පිරුණු පියයුරු ඇති හැඩකාර ඔබට සුදුසුම බ්‍රෙසියර් වර්ග 6ක්

July 6, 2022
10,929
best bras for women with full bust
අපි දන්නවා කාන්තා අපිට හරියට ගැලපෙන බ්‍රා එකක් මිලදී ගන්නවා කියන එක චැලෙන්ජ් එකක්. එමෙන්ම එය කාන්තා අපගේ කාර්‍යබහුල ජිවිතයට වඩාත් පහසු සහ සිරැරේ හැඩයට ගැලපෙන බ්‍රෙසියරයක් විය යුතු වෙනවා. නමුත් ඔබ දන්නවාද කාන්තාවන් දෙදෙනෙකුගේ සිරැරේ හැඩය එක හා සමාන නොවන බව.. එමනිසා ඔබගේ හොඳම මිතුරියට ගැලපෙන බ්‍රෙසියර වර්ගය කිසිසේත් ඔබට ගැලපීමට නොහැකි වන්න පුළුවන්. එමනිසා ඔබගේ සිරැරේ හැඩයට ගැලපෙන සහ ඔබට සුවපහසුවක් ගෙන දෙන බ්‍රෙසියර වර්ගය තෝරාගැනිමට ඔබ දැනගෙන සිටීම වැදගත් වෙනවා..

අද හැඩකාරි අපි කියන්න හිතුවේ පිරුණු පියයුරු ඇති නැතිනම් ෆුල් බස්ට් එකක් තියෙන රුවැත්තියන්ට තෝරගන්න පුලුවන් බ්‍රෙසියර් වර්ග 6 ක් ගැනයි..

1. Full Coverage Bras


ඔබ කාර්‍යබහුල ජීවන රටාවක් ගත කරන කාන්තාවක් නම් අපහසුතා ගෙන එන බ්‍රෙසියරයක් වෙනුවට සම්පූර්ණයෙන්ම පියවුරු ආවරණය වන බ්‍රෙසි‍යර ඔබට වඩාත් සුදුසු වෙනවා..

2. Underwire Bras


ප්‍රමාණයෙන් විශාල සහ පූර්ණ පියවුරු යුගලක් තිබෙන ඔබට වඩාත් පහසු බ්‍රෙසියර් වර්ගය මෙයයි. එහි පියවුර එල්ලා වැටීම පාලනය කිරිමට යටින් කම්බියක් දමා ඇති අතර පැඩඩ් කර නොමැති නිසා පියයුරු වල විශාල බව ආවරණය වීමත් සිදුකරනවා. අපහසුවකින් තොරව සුවපහසුවෙන් දවස ගත කිරීමට Underwire Bras හොඳ තෝරා ගැනීමක්.

3. Push Up Bras


කුඩා සිරැරක් හිමි කාන්තාවන්ට වඩා සිරැර තරබාරු කාන්තාවන් පියයුරු එල්ලා වැටීමේ ගැටළුවට මුහුණ දෙනවා. එයට විසඳුමක් ලෙස ඔබට Push Up බ්‍රෙසියර් තෝරා ගන්න පුලුවන්. ඒවා මගින් පියයුරු ඉහළට ඔසවා තබන ආකාරයට පැඩඩ් දමා සකස් කර තිබෙන අතර යටින් කම්බියක් දමා වඩාත් තදට සිරැරට රැදෙන ලෙසට සකස්කර තිබෙනවා. පියයුරු එල්ලා වැටීමෙන් තොරව වඩාත් සුවපහසුවක් අපේක්ශා කරනවා නම් ඔබට Push Up Bras තෝරා ගැනීමට ඔබට පුළුවන්.

4. Balconette Bra


ඇතැම් කාන්තාවන් සිරැ‍රින් කුඩා වුවත් පියයුරු ප්‍රමාණයෙන් විශාල නිසා තමාට ගැලපෙන සුවපහසු බ්‍රෙසියරය තෝරා ගැනීම සම්බන්ධයෙන් ගැටළුකාරි තත්ත්වයන්ට මුහුණ දෙනවා. එසේ නම් එවැනි කාන්තාවන්ට ගැලපෙන්නේ Balconette බ්‍රෙසියර‍යයි. එය පියයුරෙන් 3/4ක් පමණ ආවරණය කරනවා. එමෙන්ම පියයුරට, වඩා හොඳ ආවරණයක් සහ ආධාරකයක් සපයන අතර එහි පටි මගින් හොඳින් රඳවා ගැනීම සිදුකරනවා. ඒ වගේම වඩා හොඳ පෙනුමක්ද ලබාදෙනවා.

5. Contour Bras


නිතර ටී ෂර්ට් සහ ෂර්ට් අඳින කාන්තාවන්ට Contour Bras සුදුසුම බ්‍රෙසියර් වර්ගයක්. එමගින් හොඳ පෙනුමක් සහ පියයුරේ හැඩය අස්වාභාවික නොවන ආකාරයට ස්වභාවික පෙනුමක් ලබාදෙනවා. ඒවාගේම ටී ෂර්ටයට යටින් බ්‍රෙසියරයේ මැහුම් පටි ආදිය පිටතට දර්ශනය වන්නේ ද නැහැ.

6. Minimizer Bras


පියයුරේ ප්‍රමාණය අඟල් 1-2 ක් පමණ අඩුකර පෙන්වන මෙම Minimizer Bras මගින් පියයුර සම්පූර්ණයෙන් ම ආවරණය වෙනවා. ඉතාමත් තරබාරු සිරැරකින් යුතු කාන්තාවන් සඳහා ඉතා සුදුසු වෙනවා.

අප ඔබට ඉදිරිපත් කලේ වෙළඳපොලේ ඇති වඩාත් ජනප්‍රිය බ්‍රෙසියර් විලාසිතා 6ක්. ඔබගේ පියයුරේ හැඩය ආරක්ෂා වන සහ සුවපහසුව රැකදෙන ආකාරයේ බ්‍රෙසිය‍රයක් තෝරා ගැනීම මගින් කාන්තා ඔබට කාර්‍යබහුල ජීවිතයේ ඉදිරියට යාමට අවශ්‍ය ආත්ම විශ්වාසයද ලබාදෙනවා.

ඉතින් හැඩකාරි ඔබත් මෙතරම් දිනක් තෝරාගෙන තිබෙන්නේ ඔබට සුදුසුම බ්‍රෙසියරයද?

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,249
   23

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
chore lists for kids
   70,997
   22

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Kaju Dosi Recipe
   178,983
   21

කජු දෝසි - Recipe

Video
How to get vitamin E for healthy skin and hair
   71,416
   20

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව

Latest Articles

Most Viwed