පිරිමි හැමෝම මෙහෙම තමයි - I කොටස

April 18, 2017
20,248
All men are same - part 1
පිරිමි එක්ක සතුටින් ජීවිතය ගත කරන්න අපි කව්රුත් කැමතියි නේ. පුංචි කාලේ ඉඳලම ඕනේ ගැණු ළමයෙක් හීන මවන්නේ ලස්සන කොල්ලෙක් කසාද බැඳලා, ලොකුවට වෙඩින් එකක් අරගෙන ජිවිත කාළෙම හරිම සතුටින් ආදරයෙන් ගත කරන්න. හැබැයි එකට එකතු වෙලා ගත කරන ජීවිතය අපි හිතනවට වඩා අමාරුයි. ඔබ පෙම්වතියක්, බිරිඳක් නම් මේ අත්දැකීම හොඳටම අත් විඳිනවා ඇතිනේ. ඉතින් අපි පිරිමි එක්ක සතුටින් ඉන්න මොකද කරන්න ඕනේ? ඒ අයව තේරුම් අරගෙන අපේ කටයුතු, අදහස් ගලපගත්තා නම් වැඩේ ලේසි වෙනවා. මේ ටික කියවලා බලන්නකෝ.

01. කවදාවත් ඔහුගේ internet seach hostory එක check කරන්න යන්න එපා. මොකද ඔහු හොයපු, බලපු හැමදේම ගැන දැනගත්තහම ඇයි ඔබ ඒ දේවල් දැනගත්තේ කියලා අනිවාර්යයෙන්ම පසුතැවේවි. මොකටද එහෙම කරගන්නේ නේද?

02. ඔහුව හිතා මතා වෙනස් කරන්න යන්න එපා. ඔහුගේ සැබෑ ස්වරුපයට, විදිහට ආදරය කරන්න. ඒකම ඔබටත් පොදුයිනේ. අපිව උනත් උවමනාවට වඩා නීති දාලා හසුරවන්න යනකොට අපි අකමැතියිනේ.

03. පිරිමින්ගේ හිත එක තැන තියෙන්නේ නෑ. ඔබත් එක්ක ගමනක් ගියත්, වෙන ගෑණු දිහාවට ඇහැ දායි. එක ලොකුවට මායිම් කරන්න යන්න එපා.

04. ඔහුගේ යාලුවන්ට ඔබට වඩා තැනක් දෙන්නත් පුළුවන් සමහර වෙලාවට. ඒක වැඩිය හිතට ගන්න එපා. කොහොමත් පිරිමින් මිත්‍ර සම්බන්ධතා අපිට වඩා හොඳින් රැක ගන්නවානේ.

05. ඔහුගේ හිතට වදම දෙන දෙයක් මේක. කවමදාකවත් ඔබ ඔහුත් එක්ක ඔහුගේ මව විවේචනය කරන්න යන්න එපා.

06. අතීතයේදී ඔහුගෙන් යම් වැරද්දක් වුනානම්, ඒක නැවත නැවත මතක් කරන්න යන්න එපා. ඒ වෙනුවෙන් ඔහුට අවශ්‍ය උපදෙස් දීලා, ඒක එතැනින්ම අමතක කරලා දාන්න.

07. ඔහුට ඕනේ ඔබේ ජිවිතයේ ඉන්න එකම පිරිමියා වෙන්න. ඒක නිසා ඔබේ පිරිමි යාළුවන් ප්‍රමාණය හැකි තරම් අඩු කරන්න.

08. ඔහු අතින් අතීතයේදී යම් වරදක් වුනා නම් ඒ ගැනම හිත හිතා ඔහුට හැම වෙලේම දොස් පවරන්න එපා.

09. ඔබට ඔහුගෙන් උදව් අවශ්‍යයි කියන හැඟීමට ඔහු ගොඩාක් කැමැතියි. කුස්සියේ වැඩකදී වුනත් ඔහුගෙන් උදව්වක් ගන්න. දන්නේ නැති දෙයක් ගැන ඉස්සෙල්ලම ඔහුගෙන් අහන්න.

10. ශරීරයේ බර පාලනය කරගන්න මහන්සි වෙන්න. සිහින් සිරුරක් තියෙන කාන්තාවකට කව්ද අකමැති?

මේක කියවලා ඉවර වෙලා මේවා කලොත් මරුවට තියෙයි කියලා හිතන්න එපා. මොකද ඔබට වටින්නේ ඔබේ සම්බන්ධතාවය රැක ගන්න එක කියලා හැම වෙලේම සිහි තබා ගන්න.

පිරිමි හැමෝම මෙහෙම තමයි - II කොටස

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,256
   24

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
chore lists for kids
   71,007
   23

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Kaju Dosi Recipe
   178,989
   21

කජු දෝසි - Recipe

Video
Protect your baby's soft skin with jasmine and kasthuri kaha
   30,387
   20

පිච්ච සහ කස්තුරි කහ සාරයෙන් ඔබගේත් බිළිඳාගේත් මෘදු සම රැකගනිමු

හැඩකාරී අපි කියන්න යන්නේ මේ දිව්‍යමය ඖෂධ වලින් අපේ සමට ලැබෙන වාසි ගැන සහ ඒ වාසි සමට ලබාගන්න ඔබට පහසුවෙන්ම භාවිතා කරන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් ගැනයි

Latest Articles

Most Viwed