සෞඛ්‍ය සම්පන්න, දිදුලන සමක් ඔබගේ හීනයක්ද? නොවරදින සත්කාරයක් කෝමාරිකා ෆේෂල්

April 27, 2022
43,075
Aloe Vera facial treatment
මසකට හෝ දෙකකට වරක් රූපලාවන්‍යාගාරයට ගොස් ලබාගන්නා රූපලාවන්‍ය සත්කාරයෙන් ඔබ බලාපොරොත්තුවන දිදුලන සමක් තවමත් ලැබුනේ නැද්ද? එසේ නැතිනම් ඔබට රූපලාවන්‍යාගාරයට යාමට වෙලාවක් නොමැති නිසා කණස්සල්ලෙන්ද?

ඒ නිසාම හැඩකාරි අපි නිවසේදි පහසුවෙන් සෞඛ්‍ය සම්පන්න, දිදුලන සමක් ලබාගැනීමට කරන්න පුළුවන් සත්කාරයක් පිළිබඳව ඔබට ගෙන එනවා.. ඒ තමයි කෝමාරිකා භාවිතා කරලා ඔබට පහසුවෙන් සකස් කරගන්න පුළුවන් ෆේෂල් එක..

ඔබ කෝමාරිකා ෆේෂල් එකක් නිවසේදි භාවිතා කල යුත්තේ ඇයි?

ඖෂධීය ගුණයෙන් සපිරි කෝමාරිකා ඈත අතීතයේ සිටම රූපලාවන්‍ය සත්කාර සඳහා භාවිතා කලා.. සමට සිසිලසක් ගෙන දෙනවාට අමතරව කෝමාරිකා මඟින් ලප කැලැල් මකා දැමීම, සමේ තෙතමනය ආරක්ෂා කිරීම, වයස්ගත වීමත් සමග සමෙහි ඇතිවන රැළි මකා දැමීම වැනි ඔබ නොසිතන ප්‍රතිලාභ රැසක් ලබාදෙනවා.. විශේෂ‍යෙන් කෝමාරිකා අඩංගු ෆේෂල් එකක් මඟින් ඔබට ඉහත සියලු ප්‍රතිලාභ අත්වෙනවා. කෝමාරිකා ඕණෑම සමක් සඳහා හිතකර වන නිසා ඕනෑම අයෙකුට භාවිතා කරන්න පුළුවන්... සෑම විටම නැවුම් කෝමාරිකා ජෙල් භාවිතා කිරීමට මතක තබා ගන්න.. ඒ වගේම මසකට වරක් මෙම කෝමාරිකා ෆේෂල් එක සිදුකිරීමෙන් ඔබට දිදුලන නිරෝගි සමක් ලබාගැනීමට පුළුවන්..

නිවසේදි කෝමාරිකා ෆේෂල් එකක් සිදුකරනා ආකාරය

1වන පියවර : මුහුණ හොඳින් පිරිසිදු කරගන්න (ක්ලෙන්ස් කරන්න)

පේෂල් එකකදී පළමුවෙන් සිදුකල යුත්තේ මුහුණ සහ බෙල්ලේ සම හොඳින් පිරිසිදු කල යුතු වෙනවා. ඔබගේ මුහුණේ කුණු දූවිලි ඉවත් වුනොත් විතරයි ගල්වන ආලේපයන් හි ඇති සාරය සමට හොඳින් උරාගන්නේ. ඔබට රසායන ද්‍රව්‍ය අඩංගු ක්ලෙන්සර් වෙනුවට නිවසේදීම කෝමාරිකා භාවිතා කර ස්වභාවික ක්ලෙන්සර් එකක් සකස් කරගන්න පුළුවන්.

ලෙමන් යුෂ, කහ සහ කෝමාරිකා ජෙල් හොඳින් මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න.
මිනිත්තු කිහිපයක් ඇඟිලි වලින් රවුමට සම්භාහනය කරන්න.
සීතල ජලයෙන් මුහුණ සෝදා හැර තෙත මාත්තු කරන්න.


2 වන පියවර : ස්ක්‍රබ් කිරීම

ඔබගේ මුහුණේ සමේහි ඇති මැරුණු සෛල ඉවත් කිරීමට ගැඹුරින් සම පිරිසිදු කල යුතු වෙනවා.. එය ස්ක්‍රබ් කිරීම ලෙස හඳුන්වනවා. වෙළඳපොලේ නොයෙකුත් ස්ක්‍රබ් නිශ්පාදන මිලට ගැනීමට තිබුණත් ඔබට කෝමාරිකා යොදාගෙන නිවසේදීම ස්ක්‍රබ් එකක් සකස් කර ගන්න පුළුවන්.

නැවුම් කෝමාරිකා ජෙල් ස්වල්පයක් ගෙන සහල් පිටි සහ පොල් වතුර යොදා මිශ්‍ර කරන්න.
මුහුණේ සහ බෙල්ලේ සම මත ආලේප කර මුදුව සම්භාහනය කර සීතල වතුරෙන් සෝදා හරින්න..

ඔබගේ මුහුණේ ඇති බ්ලැක් හෙඩ්ස් සහ වයිට් හෙඩ්ස් පහසුවෙන් ඉවත් කරන අතර සමේ මැරුන සෛල ඉවත් කර සමට නැවුම් බවක් ගෙන ඒමට එය උපකාරි වෙනවා.


