බොහොමයක් කාන්තාවන් කාර්යබහුලයි. රුකියාවල නියුතු වෙනවා. රුකියාවට ගියා කියලා කෑම අමතක කරන්න බෑනේ. කාර්යබහුලයි කියලා කෑම හදන්නෙ නැතිව ඉන්න බෑනේ. බොහොම දෙනෙක් රුකියාවට යන්නේ උදේ පාන්දර නැගිටලා කෑම උයලා ඒ කෑම අරගෙන. සැමියාට, පාසල් යන දූ පුතුන්ට කෑම පිලියෙළ කරලා දෙන එකත් ගෘහණියකගේ වගකීම. මේ විදියට කෑම හදන්න නම් උදේ පාන්දරම අවදි වෙන්න ඕන. පැයක දෙකක පමණ කාලයක් මුළුතැන්ගෙයි රුදිලා ඉන්න වෙනවා. ඔය කාලය විනාඩි හතලිස් පහකට පැය භාගයකට විතර අඩු කරගත්තොත් කොහොමද? කාලය තමයි වැදගත්ම දේ. ඉතිරි කරගත යුතුම දේ. පොඩි විවේකයක් අරගෙන ලස්සනට ලෑස්ති වෙලා රුකියාවට යන්න පුළුවන්.
කලින් තීරණය කරන්න
උදේට උයන්නේ මොනවද කියලා කලින් දවසේ රාත්‍රියට තීරණය කරන්න. උදේට බැරියැ කියලා හිතුවොත් උදේ පාන්දර නැගිටලා උයන දේවල් ගැන කල්පනා කරන්න ගිහින් කාලය නාස්ති කරගන්න වෙනවා.
එක පාර සෝදන්න
පිහිය, හැදි, බෝල්, කෝප්ප, වළං, හිරමණය ආදී උයන්න ඕන කරන භාජන ටික එක පාර සෝදන්න. ඒවගේම උයන්න ලෑස්ති කරගත්ත එළවළු, පලා ආදියත් එකවර සෝදගන්න. ඒවා අතට අසුවන තරමේ දුරකින් තබා ගන්න.
එකවර කපන්න
කෑම පිසින විට ගන්නා රසකාරක ඒ කියන්නේ ලූණු, කරපිංචා, අමු මිරිස්, සුදු ළූණු ආදිය එක පාර සෝදා කපා කොටා සූදානම් කරගන්න. ව්‍යංජන ගණනට අවශ්‍ය ප්‍රමාණය ගැන ඔබට දැනුමක් ඇති.
අත ළගින් තබා ගන්න
මුළුතැන්ගෙය පිළිවෙලට තබා ගන්න කවුරැත් ආසයි. උයන්න පිහන්න වුණත් පිරියක් ඇති වෙන්නේ එතකොට. ඒත් උදේ පාන්දර උයන්න තියෙනවා නම් පිළිවෙල ගැන ටිකක් අමතක කරන්න වෙනවා. උයන්න ඕන කරන වළං, හැදි, කිරි පෙරනය, කෝප්ප වගේ දේවල් එක තැනක තබන්න. පෙරදා රාත්‍රියට කුස්සිය අස්පස් කරන වෙලාවටම මේ ටික එක තැනකින් තියන්න පුළුවන්. උදේට නැගිටලා අර ව්‍යංජනය හදන්න වළද මේ කෑම හදන්න ඕන වළද හොය හොයා කාලය නාස්ති කරගන්න ඕන නෑ.
ලේබල් කරලා තියන්න
මුළුතැන්ගෙයි අලංකාරය ගැන හිතන කාන්තාවන් බොහෝ දෙනා විසිතුරැ භාජන භාවිත කරනවා. මිරිස් තුනපහ වගේ දේවල් දාන්න ගන්නේ එකම පැහැයක් ඇති බෝතල්. ඒත් කාර්යබහුල ගෘහනියට මේක කරදරයක්. පාවිච්චි කරන විට මිරිස් වෙනුවට තුනපහ දාන්නත් බැරි නෑ. ඕන කරන දේ හොයාගන්න මූඩි ඇර ඇර බලන්නත් වෙනවා. ඒ නිසා එකම පාටක බෝතල් ගන්නවා නම් ඒ බෝතල් ලේබල් කරලා තියන්න. එවිට ලේබලය බලලා ඕන දේ හොයාගන්න පුළුවන්. එහෙමත් නැත්නම් විවිධ පාට බෝතල් භාවිත කරන්න. එවිට පාට අනුව ඔබට ඕනෑ දේ හොයාගන්න පුළුවන්.
වැඩ පහසු කරන උපකරණ
කැරට් සුද්ද කරන්න, අල වර්ග ගාන, ඒ වගේම එක එක හැඩයට එළවළු කපන උපකරණ පවා ඕන තරම් තියෙනවා. ඒ වගේම වැඩ පහසු කරන මුළුතැන්ගෙයි උපකරණ බොහොමයක් වෙළද පොළේ තියෙනවා. මේ උපකරණ භාවිත කිරීමෙන් වැඩ පහසු කරගන්න වගේම කාලය ඉතිරි කරගන්නත් පුළුවන්.
අස් කරන්න
එළවළු සුද්ද කරන වෙලාවටම ලෙලි ආදිය කුණු කූඩයට දමන්න. පොල් මිරිකලා පොල් කුඩු ටිකත් ඒ වෙලාවම කුණු කූඩයට දමන්න. එක එක තැන දාන්න එපා. වෙනම කාලයක් ගත වෙන්න පුළුවන්. ඒ වගේම උයලා ඉවර වුණාට පස්සේ සෝදන්න ඕන භාජන සියල්ල එකවර සෝදන්න. වතුරත් පිරිමැහෙනවා. කාලයත් ඉතිරි වෙනවා.