පියයුරු පිළිකා අවදානම වළක්වා ගැනීමට උපකාරි වන ආහාර වර්ග

May 4, 2022
13,083
Foods prevent breast cancer risk
වර්ථමානය වන විට කාන්තාවන් අතර ඇති වඩාත් සුලබම රෝගී තත්ත්වය ලෙස පියයුරු පිළිකා හඳුන්වන්න පුලුවන්. පියයුරු පිළිකා ඇතිවීම සඳහා අධික මත්පැන් පානය, දුම්පානය, ඊස්ට්‍රජන් හෝමොන ක්‍රියාකාරිත්වය සහ ඇතැම් ආහාර රටාවන් බලපාන බවයි වෛද්‍යවරුන් පවසන්නේ. නමුත් ඔබ දන්නවාද ඇතැම් ආහාර වර්ග පියයුරු පිළිකා ඇතිවීමේ අවධානම අඩුකරන බව.

කොළ පැහැති කොළ වර්ග සහ පළා


පලා වර්ග, කේල්, නිවිති වැනි කොළ පැහැ එළවලු බීටා කැරොටින්, ලියුටින් වැනි කැරොටිනොයිඩ් ප්‍රතිඔක්සිකාරක වලින් පිරී පවතිනවා.. එය පියයුරු පිළිකා අවධානම පහළ දැමීමට සහය වෙනවා. කාන්තාවන් 7000ක් පමණ යොදාගෙන කරනා ලද පර්‍යේශණයකට අනුව සිරැරේ බීටා කැරෝටින් මට්ටම ඉහළ කාන්තාවන් හට පියයුරු පිළිකා ඇතිවීමේ අවධානම අඩු බව සොයාගෙන තිබෙනවා..


පැඟිරි කුළයට අයත් පළතුරු


ෆෝලේට්, විටමින් සී, සහ බීටා ක්‍රිප්ටොක්සැන්ටින් සහ බීටා කැරොටින් සහ ප්‍රතිඔක්සිකාරක මගින් පියයුරු පිළිකා අවධානම පහළ නංවනවා. ඔබට දොඩම්, මිදි, ලෙමන්, දෙහි වැනි පළතුරු වර්ග දිනපතා වුවත් ආහාර වේලට එක්කර ගැනීමට පුලුවන්.


මේදය සහිත මාළු


සැමන්, සාඩින් සහ මැකරල් වැනි මේදය සහිත මාළු පියයුරු පිළිකා ඇතිවීමේ අවධානම පහත දමනවා. විශේෂයෙන් එහි අන්තර්ගත ඔමේගා-3 මේද අම්ල, සෙලේනියම් සහ canthaxanthin වැනි ප්‍රතිඔක්සිකාරක මගින් පිළිකා මර්ධනයට සහය වෙනවා. පර්යේශණ මගින් සනාථව ඇති ආකාරයට විශේෂයෙන් මේද මාළු ආහාරයට ගැනීමෙන් පියයුරු පිළිකා ඇතිවීමේ අවධානම පාලනය වෙනවා..


ළුණු වර්ග


සුදුළූණු, ළූණු සහ ලීක්ස් ආදීයේ ෆ්ලේවනොයිඩ් ප්‍රතිඔක්සිකාරක සහ විටමින් සී ඇතුළු පෝෂ්‍ය පදාර්ථ රාශියක් අඩංගු වෙනවා. පර්‍යේශකයන් පවසන්නේ විශේෂයෙන් ළූණු වල පිළිකා සෛල නැසීමට හැකි ගුණයක් පවතින බවයි. ඒ වගේම පෝටෝ රිකෝ රාජ්‍යයේ කාන්තාවන් 660 දෙනෙකු යොදාගෙන කරන ලද පර්‍යේශණයකින් සුදුළූණු සහ ළූණු වැඩිපුර ආහාරයට ගත් කාන්තාවන් පියයුරු පිළිකා සඳහා ගොදුරු වීමේ අවධානම අඩු බව සොයාගෙන තිබෙනවා.


පැසවන ලද ආහාර


යෝගට්, කිම්චි, මිසෝ සහ ගෝවා (sauerkraut) වැනි පැසුණු ආහාර වල පියයුරු පිළිකා වලින් ආරක්ෂා විය හැකි ප්‍රෝබියොටික් සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ අඩංගු වේ. බටහිර සහ ආසියානු ජනතාව අතර කල අධ්‍යන 27ක් මගින් පෙන්නුම් කර ඇත්තේ යෝගට් සහ කෙෆීර් වැනි පැසුණු කිරි නිෂ්පාදන ඔවුන්ගේ පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරන බවයි.


මල්වලින් එළවලු වර්ග


මල්ගෝවා, ගෝවා සහ බ්‍රොකොලි වැනි මල් වර්ග පියයුරු පිළිකා ඇතිවීමේ අවධානම පහත දමනවා. එමෙන්ම ඒවා පෝෂණයෙන්ද ඉහළයි. එම එළවලු වර්ගවල glucosinolate සංයෝග අඩංගු වන අතර එය ශරීරයට වැදගත් molecules නමැති අණු බවට පරිවර්තනය වෙනවා.


