ගොඩක් සතුටින් ඉන්න යුවලවල් FB පාවිච්චි කරන්නේ නෑලු

April 27, 2017
13,985
Why Happy Couples Don't Talk About Their Relationships On Social Media
අපි ජිවත් වෙන්නේ අමුතුම ලෝකෙක. ගොඩක් දෙනා පුරුදු වෙලා ඉන්නේ තමන්ගේ පෞද්ගලිකත්වය හැමෝටම පොදු දෙයක් කරගෙන ජිවත් වෙන්න. ඉස්සර කාලේ අපි ගොඩාක් වෙලාවට දිනපොතක් භාවිතා කළා. අපි අපේ හැඟීම්, එදිනෙදා ජීවිතයේදී වුනු දේවල් ඒවායේ සටහන් කළා. බැරි වෙලාවත් ඒක කව්රුහරි දකියි කියන බය, අකමැත්ත අපි හැමෝගෙම හිත් වල තිබුනා. දැන් වෙනකොට සමාජ මාධ්‍ය භාවිතයට හුරුවෙලා ඉන්න සමාජයෙන් දිනපොත් භාවිතය නැති වෙලාම ගිහින්.

දිනපොතක සටහන් තියනවා වෙනුවට, ජීවිතයේ අත්දැකීම්, හැඟීම් ගැන සටහන් තියන්නේ සමාජ ජාල වෙබ් අඩවි වල. ෆේස් බුක්, ට්විටර් වගේ දේවල් තමයි ඒ වෙනුවෙන් භාවිතා කරන්නේ. ඉස්සර තමන්ගේ දේවල් කවුරුත් දකියි කියලා බිය වුනු, අකමැති වුනු අය, මේ වෙද්දී තමන් ප්‍රසිද්ධියේ තබන සටහන් කව්රුත් දැකලා නෑ, ඒ වෙනුවෙන් ඔවුන්ගේ අදහස් කියලා නෑ කියලා දුක් වෙනවා.

සමාජය හරිම පුදුමයි. ඒ වුනාට අපේ පෞද්ගලිකත්වය, හැමදාම පෞද්ගලිකවම තියෙන එක තමයි හොඳ. අපේ හැඟීම් දැනීම් අනිත් අය දැනගන්නවා කියන්නේ අපිට කරදරයක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙන එක මිසක්, ඒවා අඩු වෙන්න එක නෙමෙයි.

නමුත් ගොඩ දෙනෙක් මේ කාරණාව තේරුම් අරගෙන නෙමෙයි ජිවත් වෙන්නේ. ඒ කාරණාවේ බරපතලකම තේරුම් අරගෙන සතුටින් ජිවත් වෙන අයත් නැතුවම නොවෙයි.

සතුටින් ඉන්න යුවලවල් තම තමන්ගේ හැඟීම් දැනීම් ප්‍රසිද්ධියේ සටහන් තබන්නේ නැත්තේ ඇයි කියලා අපි හොයලා බැලුවා. එයින් ඔබටත් ඉගෙන ගන්න දෙයක් තියෙනවා කියල හිතුන නිසා, ඒ කාරනා අපි ඔබත් එක්ක මේ විදිහට බෙදා ගන්නවා.

1. හරිම සතුටින් ජිවත් වෙන යුවලක් ඔවුන් එකට ගත කරන කාලය හැකි සෑම අයුරකින්ම රැක ගන්න උත්සහ කරනවා. හොඳින් අවබෝධයකින් ආදරයෙන් ඉන්න දෙන්නෙක් තමන්ගේ සම්බන්ධතාවය ගැන එක එක දේවල් ෆේස්බුක්, ට්විටර් ඔස්සේ සමාජ ගත කරන්න යන්නේ නෑ. මොකද ඔවුන් දෙදෙනාට ඒ වැඩේන් ඇති වැඩක් නැති නිසා. ඔවුන්ගේ ඇතුලාන්තය හරිම රසබරයි වගේම අර්ථවත්. ඉතින් මොකටද ජිවිතයේ සතුට ගැන එක එක්කෙනාට දැනෙන්න අරින්නේ?

2. තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න පිට අයට පෙන්න ඇරියට එකෙන් ප්‍රශ්න විසදෙන්නේ නැති නිසා. තමන්ගේ දේවල් අනිත් අයට දැනගන්න ඇරියහම වෙන්නේ, නිකන් ප්‍රශ්න වැඩි වෙන එක විතරයි. ඒවා විසදෙන්නේ නෑ. ඉතින් මොකටද ප්‍රශ්න වැඩි කර ගන්නේ?

3. ඇත්තටම සතුට රැදෙන්නේ අපි ආදරය කරන කෙනා එක්ක සතුටින් ගත කරන කාලයදී මිසක්, අපේ දේවල් හැමෝටම පේන්න ප්‍රසිද්ධ කරන එකේ නෙමෙයි. අපි ආදරය කරන කෙනා එක්ක ගත්තු ෆොටෝස් ෆේස්බුක් දාලා නෙමෙයි සතුට එන්නේ. ඔහුත් එක්ක එකට ඉන්න එකෙන්. ඉතින් හැමදේම තේරුමක් නැති විදිහට ප්‍රසිද්ධ කරන්න දගලන්නේ ඇයි ?

4. ඔවුන්ට වෙන කාටවත් ඔප්පු කිරීමට දෙයක් නැහැ. ඇත්තටම ආදරයෙන් ඉන්න දෙන්නෙක් ඒ දෙන්නගේ ආදරය ගැන, අනිත් අයට ඔප්පු කරලා පෙන්නවන්න දෙයක් තියෙනවා කියල හිතන්නේ නෑ. ඒ දෙන්නට දෙන්නා සතුටින් ආදරයෙන් හිටියම හොඳටම ඇති. එහෙම අය සම්බන්ධතාවයක් පටන් ගත්ත හැටියේ තමන්ගේ ෆේස් බුක් ගිණුම් වල IN A RELATIONSHIP කියලා දාන්න දඟලන්නේ නෑ .

5. මේ ඔක්කොටම වැඩියෙන් ප්‍රධානම දේ තමයි අපි හැමෝම අමතක කරන කාරණය. අපේ ජීවිතය අපිට අයිති එකක්. මේ ජීවිතය වෙන අය ගත කරන විදිහට ගත කරන්න අපිට බැහැ. මොකද අපේ ජීවිතය අපිට පෞද්ගලිකයි. ඉතින් ගොඩක් සතුටින් ඇත්තටම ආදරයෙන් ඉන්න ගොඩක් දෙනා සමාජ ජාල වෙබ් අඩවි භාවිතා කරන්නේ නැති තරම්ලු. මොකද එතකොට ඔවුන්ගේ ජීවිතය අනික් අයගේ ජිවිත එක්ක සංසදනය කරන එක ඉබේම වැළකෙන නිසා. ඇත්තටම හිතලා බැලුවොත්, අපිට වැඩිපුරම දුක හිතෙන්නේ, අනික් අයගේ ජිවිත එක්ක අපේ දේවල් සංසන්දනය කෙරුවහමනේ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   153,389
   68

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
10 symptoms shows you are pregnant
   54,294
   40

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Sri Lankan Pickle (Sinhala Achcharu)
   49,826
   27

සිංහල අච්චාරු ඉතා පහසුවෙන් හදාගමු

අබ, ලුණු, ඉඟුරු, සුදු ලුණු හා කහ කුඩු සියල්ල එකට දමා හොඳින් අඹරා ගන්න. ඉන් පසු විනාකිරි ටික මැටි භාජනයකට දමා හොඳින් උතුරුවා ගන්න
Birthmark Meanings
   53,751
   26

උපන් ලපයෙන් හෙලිවන ජීවන තොරතුරු

අපි හැමෝගෙම ශරීරයේ උපන් ලප තියෙනවා. මේ සමහර උපන් ලප විශාලවත්, සමහර උපන් ලප කුඩාවටත් පිහිටනවා
Weralu benefits
   23,357
   23

වෙරළු වල ගුණ

වෙරළු කොලස්ටරෝල් සඳහා ඉතාම ගුණදායකයි. දිනකට වෙරළු ගෙඩි පහක් අවම වශයෙන් ආහාරයට ගන්නවා නම් හිතකර…

Latest Articles

Most Viwed