ඔබත් ඉක්මණින් වෙහෙසට පත්වෙනවද.. මේ ක්‍රම ටික අත්හදා බලන්න

November 11, 2022
6,110
fast and effective ways to avoid getting tired
දෛනිකව අප නොයෙකුත් රාජකාරීන් හි නිරත වන අතර ඒ හේතුවෙන් බොහෝ විට අප ඉක්මණින් වෙහෙසට පත්වෙනවා. විශේෂයෙන් දිවා කාලයේදි නිරන්තරව වෙහෙසට පත්වීම ඔබට ශාරිරිකවත් මානසිකවත් බොහෝ පීඩාවන් එල්ල කරනු ලබනවා.

ඒත් ඔයා ඉක්මනින් වෙහෙසට පත්වෙනවා නම් මේ ක්‍රම ටික අත්හදා බලන්න. එකට ඕනෙ ඔයාගෙ උනන්දුව විතරයි.

1. ජලය පානය කිරීම


ශරීරය විජලනය වීම හේතුවෙන් ඔබ ඉක්මනින් විඩාවට පත්වන අතර ඔබගේ ශරීරයේ සෛල සහ ස්නායුවල නිසි ක්‍රියාකාරීත්වය සඳහා ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම වැදගත් වනවා.

නමුත් ඔබ ප්‍රමාණවත් පරිදි දියර වර්ග නොගැනීම හේතුවෙන් ඔබගේ සිරැරේ ශක්ති මට්ටම් පහළ යන අතර ශරීරය විජලනය වී රුධිරය ඝන වන අතර හදවත වේගවත්ව ක්‍රියා කරනවා.

එමනිසා දිනක් තුළ ඔබ පානය කල යුතු ජලය ප්‍රමාණය සහ වෙනත් සෞඛ්‍යයට හිතකර පානයන් ලබාගැනීම පිළිබඳව සැලකිලිමත් වන්න..


2. උදෑසන ආහාරය දවසේ වැදගත්ම ආහාර වේලයි


දිනය පුරාවටම අඛණ්ඩව ශක්තිය ලබාගැනීමටත් ආහාර ජීර්ණ වීමේ වේගය ක්‍රමාණුකූලව පවත්වා ගැනීමටත් උදෑසන ආහාරය ඉතා වැදගත් වනවා. ඔබ ඔබේ උදෑසන ආහාරය බොහෝ වේලාවක් මඟ හැරියහොත් හෝ ප්‍රමාද කළහොත් දිවා කාලයේදී ඉක්මනින් ඔබගේ ශක්තිය අඩුවන අතර ඉක්මණින් වෙහෙසට පත්විය හැකියි.

උදෑසන ආහාරය ඉතා මිළ අධික ආහාරයක් වීම අත්‍යවශ්‍ය නොවන අතර පෝෂ්‍යදායි ආහාරයක් වීම ප්‍රමාණවත් වනවා. කඩල, කව්පි, මුං ඇට, ඕට්ස් වැනි පූර්ණ ධාන්‍ය වර්ග, ග්‍රීක යෝගට්, පළතුරු සහ ඇටවර්ග වැනි දෑ ඔබට උදෑසන ආහාරයට පහසුවෙන් එක්කරගත හැකියි. එමනිසා දවස පුරා ප්‍රබෝධමත්ව සිටීමට නම් උදෑසන ආහාරය මග නොහැර සිටීමට පුරුදු වීම වැදගත් වනවා.

3. ව්‍යායාම් හි නිරත වන්න


ව්‍යායාම් ඔබගේ ශාරීරික සහ මානසික සෞඛ්‍ය කෙරෙහි එකසේ වැදගත් වන අතර ඇවිදීම, දිවීම, යෝග අභ්‍යාසයන් හි නිරත වීම වැනි ව්‍යායාම් හි නිරත වීම ඔබට දිනය පුරා ප්‍රබෝධමත්ව සිටීමට එකසේ වැදගත් වනවා. විශේෂයෙන් ව්‍යායාම් මගින් ඔබගේ සිරැරේ ආතති හෝමෝන මට්ටම පහළ දමන අතර සතුටු හෝමෝන මට්ටම ඉහළ නංවනවා. එමගින් ඔබගේ සිරැරේ ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කරන අතර මනසේ ක්‍රියාකාරීත්වය ඉහළ නංවනවා. එමෙන්ම දෛනිකව ව්‍යායාම් හි නිරතවන පුද්ගලයන්ට ඉක්මනින් තෙහෙට්ටුව පරාද කිරීමටද හැකියාව ලැබෙනවා.

4. විවේකය ලබාගන්න


සෑම පුද්ගලයකුටම නින්ද සහ විවේකය ඉතාමත වැදගත් වුවත් එය මගහැර සිටීමට බොහෝ හේතූන් අපගේ දෛනික කටයුතු අතර පවතිනවා. නමුත් යහපත් ශාරිරික සහ මානසික සෞඛ්‍යාය තත්ත්වයක් පවත්වාගැනීමට නම් නින්ද ඉතා අත්‍යවශ්‍ය සාධකයකි. හෘද රෝග, අධි රුධිර පීඩන, දියවැඩියා සහ තරබාරුව වැනි ‍රෝගයන් සහ මානසික අවපීඩන තත්ත්වයන් පාලනය සඳහා සෑම රාත්‍රියකම පැය 7 ත් 8 අතර කාලයක් නින්ද අත්‍යවශ්‍ය වනවා. එමනිසා ඔබට සුව නින්දක් ළඟාකර ගැනීමට ඝෝෂාවෙන්, බාධා කිරීම්වලින් තොර පරිසරයක් සකස් කරගැනීමට ඔබ උත්සාහ කළ යුතුයි.

5. සංගීතයට සවන් දෙන්න


සවස් කාලය වන විට සිරැරට දැනෙන අධික වෙහෙස මගහරවා ගැනිමට සංගීතය කදිම ඔසුවක්. විශේෂයෙන් එය නොයෙකුත් කටයුතු හේතුවෙන් ආතතියට පත්ව සිටින ඔබගේ මනසට සහනයක් ගෙන දෙන අතර සිතට සහ ගතට ප්‍රබෝධයක් ගෙන දෙනවා. එමනිසා ඔබ ප්‍රිය කරන සංගීත ඛන්ඩ හෝ ගීත කිහිපයක් සෑම විටම ඔබ සමීපයේ තබාගන්න. වෙහෙස දැනෙන විටම එයට සවන් දෙන්න. ඔබට ක්ෂණික උත්තේජනයක් ඉන් ළඟා කරගත හැකිවනවා නොඅනුමානයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,256
   24

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
chore lists for kids
   71,007
   23

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Kaju Dosi Recipe
   178,989
   21

කජු දෝසි - Recipe

Video
5 signs that a couple needs counselling
   9,915
   20

ඔබ දෙදෙනාට විවාහ උපදේශනය අවශ්‍ය වෙන්න පුළුවන් ලකුණු 5 ක්

මෑතක් වෙනකල්ම ජාඩියට මූඩිය වගේ බැඳිලා ජීවත් වුණු ඔබේ විවාහය දැන් තෙල් හා ජලය වගේ එකට එකතු වෙන්නේ නැති සංයෝග දෙකක් බවට පත් වෙලා වගේ ඔබට පෙනෙනවද? ඔබත් අපි කියන මේ කරුණු 5 අත්විඳිනවාද බලන්න...

Latest Articles

Most Viwed