බෝංචි සහ අනෙකුත් ධාන්‍ය


බෝංචි ඇට වර්ග සහ අනෙකුත් රනිල බෝගයනු බොහෝ විටමින් සහ ඛනිජ අඩංගු පෝශ්‍යදායී ආහාරයි. ඒවායේ අඩංගු ඉහළ තන්තු නිසා පියයුරු පිළිකාවලින් ආරක්ෂාව සපයනවා. කාන්තාවන් 2,571ක සහභාගීත්වයෙන් කරන ලද පරීක්ෂණයකින් හෙලි වූයේ බෝංචි ඇට සහ ධාන්‍ය වරග වැඩිපුර ආහාරයට ගත් කාන්තාවන් තුළ පියයුරු පිලිකා සෑදීමේ අවධානම අඩු බවයි.


ඖෂධ පැළෑටි සහ කුළුබඩු


පාර්ස්ලි, රෝස්මරි, ඔරිගානෝ,තයිම්, කහ, ඉගුරු වැනි ඖෂධීය ගුණාංග සහිත පැළෑටි සහ කුළුබඩු වර්ග ආහාරයට ගැනීමෙන් පියයුරු පිළිකා වලින් ආරක්ෂාව සැලසෙනවා. විටමින්, මේද අම්ල වලට අමතරව පොලිෆෙනෝල් වැනි ප්‍රතිඔක්සිකාරකයන් ඒවායේ අන්තර්ගත වෙනවා. විශේෂයෙන් කහවල අඩංගු Curcumin සහ පාර්ස්ලි වල ඇති ප්‍රතිඔක්සිකාරකවලට පිළිකා නාශක ගුණාංග අඩංගු වෙනවා.


බෙරි කුලයේ පළතුරු


බෙරි කුලයේ පළතුරු ෆ්ලේවනොයිඩ් සහ ඇන්තොසියානින් වැනි ප්‍රතිඔක්සිකාරක මගින් පිළිකා සෛල වර්ධනය වීම සහ පැතිරීම පාලනය වෙනවා. විශේෂයෙන් බ්ලූබෙරි ආහාරයට ගැනීමෙන් ඊස්ට්‍රජන් ප්‍රතිග්‍රාහක ඍණ (ER−) වන පිළිකා තත්ත්වය සමනය වීම සිදුවෙන බවට පර්‍යේශණයන් සනාථ කර තිබෙනවා.


පීච්, ඇපල් සහ පෙයාර්ස්


පීච්, ඇපල් සහ පෙයාර්ස්වල අඩංගු පෝෂණ සංඝටක පියයුරු පිළිකාවෙන් ආරක්ෂාව සැලසෙන බවයි පර්‍යේෂණ මගින් සනාථව තිබෙන්නේ.. විශේෂයෙන් පීච් වල ඇති පොලිෆෙනෝල් නමැති ප්‍රතිඔක්සිකාරකය පියයුරු සෛලවල රේඛීය වර්ධනය සහ පැතිරීම පාලනයට සහය වෙනවා.


පිළිකා වැළඳීමේ අවධානම වැඩිකරනු ලබන ආහාර වර්ග

- ඇල්කොහොල්
- ක්ෂණික ආහාර
- ගැඹුරු තෙලේ බදින ලද ආහාර
- බේකන් සහ සොසේජස් වැනි සකස් කරන ලද මස් වර්ග
- අධික සීනි සහිත ආහාර
- පිරිපහදු කල පිටි සහිත ආහාර

වැදගත් : බොහෝ පිළිකා වර්ග සහ බෝ නොවන රෝග ඇතිවීම කෙරෙහි බලපානු ලබනේ අපගේ ආහාර රටාව සහ ජීවන රටාව බලපානවා.. නමුත් දෛනික ව්‍යායාම් හි නියැළීම, ප්‍රමාණවත් විවේකයක් ලබා ගැනීම සහ දුම්පානය/ මත්පැන් පානයෙන් වැළකීම සහ ඔබගේ සිරැරේ බර ක්‍රමාණූකූලව පවත්වාගැනීම ආදිය මගින් එවැනි රෝග ඇතිවීම සාර්ථකව පාලනය කරගැනීමට ඔබට පුලුවන්. ඒ වගේම පියයුරු පිළිකා කලින් හඳුනා ගැනීම සහ රෝග විනිශ්චය සඳහා වෛද්‍ය හමුවීම් සැලසුම් කරගැනීම වැදගත් වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,256
   24

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
chore lists for kids
   71,007
   23

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Kaju Dosi Recipe
   178,989
   21

කජු දෝසි - Recipe

Video
5 skin care tips for your neck
   67,509
   20

ඔබත් බෙල්ලේ සම අඳුරු වීම නිසා කණස්සල්ලෙන්ද? එසේ නම් මේ පියවර 5 අනුගමනය කර බලන්න

ඔබගේ මුහුණ තරම් ගෙල පෙදෙස ආශ්‍රිත සම දුර්වර්ණ ස්වභාවයක් ගන්නවා නම් බෙල්ල ආශ්‍රිත සමෙහි රැකවරණය සඳහා ඔබ අනුගමනය කළයුතු පියවර 5ක්

Latest Articles

Most Viwed