මේ දේවල් ඔබ ළග තියෙනවා නම් ඔබේ විවාහය හැමදාටම ආරක්ෂිතයි

April 28, 2017
17,598
7 Rules For a Happy Marriage
විවාහය කියන්නේ අපි හැමෝගෙම ජීවිතයේ අපි තබන විශාල පියවරක්. මොකද මෙච්චර කාලයක් ජීවිතයේ තනිවම තීරණ ගත්ත ඔබ විවාහයෙන් පසුව ඔබේ ඉදිරි ජීවිතය ගැන තීරණ ගන්නේ ඔබේ සහකරුවාත් සමගයි. ඒ වගේම ඔබ දෙදෙනාගේම අදහස් වලින් තමයි ඔබ දෙදෙනාගේම ඉදිරි ජීවිතය සුන්දර එකක් වෙන්නේ. විවාහ ජිවිතයක් ඉදිරියට පවත්වාගෙන යන්න සැමියාට වගේම බිරිදටත් තියෙන්නේ විශාල වගකීමක්. ඉතිං අද අපි ඔබට කියන මේ දේවල් 07 ඔබ ලග තියෙනවා නම් ඔබ දෙදෙනාගේ විවාහ ජීවිතය හැමදාටම රැකගන්න ඔබට පුළුවන්.

1. කවදාවත් අමතක කරන්න එපා ඔබ දෙදෙනාටම වෙන්වූ තෝරාගැනීම් තිබෙන බව

විවාහ උන පමණින් ඔබ දෙදෙනාගේම තෝරා ගැනීම් එකක් විය යුතු නැහැ. වැදගත්ම දෙය එකිනෙකට අවශ්‍ය දේවල් වටහා ගැනීමයි. මේ නිසා ඔබ දෙදෙනාගේම තෝරා ගැනීම් වලට ගරු කරමින් විවාහ ජිවිතයට ඒ දේවල් සුන්දර ලෙස සම්බන්ධ කරගන්න.

2. නිතරම කතාබහ කරන්න

ඔබ දෙදෙනාගේම ජීවිත වල එදිනෙදා සිදුවෙන සෑම දෙයක් ගැනම කතාබහ කරන්න. කිසිම අවස්ථාවක ඔබ දෙදෙනාගේ හැගීම් අවශ්‍යතාවයන් ප්‍රකාශ නොකර ඉන්න එපා. මොකද ශක්තිමත් විවාහ ජිවිතයක මුලිකම දෙයක් තමයි අදහස් හුවමාරු කරගැනීම කියන්නේ.

3. විනෝදයෙන් කාලය ගත කරන්න

අපේ ජීවිත වල තියෙන සංකීර්ණ වටපිටාව මගහරින්න කරන්න පුළුවන් හොදම දෙයක් තමයි විනෝදය ගෙන එන දේවල් සිදු කිරීම. ඔබ දෙදෙනාටම සතුටු විය හැකි ඕනෑම දෙයක් සිදු කරන්න. මේ නිසා ඔබට පුළුවන් ආදරය අලුත් කර ගනිමින් හැමදාමත් සතුටින් කාලය ගත කරන්න.

4. ජීවිතයේ ප්‍රශ්න වලට එක්ව මුහුණ දෙන්න

විවාහයෙන් පසු තව දුරටත් ඔබ දෙදෙනා තනි තනිව ප්‍රශ්න වලට මුහුණ දිය යුතු නැහැ. ඔබ දෙදෙනාම එක්ව ජීවිතයේ එන ප්‍රශ්න වලට ඉදිරියේදී මුහුණ දිය යුතුයි. එවිට ප්‍රශ්න ඉක්මනින්ම විසදා ගන්න හැකිවෙනවා වගේම ඔබ දෙදෙනාගේ සබදතාවයත් ශක්තිමත් වෙනවා.

5. එකිනෙකාව පුදුම කරන්න

ඔබේ සහකරුව පුදුමයට පත් කරන්න විශේෂ අවස්ථා සහ දින අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම මිල අධික තෑගි අවශ්‍ය වෙන්නෙත් නැහැ. ඔබේ පුංචි ක්‍රියාවක් උනත් ප්‍රමාණවත් ඔවුන්ට සතුටට පත්වෙන්න. මේ නිසා හැකි සෑම අවස්ථාවකම එකිනෙකා පුදුමයට පත්කළ හැකි සොදුරු දේවල් කරන්න.

6. අනවශ්‍ය දේවල් වලට වාද කර ගැනීම කිසිම දවසක සිදු නොකරන්න

විවාහ ජිවිතයේ ප්‍රශ්න ඇතිවෙන එක සාමාන්‍ය දෙයක්. මේ නිසා ඒ දේවල් හොදින් තෙරුම් අරගෙන අනවශ්‍ය විදිහට ඒ දේවල් විවාහ ජීවිතයට සම්බන්ධ කර ගැනීම සුදුසු දෙයක් නොවෙයි.

7. ඔබ දෙදෙනා හොදම යහළුවන් බවට පත්වෙන්න

සැමියා බිරිදට ගරු කිරීමත් බිරිද සැමියාට ගරු කිරීමත් විවාහ ජීවිතය තුල වැදගත් දෙයක්. ඔබ දෙදෙනාට හොදම යහළුවන් බවට පත්වෙන්න පුළුවන් නම් ජීවිතය හොදින් තේරුම් ගන්න වගේම සතුටින් ගත කරන්නත් ඔබ දෙදෙනාට පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 249 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:53:42 PM
Script:/article/249/7-rules-for-a-happy-marriage.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:53:42 PM
Script:/article/249/7-rules-for-a-happy-marriage.html