විනාඩි 45කින් කෙනෙක්ට ආදරයක් ඇතිකරගන්නේ මෙහෙමයි

May 10, 2017
18,578
The 36 Questions That Lead to Love
ඕනෑම කෙනෙක්ට ඔබට ආදරයක් ඇති වෙන විදිහේ කතා බහක් ගැන කියල දෙන්නයි යන්නේ. මේක ඇත්තටම මනෝ වෛද්‍යවරයෙක් කරපු පරික්ෂණයක්. ආතර් ඇරෝන් කියන වෛද්‍යවරයා 1997 අවුරුද්දේදී තමයි මේ පරීක්ෂණය කරලා තියෙන්නේ. හරියටම අවුරුදු විස්සකට ඉස්සර.

කවදාවත් දැකලා නැති දෙන්නෙක් ඔහුගේ විද්‍යාගාරයට කැඳවලා, ඔවුන් දෙදෙනාට දෙදෙනාගෙන් අසා දැනගන්න ප්‍රශ්න කිහිපයක් දෙනවා. මේ ප්‍රශ්න අහන්න සම්පුර්ණයෙන් විනාඩි 45ක් විතර යනවලු. හැබැයි, ඒ කාලය අවසානයේදී ආගන්තුකයෝ දෙන්නා ආදරවන්තයෝ වෙනවලු.

වෛද්‍යවරයා තමන්ගේ පරීක්ෂණයට යොදාගත් දෙදෙනාත්, මාස 6කට පස්සේ කසාද බැඳලා.

අද කාලේ ඉතින් සහකරුවෙක්, සහකාරියක් හොයාගන්න හරිම අමාරු එකේ, මේ ප්‍රශ්න අහන ක්‍රමය ට්‍රයි කරලා බලන්න. කව්ද දන්නේ, උත්තර දීලා අවසානයේදී ඒ කෙනා ඔබේ ආදරය වේවිද කියල?

මෙන්න ප්‍රශ්න ලිස්ට් එක.

01. රෑ කෑමකට අරගෙන යන්න කැමති කාවද?

02. ප්‍රසිද්ධ වෙන්න කැමතිද? එහෙනම් මොන විදිහටද?

03. දුරකථන ඇමතුමක් ගන්න කලින් කියන්න යන්නේ මොනවද කියන දේ ගැන හිතනවද? ඇයි එහෙම හිතන්නේ?

04. ජීවිතේ ගත කරන හොඳම දවසට මොනවද අඩංගු වෙන්න ඕනේ?

05. අන්තිමටම කෑගහල ඔබටම හෝ වෙන කෙනෙක් වෙනුවෙන් සින්දුවක් කිව්වේ කවදද?

06. අවුරුදු 90ක ජිවිත කාලයකට ඔබට හිමිකම් කියන්න පුළුවන් නම්, ජීවිතයේ අවසාන අවුරුදු 60 ගත කරන්න වයස 30 ශරීරයක් හෝ මනසක් ඔබට දෙනවා. මොකක්ද තෝරා ගන්නේ?

07. ඔබ කොයි විදිහට මැරෙයි කියලා වද වෙනවද?

08. ඔබටත් ඔබේ සහකරු/සහකාරියත් අතරේ තියෙන සමානකම් 3ක් කියන්න.

09. ඔබේ ජීවිතයේ තියෙන මොන දේටද ඔබ වැඩියෙන්ම ස්තුතිවන්ත වෙන්නේ?

10. ඔයාව හදපු විදිහේ යම් දෙයක් වෙනස් කරන්න පුළුවන් නම්, ඒ මොකක්ද?

11. විනාඩි 4ක් ඇතුලත ඔයාගේ ජීවිත කතාවේ වැදගත් සිදුවීම් ඔක්කොම සහකරු/සහකාරියට කියන්න.

12. හෙට උදේ පාන්දර නැගිටිනකොට මොන වගේ විශේෂ හැකියාවක් ලැබෙනවාටද කැමති?

13. අනාගතය සහ අතීතය ගැන සියල්ල කිව හැකි පලින්ගුවක් ඔබ ඉස්සරහ දැන් තියෙනවනම්, මොනවද දැනගන්න කැමති?

14. ගොඩ කාලයක් තිස්සේ සැබෑ කරගන්න බැරි වුනු හිනයක් තියෙනවද? ඇයි එහෙම වුනේ?

15. ඔබ ජීවිතයේ ලබාගත් ලොකුම ජයග්‍රහණය මොකක්ද?

