විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

July 8, 2022
52,506
How to get vitamin E for healthy skin and hair
කාන්තා ඔබ සෑමවිටම වියළි සමක් සහ දුර්වල හිස් කළඹක් හේතුවෙන් පීඩා විදිනවා. ඇත්තටම ඔබ දන්නවාද මේ සියල්ල සඳහා බොහෝ දුරට හේතු වන්නේ ඔබට ප්‍රමාණවත් පෝෂණයක් නොලැබීම බව. නීරෝගි ශාරිරික සහ මානසික සෞඛ්‍යය තත්ත්වයක් පවත්වාගැනීමට මූලිකවම වැදගත් වෙන්නේ විටමින් සහ ඛනිජ ලවණ වලින් පොහොසත් ආහාර වේලක් දිනපතා ලබාගැනීමයි.

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව..

ඔබගේ සමට විටමින් E මගින් ලැබෙන ප්‍රතිලාභ


සූර්‍යාගේ අහිතකර UV කිරණවල බලපෑමෙන් සමට වන හානිය අවම කිරීම
එහි ඇති ප්‍රතිඔක්සිකාරක ගුණාංග මගින් සමට පෝෂණය ලබාදීම
ඔබගේ වියළි අඳුරු සමට තෙතමනය ලබාදීම
සමෙහි වැදගත් අංගයක් වන කොලජන් ආරක්ෂා කිරීම
විටමින් E , විටමින් C සහ රෙටිනෝල් වැනි ප්‍රතිඔක්සිකාරක සමග සම්බන්ධ වීමෙන් ඇස් වටා සම අඳුරු වීම පාලනය කරනවා.
කුරුලෑ ඇතිවීම පාලනය කරනවා

ඔබගේ කෙස් කළඹ සඳහා විටමින් E මගින් ලැබෙන ප්‍රතිලාභ

හිසකෙස් වර්ධනයට අවශ්‍ය පෝෂණය ලබාදීම
හිසකෙස් වියළි වීම පාලනය කිරීම

ඔබගේ සිරැරේ විටමින් E ඌනතාවයක් ඇතිවීමෙන් ඔබට එල්ලවිය හැකි බලපෑම

සිරැරේ සෛල දුර්වල වීම සහ බිඳවැටීම
සිරැරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම
දෘෂ්ටි විතානය ආශ්‍රිත ගැටළු
මාංශ පේශී කැක්කුම් සහ දුර්වල වීම
සිරැරේ සමබරතාවය පිළිබඳව ගැටළු ඇතිවීම

සිරැරට ප්‍රමාණවත් පරිදි විටමින් E ලබාගත හැකි ආකාර


බීජ, ඇට වර්ග ආහාරයට ගැනිම. විශේෂයෙන් ආමන්ඩ්, රටකජු, වට්ටක්කා ඇට ආදියේ විටමින් E බහුලව අඩංගු වෙනවා.
ගස්ලබු, අලිගැටපේර, අඹ වැනි පළතුරු
රතු බෙල් පෙපර්, වට්ටක්කා, නිවිති, බීට්රූට්, බ්‍රොකලි කොල වැනි එළවලු
සෝයා තෙල්, සූරියකාන්ත තෙල් වැනි තෙල් වර්ග

හැඩකාරි අපගේ විශේෂ උපදෙස් : ඔබගේ දෛනික විටමින් E අවශ්‍යතාවය ස්ත්‍රී පුරුෂ භාවය, වයස , ගර්භනීභාවය සහ මවුකිරි ලබාදීම ආදි සාධකයන් සමග වෙනස් වෙනවා. විශේෂයෙන් ඔබ විටමින් E අතිරේකයන් ලබාගැනීමට සැලසුම් කරනවා නම් සහ ඔබට කොපමණ විටමින් E ප්‍රමාණයක් ලබාගැනීම සුදුසුද යන්න සම්බන්ධයෙන් ඔබගේ වෛද්‍යවරයාගේ උපදෙස් ලබාගැනීම වඩාත් සුදුසු බවත් ඔබ මතක තබාගැනීම වැදගත් වෙනවා..

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   57,058
   71

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
5 benefits of mahaduru
   11,783
   30

මහදුරු වල ගුණ 5ක්

මහදුරු කුළුබඩුවක් විදිහට එදිනෙදා ආහාරයට ගත්තත් අපි මෙයින් ලැබෙන ප්‍රයෝජන ගැන එතරම් හිතලා නෑ
10 remedies for dry skin
   28,277
   28

වියලි සමට ස්වාභාවික ප්‍රතිකාර 10ක්

හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට කියලා දෙනවා වෛද්‍ය ප්‍රතිකාර වලටත්, විවිධ රූපලාවන්‍ය ආලේපන කිරීමටත් වඩා පහසුවෙන් ඔබට නිවසේදීම සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද වියලි සමට ප්‍රතිකාර කරන්නේ කියලා..
Changes in your body if you consume cod-liver oil daily
   98,421
   26

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
Food to regulate your menstrual circle
   48,130
   25

ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. මෙම ගැටලුවට ආහාර මගින් කලහැකි පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්න

Latest Articles

Most Viwed