ඔබේ ආදරය වැඩිපුරම අවශ්‍ය වෙන්නේ ඔබ නොහිතන මේ කෙනාටයි

April 24, 2017
20,719
7 tips on how to love yourself even more
ඔබේ කාර්යබහුල ජිවිතයෙන් පොඩිම පොඩි වෙලාවක් අරගෙන ඇත්තටම පොඩ්ඩක් හිතලා බලන්න ඔබේ ජිවිතයේ ඔබ වැඩිපුරම ආදරය කළයුතු පුද්ගලයා කවුද කියලා. ඔබට එක එක අයව මතක් වේවී, ඔබේ ජිවිතයේ ඔවුන්ට වෙන්වෙලා තියන ඉඩකඩ ප්‍රමාණය අනූව. නමුත් ඔබ මේ හිතන කවුරුවත් නෙවෙයි ඔබ ඔබේ ජීවිතයේදී වැඩිපුරම ආදරය කළ යුතු පුද්ගලයා. ඔබ ඔබේ ජිවිතයේ වැඩිපුරම ආදරය කල යුත්තේ ඔබටමයි. මොකද ඔබ ඔබට ආදරය නොකරන තාක්කල් ඔබට බැහැ අනෙක් අයටත් ආදරය කරන්න.

නමුත් බොහෝ දෙනෙක්ට අමතක වෙනවා ඔවුන් ඔවුන්ටම ආදරය කල යුතු බව. ඔවුන් කරන්නේ මුළු ජිවිත කාලයම අනෙක් අයට ආදරය කරන්න කැප කරන එක. නමුත් ඔබ අනිවාර්යෙන්ම ඔබට ආදරය කල යුතුයි. එවිට ඔබට පුළුවන් අනෙක් අය වෙනුවෙන් ඔබේ ආදරය නොඅඩුවම ලබාදෙන්න. ඒ වෙනුවෙන් ඔබට කරන්න තියෙන්නේ බොහොම පුංචි දේවල් ටිකක් විතරයි.

1. ඔබ අතින් සිදුවුන අතපසුවීම් අමතක කරන්න

වැරදි අතපසුවීම් ඕනෙම කෙනෙක් අතින් වෙන්න පුළුවන්. මේ නිසා ඔබ අතින් සිදුවෙන දේවල් පිළිබදව තව දුරටත් සිතමින් කාලය ගත කරන එක නතර කරන්න. ඔබේ අතින් වැරද්දක් සිදුවුණා නම් නැවත එය සිදු නොවෙන තැනට කටයුතු කරන්න. එහෙම නැතුව උන දේවල් වලට ඔබටම දොස් පවර ගනිමින් මානසිකව වේදනා විදින එක නතර කරන්න. ඔබේ වැරදි හදාගෙන ඔබ ඔබට ආදරය කරන්න පටන් ගන්න.

2. හැම දෙයකටම හැම කෙනෙක්ගෙන්ම අවසර ගන්න එක නතර කරන්න

ඔබට ඔබේ සතුට වෙනුවෙන් යමක් කරන්න කිසිම කෙනෙක්ගෙන් අවසර ගන්න අවශ්‍යතාවයක් නැහැ. මේ නිසා ඔබේ සතුට වෙනුවෙන් ඔබට කරන්න හිතෙන හැම දෙයක්ම කරන්න.

3. ඔබ ඔබටම ස්තූතිවන්ත වෙන්න

ඔබට ලැබිලා තියෙන පෙනුමට හැකියාවන්ට ඔබ හැම අවස්ථාවකම ස්තූතිවන්ත වෙන්න. කිසිම අවස්ථාවක ඔබට නොලැබුණ දේවල් ගැන හිතල දුක් වෙන්න එපා. ඔබට ලැබිලා තියන දේවල් වලින් කරන්න පුළුවන් උපරිම දේ කරන්න. නිතරම ඔබ ඔබ ගැන නිහතමානී ලෙස ආඩම්බර වෙන්න.

