිදුකිරීමට පුළුවන්.
+ රෙදි සේදීම සහ නැවීම
+ නිවසට අවශ්‍ය යම් යම් භාණ්ඩ රැගෙන ඒමට ආරක්ශිතව වෙළඳසැලට යාම.
+ නිවසේ වාහනයට අදාල සුලු නඩත්තු කටයුතු

දරුවන් නිවසේ කාර්‍ය‍යන් සඳහා එක්කර ගැනීමේදි ඔවුන් තුල ඒ සම්බන්ධ ධනාත්මක පෙළඹීමක් ඇති කිරීමට දෙමවුපියන් ලෙස ඔබ මතක තබාගත යුතු වෙනවා. උදාහරන ලෙස විනෝදජනකව පවුලේ සියල්ල එක් පැයක නිවසේ කටයුතු වල නිරත වීම, හොඳින් වැඩ සිදුකල දරුවා ඇගයීම සඳහා දරුවා ප්‍රිය කරන ආහාරයක් සකස් කර දීම හෝ ත්‍යාගයක් ලබාදීම වැනි දෑ සිදුකිරීමට ඔබට පුළුවන්..

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

How to reduce under arm sweating
   6,225
   41

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
10 symptoms shows you are pregnant
   45,137
   37

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
How to get vitamin E for healthy skin and hair
   31,545
   36

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
5 skin care tips for your neck
   29,604
   33

ඔබත් බෙල්ලේ සම අඳුරු වීම නිසා කණස්සල්ලෙන්ද? එසේ නම් මේ පියවර 5 අනුගමනය කර බලන්න

ඔබගේ මුහුණ තරම් ගෙල පෙදෙස ආශ්‍රිත සම දුර්වර්ණ ස්වභාවයක් ගන්නවා නම් බෙල්ල ආශ්‍රිත සමෙහි රැකවරණය සඳහා ඔබ අනුගමනය කළයුතු පියවර 5ක්
Sri Lankan Pickle (Sinhala Achcharu)
   45,001
   29

සිංහල අච්චාරු ඉතා පහසුවෙන් හදාගමු

අබ, ලුණු, ඉඟුරු, සුදු ලුණු හා කහ කුඩු සියල්ල එකට දමා හොඳින් අඹරා ගන්න. ඉන් පසු විනාකිරි ටික මැටි භාජනයකට දමා හොඳින් උතුරුවා ගන්න

Latest Articles

Most Viwed