දින 10කින් ඔබේ සෞඛ්‍යය සහ පෙනුම වැඩි දියුණු කරගැනීමට ඔබත් කැමතිද? ඒ සඳහා පහසු පියවර 10ක්

May 30, 2022
8,693
how to make over your health and look in 10 days
1 වන දිනය : මනස සන්සුන් කරගන්න


කාංසාව, මානසික අවපීඩනය ඔබගේ සෞඛ්‍යය තත්ත්වය පහත හෙළනවා. එමනිසා ඔබට සෞඛ්‍යය සම්පන්න වෙනසක් අවශ්‍ය නම් මුලින්ම කරන්න ඕන මනස සන්සුන් කරගැනීමයි. යෝග අභ්‍යාස, භාවනාව සහ ඇවිදීම වැනි ක්‍රියාවන් වැනි දෑ මනස සන්සුන් කිරීමට සහය වෙනවා.


2 වන දිනය : ජීවිතයට රිද්මයක් එක් කරගන්න


සංගීතයට සවන්දීම ඔබගේ සිරැරේ ආතති මට්ටම වැඩිවීමට බලපාන කෝටිසෝල් හෝමෝනයෙ බලපෑම අඩුකරන අතර ගායනය ඔබගේ සිරැරේ සතුටු හෝමෝනයක් වන ඔක්සිටෝන් මට්ටම වැඩි කරනවා. ඉතින් එයම සැලකිය යුතු වෙනසක් නේද..


3 වන දිනය : හිතකර ඉරියව්


මනා පෙනුමක් පවත්වා ගැනිමට හොඳ ඉරියව් පවත්වා ගැනීමත් ඉතා වැදගත් වෙනවා. එමනිසා සෞඛ්‍යය සම්පන්න වෙනසක් සඳහා යෝග අභ්‍යාස ඔබගේ දිවියට අනිවාර්‍යෙන් එක්කර ගන්න.


4 වන දිනය : ඔබගේ කාමරයට, නිවසට පිළිවෙල එක්කරන්න


ඔබගේ නිවස, නිදන කාමරය එසේ නැතිනම් ඔබ වැඩි වේලාවක් ගතකරන කාර්යාල කාමරය අපිළිවෙල නම් එය ඔබගේ මනසට අවුල් සහගත බවක් ගෙන එනවා. එමනිසා 4වන දිනයේදි ඔබගේ අවට පිළිවෙල කිරීමට යොමුවන්න; ඔබට අවශ්‍ය නොවන වෙනත් අයෙකුට ප්‍රයෝජනවත් වන දෑ එවන් අයකු සොයා ලබාදෙන්න. එය ඔබට විශාල මානසික තෘප්තියක්ද ගෙන එනවා.


5 වන දිනය : සුරතල් අමුත්තෙක් පවුලට එක් කරගන්න


ඔබගේ මානසික සෞඛ්‍යය ආරක්ශා කිරීමට සුරතල් සතුන් ඉතා වැදගත් කාර්‍යයක් ඉටු කරනවා. එමනිසා සුරතල් සතෙතු ඇතිදැඩි කිරීමට පෙළඹීම ඉතා හොඳ ආරම්භයක්. එය ඔබගේ මානසික ආතතිය දුරුකරලා ප්‍රබෝධමත් බවක් ලබාදීමට උපකාරි වෙනවා.


6 වන දිනය : ආහාර කෙරෙහි ඇති ආශාව අඩුකර ගන්න - ග්ලූටන් ෆ්‍රී ආහාර රටාවකට යොමුවෙන්න


තෙල් සහිත පැණිරස කෑම ඉතා රසවත් එහෙත් ඉන් ලැබෙන අහිතකර ප්‍රථිඵලත් බොහෝමයි. එමනිසා සෞඛ්‍යය වැඩිදියුණු කර ගැනීමට අවශ්‍ය නම් ගත යුතු ප්‍රධාන පියවරක් වන්නේ අධික ආහාර රුචිය පාලනය කර ගැනීමයි. විශේෂයෙන් ග්ලූටන් රහිත ආහාර වේලක් ගැනීමෙන් අත්වන ප්‍රතිලාභ අතර සිරැරේ බර පාලනය කරගත හැකි වීම, එන්ඩොමෙට්‍රියෝසිස් ඇති පුද්ගලයන්ගේ ශ්‍රෝණිය ආශ්‍රිත වේදනාව අඩුවීම සහ බඩවැලි ආශ්‍රිත ගැටළු තත්ත්වයන්ගෙන් පීඩා විඳින පුද්ගලයන්ගේ රෝග ලක්ෂණ පාලනය වැනි දෑ ප්‍රධාන වෙනවා.


7 වන දිනය : සිරැරේ වේදනා සමනයට පියවර


දිගු වේලාවක් එක් තැනක වාඩි වී සිටීමෙන් ඔබටත් පිට කොනදේ වේදනාව ඇති වනවා ඇති. එසේ නැතිනම් ව්‍යායාම් හි නිරත වීමෙන් පසුව විඩාවට පත් මාංශ පේශීන්ට සහනයක් ගෙන ඒමට අවශ්‍ය නම් foam roller භාවිතා කරන්න.