16. මිත්‍ර සම්බන්ධතාවයකදී වැඩියෙන්ම වටිනාකමක් දෙන්නේ මොනවටද?

17. ගොඩක් පරිස්සම් කරලා තියෙන මතකය මොකක්ද?

18. භයානකම මතකය මොකක්ද?

19. ඉදිරි අවුරුද්ද අතුලත ඔබ මැරෙනවා කියලා දැනගත්තොත්, දැන් ජීවත් වෙන විදිහ වෙනස් කරගන්නවද?

20. යාළුකම කියන දේ දැනෙන්නේ කොහොමද?

21. ආදරය සහ සෙනෙහස කියන කාරනා වලට ඔබේ ජීවිතේ කොයි වගේ තැනක්ද තියෙන්නේ?

22. ඔබේ සහකරු/සහකාරියගෙන් ඔබේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් හොඳ ගතිගුණ 5ක් කියන්න

23. ඔබේ පවුලේ සාමාජිකයින් ඔබට කොයිතරම් ලඟද? අනිත් ළමයින්ට වඩා හරිම ආදරණිය ළමා කාලයක් ඔබට තිබුනා කියලා හිතනවද?

24. අම්ම එක්ක තියෙන සම්බන්ධතාවය ගැන මොකද හිතෙන්නේ?

25. 'අපි' කියන වචනේ දාලා දැන් වාක්‍ය 3ක් කියන්න. (උදා: අපි දැන් මෙතැන ඉන්නේ ......)

26. මේ වාක්‍ය සම්පුර්ණ කරන්න "මම හිතනවා මට ........................... බෙදාගන්න/කියන්න කෙනෙක් හිටියනම් කියලා."

27. ඔබ ආදරය කරන කෙනාට ගොඩක් ලං වෙන්න ඕනේ කියල හිතනවානම්, ඔබ ගැන කියන්න තියෙන වැදගත්ම කාරණාව මොකක්ද?

28. මගේ මොනවම හරි දෙයකට කැමතියි කියලා හිතෙනවද?

29. ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණේ කවදද?

30. කවුරුහරි ඉස්සරහ හරි තනියම හරි අන්තිමටම අඬපු දවස කවද්ද?

31. සහකරුට/සහකාරියට ඔබ දැනටමත් ඔහු/ඇය ගැන කැමති දෙයක් කියන්න

32. විහිලුවට ගන්න හොඳ නැති දෙයක් තියෙනවද?

33. අද හවසම ඔයා මැරෙනවනම්, මෙච්චරකල් දෙයක් කියාගන්න බැරි වුනු කෙනෙක් විදිහට කාවද මතක් වෙන්නේ?

34. ඔබේ නිවස සම්පුර්ණයෙන් ගිනිගෙන විනාශ වුනා කියලා හිතන්න. බේරගන්න පුළුවන් වුනානම් කියලා හිතෙන්නේ මොකක්ද?

35. පවුලේ දරාගන්න අමාරුම වෙන්වීම කාගේද?

36. ඔබටම පෞද්ගලික, කාටවත් නොකියපු ප්‍රශ්නයක් වෙනුවෙන් මගෙන් උපදෙස් ඕනෙද?

ඔබ DATE එකකට යන දවසේ අහන්නත් මේ ප්‍රශ්න ලිස්ට් එකෙන් කීපයක් තෝරාගෙන යන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   53,020
   43

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
The super fruit good for any beauty matter
   15,245
   34

සමට, හිස කෙස් ඇතුළු මුළු සිරුරටම එක සමාන ගුණ දෙන සුපිරිම පළතුර

මේ පලතුරින් සෞඛ්‍ය සම්පන්න ප්‍රතිලාභ රැසක් ඔබට ලබා දෙනවාට අමතරව එයින් ඔයාට මෙන්න මේ කියන ප්‍රතිලාභ නොඅඩුව ලබා ගන්න පුළුවන්
Changes in your body if you consume cod-liver oil daily
   96,476
   24

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
Food to regulate your menstrual circle
   46,369
   24

ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. මෙම ගැටලුවට ආහාර මගින් කලහැකි පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්න
10 remedies for dry skin
   26,598
   24

වියලි සමට ස්වාභාවික ප්‍රතිකාර 10ක්

හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට කියලා දෙනවා වෛද්‍ය ප්‍රතිකාර වලටත්, විවිධ රූපලාවන්‍ය ආලේපන කිරීමටත් වඩා පහසුවෙන් ඔබට නිවසේදීම සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද වියලි සමට ප්‍රතිකාර කරන්නේ කියලා..

Latest Articles

Most Viwed