පිරුණු පියයුරු ඇති හැඩකාර ඔබට සුදුසුම බ්‍රෙසියර් වර්ග 6ක්

July 6, 2022
2,599
best bras for women with full bust
අපි දන්නවා කාන්තා අපිට හරියට ගැලපෙන බ්‍රා එකක් මිලදී ගන්නවා කියන එක චැලෙන්ජ් එකක්. එමෙන්ම එය කාන්තා අපගේ කාර්‍යබහුල ජිවිතයට වඩාත් පහසු සහ සිරැරේ හැඩයට ගැලපෙන බ්‍රෙසියරයක් විය යුතු වෙනවා. නමුත් ඔබ දන්නවාද කාන්තාවන් දෙදෙනෙකුගේ සිරැරේ හැඩය එක හා සමාන නොවන බව.. එමනිසා ඔබගේ හොඳම මිතුරියට ගැලපෙන බ්‍රෙසියර වර්ගය කිසිසේත් ඔබට ගැලපීමට නොහැකි වන්න පුළුවන්. එමනිසා ඔබගේ සිරැරේ හැඩයට ගැලපෙන සහ ඔබට සුවපහසුවක් ගෙන දෙන බ්‍රෙසියර වර්ගය තෝරාගැනිමට ඔබ දැනගෙන සිටීම වැදගත් වෙනවා..

අද හැඩකාරි අපි කියන්න හිතුවේ පිරුණු පියයුරු ඇති නැතිනම් ෆුල් බස්ට් එකක් තියෙන රුවැත්තියන්ට තෝරගන්න පුලුවන් බ්‍රෙසියර් වර්ග 6 ක් ගැනයි..

1. Full Coverage Bras


ඔබ කාර්‍යබහුල ජීවන රටාවක් ගත කරන කාන්තාවක් නම් අපහසුතා ගෙන එන බ්‍රෙසියරයක් වෙනුවට සම්පූර්ණයෙන්ම පියවුරු ආවරණය වන බ්‍රෙසි‍යර ඔබට වඩාත් සුදුසු වෙනවා..

2. Underwire Bras


ප්‍රමාණයෙන් විශාල සහ පූර්ණ පියවුරු යුගලක් තිබෙන ඔබට වඩාත් පහසු බ්‍රෙසියර් වර්ගය මෙයයි. එහි පියවුර එල්ලා වැටීම පාලනය කිරිමට යටින් කම්බියක් දමා ඇති අතර පැඩඩ් කර නොමැති නිසා පියයුරු වල විශාල බව ආවරණය වීමත් සිදුකරනවා. අපහසුවකින් තොරව සුවපහසුවෙන් දවස ගත කිරීමට Underwire Bras හොඳ තෝරා ගැනීමක්.

3. Push Up Bras


කුඩා සිරැරක් හිමි කාන්තාවන්ට වඩා සිරැර තරබාරු කාන්තාවන් පියයුරු එල්ලා වැටීමේ ගැටළුවට මුහුණ දෙනවා. එයට විසඳුමක් ලෙස ඔබට Push Up බ්‍රෙසියර් තෝරා ගන්න පුලුවන්. ඒවා මගින් පියයුරු ඉහළට ඔසවා තබන ආකාරයට පැඩඩ් දමා සකස් කර තිබෙන අතර යටින් කම්බියක් දමා වඩාත් තදට සිරැරට රැදෙන ලෙසට සකස්කර තිබෙනවා. පියයුරු එල්ලා වැටීමෙන් තොරව වඩාත් සුවපහසුවක් අපේක්ශා කරනවා නම් ඔබට Push Up Bras තෝරා ගැනීමට ඔබට පුළුවන්.