8 වන දිනය : එළිමහනේ බයිසිකලයක් පැදයන්න


බයිසිකල් පැදීම ව්‍යායාමයක් ලෙස වඩාත් වැදගත් වන්නේ දිවීම සහ ඇවිදීම යන ක්‍රමයන්ට වඩා ඔබගේ සන්ධිවලට පහසුවක් ගෙනදෙන නිසයි. පැඩලය පෑගීම ඔබගේ දෙපා වලට පමණක් නොව උදරය දක්වා ඇති මාංශ පේශීන්ට ක්‍රියාකාරිවීමට අවස්ථාව සලසා දෙනවා. ඊට අමතරව එළිමහනේ ස්වභාවික පරිසරය සමග ඒකාත්මික වීමටත් ඔබට අවස්ථාව සලසනවා. ඒ වාගේම ශාරිරික සහ මානසික ප්‍රබෝධය එමගින් ඔබට ලැබෙනවා. නමුත් සෑම විටම අනතුරු වළක්වා ගැනීමටත්, හිස් ආවරණ පැළඳීමටත් පුරුදු වීම වැදගත් වෙනවා.


9 වන දිනය : සලාද ඔබගේ ආහාර වේලට එක් කරගන්න


සලාද කොළ නැතිනම් ලෙටියුස් දැමූ සාම්ප්‍රදායික සලාද වට්ටෝරුවෙන් මිදී ඔබගේ සලාද සඳහා අබ කොළ, ගොටුකොළ, මුකුණුවැන්න හෝ වෙනත් නැවුම් ඖෂධීය ගුණයෙන් අණූන කොළ වර්ග එක්කර ගැනීමට උත්සාහ කරන්න ඔබට පුලුවන්. ඊට අමතරව තැම්බූ ධාන්‍ය වර්ග සහ පළතුරු කැබලිද ද ඔබට ඒ සඳහා එක්කර ගැනීමට පුළුවන්. එමගින් ආහාර වේලට ඔබගේ සිරැරට අත්‍යවශ්‍ය විටමින් K,A,C වැනි විටමින් වර්ගද ප්‍රතිඔක්සිකාරකද ලබාදෙනවා. ඊට අමතරව මලබද්ධය වැනි රෝගයන් ද පාලනය වෙනවා.


10 වන දිනය : පෝෂණය පිළිබඳව නිවැරදි තෝරා ගැනීම් සිදුකරන්න


හෘදය, මොළය සහ සමස්ථ සිරැරේම ක්‍රියාකාරිත්වයට වැදගත් වෙන පරිදි සෞඛ්‍ය සම්පන්න ආහාර තෝරාගැනීම් ඉතා වැදගත් වෙනවා. පලතුරු සහ එළවළු, පූර්න ධාන්‍ය, සෞඛ්‍ය සම්පන්න මේදය, ශාක ප්‍රෝටීන්, මේදය රහිත මස් වර්ග ආදිය ආහාර වේල් සඳහා එක්කරගැනීම කල යුතු වෙනවා. විශේෂයෙන් අධික මේදය, සීනි, ලුණු සහිත ආහාර වර්ග වෙනුවට හිතකර ආහාර වර්ග ආදේශ කිරීමට පුළුවන්.

පිරිපහදු කල පිටි ආශ්‍රිත ආහාර වෙනුවට දුඹුරු සහල්, සම්පූර්ණ තිරිඟු හෝ සෝයා බෝංචි ආශ්‍රිත නිශ්පාදන සහ බටර් වෙනුවට හිතකර මේදය අඩංගු ඔලිව් තෙල් ආදේශ කිරීම.

මස් අඩුවෙන් සහ මාලු වැඩියෙන් ආහාර වේලට එක්කර ගන්න. ඒ වගේම රතු පැහැති මස් වර්ග වෙනුවට කුකුල් මස් සහ පරිප්පු වැනි දෑ තොරාගන්න.

පහසුවෙන් විවිධ ආපන ශාලා වලින් ආහාර වර්ග ඇණවුම් කිරීමත්, කෙටි ආහාර සහ ක්ෂණික ආහාරත් වෙනුවට නැවුම් එළවලු පළතුරු අඩංගු නිවසේ සකසන ආහාර වේල් සෑමවිටම නිවැරදි තෝරාගැනීමක් වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   57,058
   71

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
5 benefits of mahaduru
   11,780
   28

මහදුරු වල ගුණ 5ක්

මහදුරු කුළුබඩුවක් විදිහට එදිනෙදා ආහාරයට ගත්තත් අපි මෙයින් ලැබෙන ප්‍රයෝජන ගැන එතරම් හිතලා නෑ
10 remedies for dry skin
   28,274
   27

වියලි සමට ස්වාභාවික ප්‍රතිකාර 10ක්

හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට කියලා දෙනවා වෛද්‍ය ප්‍රතිකාර වලටත්, විවිධ රූපලාවන්‍ය ආලේපන කිරීමටත් වඩා පහසුවෙන් ඔබට නිවසේදීම සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද වියලි සමට ප්‍රතිකාර කරන්නේ කියලා..
Changes in your body if you consume cod-liver oil daily
   98,421
   26

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
Food to regulate your menstrual circle
   48,130
   25

ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. මෙම ගැටලුවට ආහාර මගින් කලහැකි පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්න

Latest Articles

Most Viwed