4. ඔබේ ජීවන රටාව වෙනුවෙන් කාලය වෙන් කරන්න

හැම කෙනෙක්ටම වෙන් උන ජීවන රටාවක් තියනවා. ඒ නිසා ඔබ ඔබේ ජීවන රටාව වෙනුවෙන් කාලය වෙන් කරන්න. ඒවිට ඔබට පුළුවන් ඔබවම හදුනාගෙන ඔබට ආදරය කරන්න.

5. ඔබේ හැගීම් මතවාදයන් ප්‍රකාශ කරන්න බිය වෙන්න එපා

ඔබට සැබවින්ම අයිතියක් තියෙනවා ඔබේ හැගීම් වගේම මතවාදයන් ප්‍රකාශ කරන්න. මේ නිසා ඔබ නොබියව ඒ දේවල් ප්‍රකාශ කරන්න. එවිට ඔබට සැහැල්ලුවෙන් සතුටින් සිටිය හැකියි.

6. ජීවිතය ඕනෑවට වඩා සංකීර්ණ දෙයක් ලෙස සිතන්න එපා

ඔබ ජීවිතය සංකීර්ණ දෙයක් ලෙස සිතුවොත් කිසිම අවස්ථාවක ඔබ ජීවිතය වෙනුවෙන් තීරණ ගන්නත් අවධානමක් දරන්නත් සුදානම් වෙන්නෙත් නැහැ. මේ නිසා ජිවිතයේ එන අභියෝග වලට සතුටින් සාර්ථකව මුහුණ දෙන්න. ජීවිතය දෙස සරලව වගේම සැහැල්ලුවෙන් බලන්න.

7. මිතුරන් තෝරා ගැනීමේදී බුද්ධිමත් වෙන්න

ඔබේ මිතුරන් කියන්නේ ඔබේ දුකේදී වගේම සතුටේදීත් ඔබ ළගින්ම ඉන්න අයයි. නමුත් සමහර පුද්ගලයන් ඉන්නවා ඔබේ සතුටේදී විතරක් ඔබ ලගින් ඉදලා ඔබ කරදරයට පත්වූ විට ඔබව අත්හැර දමන. මේ නිසා ඔබේ ජිවිතයට මිතුරන් තෝරා ගැනීමේදී කල්පනාකාරී වෙන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Changes in your body if you consume cod-liver oil daily
   86,978
   39

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
10 symptoms shows you are pregnant
   39,853
   36

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
These signs may be saying that you have cholesterol
   36,653
   23

මේ ලක්ෂණ පෙන්නුම් කරනවා නම් ඔබ දැනටමත් කොලෙස්ටරෝල් අවදානමට ලක්වෙලා

කොලෙස්ටරෝල් වැළඳිලා තිබුනත් එහි රෝග ලක්ෂණ ප්‍රබලව පිටතට පෙන්නුම් කරන්නේ නැති නිසා මේ තත්ත්වය උත්සන්න වෙනකන්ම ගොඩක් දෙනෙක් එය
Benefits of Wood Apple
   5,803
   23

දිවුල් වල නේක් ගුණ

කාන්තාවන්ගේ දරුඵල ලැබීමේ ඇති පමාවේස සිට පිරිමින්ගේ කාම ශක්තියට මෙන්ම අපේ ශරීරයේ අනේක රෝග සමනය කරන්න දිවුල් ආහාරයට ගත යුතු ආකාරය දැන ගනිමු
Dress patterns for flower prints
   56,046
   22

මල් ගවුම් අඳින්න කැමති රුවැත්තියන්ට ගවුම් පැට්න්

විශේෂයෙන් මේ කාලෙට මල් ප්‍රින්ට් එක තියෙන රෙද්දෙන් නිමැවුනු ගවුම් අඳින්න ගැහැනු අපි ලොකු කැමැත්තක් දක්වනවා. ඉතින් මේ ගවුම් මෝස්තර ටික බලන්න ඔයා කැමති පැට්න් තියෙනවද කියලා

Latest Articles

Most Viwed