4. Balconette Bra


ඇතැම් කාන්තාවන් සිරැ‍රින් කුඩා වුවත් පියයුරු ප්‍රමාණයෙන් විශාල නිසා තමාට ගැලපෙන සුවපහසු බ්‍රෙසියරය තෝරා ගැනීම සම්බන්ධයෙන් ගැටළුකාරි තත්ත්වයන්ට මුහුණ දෙනවා. එසේ නම් එවැනි කාන්තාවන්ට ගැලපෙන්නේ Balconette බ්‍රෙසියර‍යයි. එය පියයුරෙන් 3/4ක් පමණ ආවරණය කරනවා. එමෙන්ම පියයුරට, වඩා හොඳ ආවරණයක් සහ ආධාරකයක් සපයන අතර එහි පටි මගින් හොඳින් රඳවා ගැනීම සිදුකරනවා. ඒ වගේම වඩා හොඳ පෙනුමක්ද ලබාදෙනවා.

5. Contour Bras


නිතර ටී ෂර්ට් සහ ෂර්ට් අඳින කාන්තාවන්ට Contour Bras සුදුසුම බ්‍රෙසියර් වර්ගයක්. එමගින් හොඳ පෙනුමක් සහ පියයුරේ හැඩය අස්වාභාවික නොවන ආකාරයට ස්වභාවික පෙනුමක් ලබාදෙනවා. ඒවාගේම ටී ෂර්ටයට යටින් බ්‍රෙසියරයේ මැහුම් පටි ආදිය පිටතට දර්ශනය වන්නේ ද නැහැ.

6. Minimizer Bras


පියයුරේ ප්‍රමාණය අඟල් 1-2 ක් පමණ අඩුකර පෙන්වන මෙම Minimizer Bras මගින් පියයුර සම්පූර්ණයෙන් ම ආවරණය වෙනවා. ඉතාමත් තරබාරු සිරැරකින් යුතු කාන්තාවන් සඳහා ඉතා සුදුසු වෙනවා.

අප ඔබට ඉදිරිපත් කලේ වෙළඳපොලේ ඇති වඩාත් ජනප්‍රිය බ්‍රෙසියර් විලාසිතා 6ක්. ඔබගේ පියයුරේ හැඩය ආරක්ෂා වන සහ සුවපහසුව රැකදෙන ආකාරයේ බ්‍රෙසිය‍රයක් තෝරා ගැනීම මගින් කාන්තා ඔබට කාර්‍යබහුල ජීවිතයේ ඉදිරියට යාමට අවශ්‍ය ආත්ම විශ්වාසයද ලබාදෙනවා.

ඉතින් හැඩකාරි ඔබත් මෙතරම් දිනක් තෝරාගෙන තිබෙන්නේ ඔබට සුදුසුම බ්‍රෙසියරයද?

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Dress patterns for flower prints
   52,254
   22

මල් ගවුම් අඳින්න කැමති රුවැත්තියන්ට ගවුම් පැට්න්

විශේෂයෙන් මේ කාලෙට මල් ප්‍රින්ට් එක තියෙන රෙද්දෙන් නිමැවුනු ගවුම් අඳින්න ගැහැනු අපි ලොකු කැමැත්තක් දක්වනවා. ඉතින් මේ ගවුම් මෝස්තර ටික බලන්න ඔයා කැමති පැට්න් තියෙනවද කියලා
Changes in your body if you consume cod-liver oil daily
   83,600
   16

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
5 skin care tips for your neck
   10,576
   16

ඔබත් බෙල්ලේ සම අඳුරු වීම නිසා කණස්සල්ලෙන්ද? එසේ නම් මේ පියවර 5 අනුගමනය කර බලන්න

ඔබගේ මුහුණ තරම් ගෙල පෙදෙස ආශ්‍රිත සම දුර්වර්ණ ස්වභාවයක් ගන්නවා නම් බෙල්ල ආශ්‍රිත සමෙහි රැකවරණය සඳහා ඔබ අනුගමනය කළයුතු පියවර 5ක්
Milk Toffee Recipe
   112,563
   16

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු

Latest Articles

Most Viwed