විවාහයෙන් පසු ඔබේ සුන්දරත්වය පිළිබඳව සැලකිලිමත් විය යුතු ඔබ නොසිතන හේතු මෙන්න

January 30, 2017
28,792
Tips To Look Stylish At Home After Marriage
වර්තමාන සමාජයේ ජීවත්වන බොහොමයක් කාන්තාවන් අතර පවතින මතයක් වනුයේ මව් පදවිය ලැබූ පසු තමාගේ සුන්දරත්වය මාතෘත්වයට පමණක් සීමා කිරීමටයි. නමුත් ඔබ දන්නවාද මෙමගින් බොහෝ ප්‍රශ්න තම නිවස තුල ඇතිවීමට ඉඩ ඇති බව?

බොහෝ අවස්ථාවලදී තම ස්වාමි පුරුෂයා දැකීමට කැමති වන්නේ විවාහයට පෙර තමන් දුටු ඒ සුන්දර යුවතිය වූවද මව් පදවියෙන් පසු කාන්තාවන් තම රූපය පිළිබඳව සැලකිලිමත් නොවීම, විවාහය පවා දෙදරා යාමට හේතුවක් වී ඇතත් ඒ පිළිබඳව කාන්තාවක් හරිහැටි දැනුවත් නොවීම කණගාටුවට කරුණකි.

නිරතුරුවම තම නිවස තුල දකින තමන්ගේ බිරිඳ කිසිදු පිරිසිදු ගතියකින් තොරව ජීවත්වීමත් තම ශරීරය කෙරෙහි සැලකිලිමත් නොවීමත් නිසා පුරුෂයින් තුළ තම බිරිඳ කෙරෙහි අප්‍රසන්න හැඟීමක් ජනිත වීමට ඉඩ ඇති අතර ඒ හේතුවෙන් වෙනත් ස්ත්‍රීන් කෙරෙහි ඔහුගේ ආකර්ෂණය වැඩි වීමට ඉඩ ඇත. මේ තුලින් සැමියාට පසු කලෙක බිරිඳ නුරුස්සන ස්වාභාවයක් පවා ඇති වන අතර පවුල් ආරවුල්ද මේ තුළින් වැඩි වේ.

මේ නිසා කාන්තාව සතු වගකීම වනුයේ මව් පදවියෙන් පසු තමා කාර්යබහුල වූවද තමන්ගේ රූ පසුව කෙරෙහිද මද කාලයක් හෝ වෙන්කරවාගෙන සිතා බැලීමයි. අද මෙම ප්‍රශ්නය යුරෝපා රටවල බහුල නොවූවද ආසියාතික රටවල් සැඟවුණු ප්‍රශ්නයක් බවට මෙය පත්ව ඇත. කාන්තාවක් වන ඔබ විවාහයෙන් පසු සියල්ල අවසන් යැයි සිතන පුහු මතයෙන් ඉවත්ව තම සුන්දරයත්වය කෙරෙහි අවධානය යොමු කරන්නේ නම් ඔබ නොදැන, ඔබ නොසිතූ ලෙසින් පවුලේ ඇතිවන ප්‍රශ්න සඳහා විසඳුමක් සොයාගැනීම එතරම් අපහසු කරුණක් නොවේ.

විවාහයෙන් පසු ජීවිතය කාන්තාවක් වන ඔබ මවක් සේ වගකීම් බහුලව ගත කරන්නට සූදානම් වීම සාමාන්‍ය කරුණක් වූවද සැමියා කෙරෙහිද ඔබගේ අවධානය යොමු වන්නේ නම් ඔබ නොසිතන ඇතැම් පවුල් ආරවුල් හැලහැප්පිම්වලින් තොරව ඔබට විසඳා ගන්නට හැකියාව ලැබෙනවා. ඒ නිසාවෙන් ඔබ ඔබගේ රුවේ සුන්දරත්වය පිළිබඳව සැලකිලිමත්වීම අත්‍යවශ්‍ය කරුණක් වනු නොඅනුමානයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 24 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:44:11 PM
Script:/article/24/tips-to-look-stylish-at-home-after-marriage.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:44:11 PM
Script:/article/24/tips-to-look-stylish-at-home-after-marriage.html