3 වන පියවර : මුහුණ සම්භාහනය

හොඳ සම්භාහනයක් මඟින් මුහුණේ සමෙහි රුධි‍ර ක්‍රියාකාරිත්වය වේගවත් කරන අතර ඔබගේ ආතතියද පාලනය වෙනවා. විශේෂයෙන් සමෙහි ඇති රැළි වැටුණ ස්වභාවය ඉවත් කිරීමත් ඉන් සිදුවෙනවා.

කෝමාරිකා ජෙල් සහ මී පැණි මිශ්‍ර කර එයට විටමින් E තෙල් ස්වල්පයක් එක්කරන්න.
පසුව හොඳින් මිශ්‍ර කර මුහුණේ සහ බෙල්ලේ ආලේප කර හොඳින් විනාඩි 10ක් පමණ සම්භාහනය කරන්න.


4 වන පියවර : ෆේස් පැක් එක ගැල්වීම

වඩාත් දීප්තිමත් සමක් ලබාගැනීම සදහා මුහුණ හොඳින් සම්භාහනය කර පසුව සමට පෝෂණය ලබාදීම සඳහා ෆේස් පැක් එකක් ගැල්වීමට ඔබට පුළුවන්. අපි ඔබට පහසුවෙන් සකස් කර ගැනීමට පුළුවන් ෆේස් පැක් වර්ග දෙකක් පහතින් ඉදිරිපත් කරනවා. ඔබට කැමති එකක් තෝරාගැනීමට පුළුවන්.

->කෝමාරිකා, රෝස සහ දොඩම් යුෂ අඩංගු ෆේස් පැක්

කෝමාරිකා ජෙල් ස්වල්පයක් බඳුනකට සූරා දමා එයට දොඩම් යුෂ ස්වල්පයක් එක්කරන්න. ඊළඟට රෝස පෙති කිහිපයක් ගෙන තලපයක් සේ සකස් කර එය කෝමාරිකා මිශ්‍රණයට එක්කරන්න.

->කෝමාරිකා ජෙල්, සඳුන් කුඩු සහ රෝස වතුර අඩංගු ෆේස් පැක්

කෝමාරිකා ජෙල්, සුදු හඳුන් කුඩු සහ රෝස වතුර එකට මිශ්‍ර කර මුදු තලපයක් ලෙස සකස් කරගන්න.

ඔබ තෝරාගන්නා ෆේස් පැක් එක මූහුණේ සහ බෙල්ලේ සමෙහි ආලේපකර විනාඩි 10 - 15 ත් අතර කාලයක් තබා සෝදා හරින්න.


5 වන පියවර : ටෝනර් ආලේප කිරීම

දැන් අපි ෆේෂල් එකේ අවසාන පියවරයන් වෙතට‍යි ළඟාවී තිබෙන්නේ.. ෆේෂල් පැක් එක ඉවත් කිරීමෙන් පසු ටෝනර් ආලේප කල යුතුයි..
chamomile තේ සකස් කරගෙන එය සිසිල්වන තෙක් තබා එයට කෝමාරිකා ජෙල් ස්වල්පයක් සහ තේ දළු ආශ්‍රයෙන් සකස් කර ඇති තෙල් බිංදු කිහිපයක් එක්කර හොඳින් මිශ්‍ර කරන්න. පසුව එම මිශ්‍රණය ස්ප්‍රේ බෝතලයකට දමන්න. ෆේස් පැක් එක ඉවත් කෙරූ පසු මුහුණේ ආලේප කරන්න.

ඔබට මෙම මිශ්‍රණය ශීතකරණයේ තබා සති දෙකක් පමණ කල්තබා ගන්න පුළුවන්.

6 වන පියවර : මොයිස්චරයිසින් ආලේප කිරීම

ෆේෂල් එකක අවසාන පියවර වන්නේ මොයිස්චරයිසින් ආලේප කිරීමයි. ඔබට ඒ සඳහා කෝමාරිකා අඩංගු මොයිස්චරයිසින් ක්‍රීම් වර්ගයක් භාවිතා කරන්න පුළුවන්. එමඟින් සමෙහි තෙතමනය ආරක්ෂා කර දිදුලන බවක් ගෙන එනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   57,059
   72

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
5 benefits of mahaduru
   11,784
   30

මහදුරු වල ගුණ 5ක්

මහදුරු කුළුබඩුවක් විදිහට එදිනෙදා ආහාරයට ගත්තත් අපි මෙයින් ලැබෙන ප්‍රයෝජන ගැන එතරම් හිතලා නෑ
10 remedies for dry skin
   28,277
   28

වියලි සමට ස්වාභාවික ප්‍රතිකාර 10ක්

හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට කියලා දෙනවා වෛද්‍ය ප්‍රතිකාර වලටත්, විවිධ රූපලාවන්‍ය ආලේපන කිරීමටත් වඩා පහසුවෙන් ඔබට නිවසේදීම සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද වියලි සමට ප්‍රතිකාර කරන්නේ කියලා..
Changes in your body if you consume cod-liver oil daily
   98,421
   26

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
Food to regulate your menstrual circle
   48,130
   25

ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. මෙම ගැටලුවට ආහාර මගින් කලහැකි පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්න

Latest Articles

Most Viwed