පැරදුණු ආදරේ අමතක කරන්න ඕනේ නම් ඉක්මනින් මේ දේවල් ටික කරන්න

June 20, 2017
25,475
7 Things You Should Do Immediately After a Breakup
ආදරය හමු නොවුන කෙනෙක් ලෝකේ නැති තරම්. ආදරේ නොවිඳපු වගේම ඒ ආදරයේ විරහවත් නොවින්ඳ කෙනෙක් ලෝකේ නැති තරම්. ඒ වගේම ලෝකේ තියෙන හිත් වේදනා වලින් ලොකුම වේදනාවක් තමයි විරහ වේදනාව. විරහව ගැන කවුරු කොහොම කිව්වත් විරහව නැත්තන් මේ ලෝකේ බිහි වෙලා තියෙන සොඳුරු විරහ ගීත ලියවෙන්නේ නෑ. එත් මේ විරහව නිසා ජිවිතේ විරහවක් කර ගන්නේ නැතුව ජිවිතේ ආයෙත් පටන් ගන්න ඔයාට මේ උපදෙස් ටික ගොඩක් වැදගත් වෙයි.

1. ඔබට ආදරය කරන අය සමග කල් ගෙවන්න

මේ වගේ අමාරු කාලයක් ගත කරන්න ඕන කාමරේට වැදිලා දොර වහගෙන නෙවෙයි. එහෙම ඉන්න තාක් කල් ඔයා එයා ගැන කල්පනා කර කර දුක් වෙනවා. එත් වෙන්න ඕන ඒක නෙවෙයි. එයාව අමතක කරන්න උත්සහ කරන එක. කියනවා වගේ එක කරන්න බෑ තමයි. එත් උත්සහ කරන්න. තනියම ඉන්න එක අඩු කරලා ගෙදර අය යාලුවෝ එක්ක දවසේ වැඩි කාලයක් ගත කරන්න. එයාල එක්ක විනෝදෙන් ඉන්න. ඔයා යාලුවෝ එක්ක ෂොපින් පාරක් දාන්න යන්න. ඔයාටත් නොදැනීම දවස ගෙවිල යාවි.


2. ඔහුට කෝල් කරන්න, SMS කරන්න යන්න එපා

සම්බන්ධතාවයක් බිඳිලා යන්න මොකක්ම හරි ලොකු හේතුවක් තියෙන්න ඕන නේ. දෙන්නා කතා බහ කරලා හරි තනි මතයට හරි කොහොම හරි ඒ සම්බන්දෙ නැවතිලා දෙන්නා දෙපැත්තට උනාට පස්සේ අයෙත් අඩ අඩා පස්සෙන් යන්න එපා. අයෙත් call, sms කරන්න එපා. එහෙම උනොත් තව තවත් දුක් වෙන්නේ ඔයාමයි. එකෙන් තව තවත් හදවත පෑරෙනවා ඇරෙන්න වෙන සෙතක් නැහැ.

විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි facebook. Facebook එකෙන් එයාව unfriend කරලා දාන්න. නැත්තන් එයාව දකින්න ලැබෙන වාරයක් ගානේ ඔයාට එයාව අමතක කරන්න බැරුව යනවා. ඔයාටත් ටික කාලෙකට හරි ඒවායින් ඈත් වෙන්න පුළුවන් නම් හිත හදා ගන්න ඒක ගොඩක් ලොකු උදවුවක් වෙයි.

3. අනිත් අය එක්ක ඔහු ගැන කතා කරන එක නවත්තන්න

හදිස්සියේම සම්බන්ධතාවයක් බිඳ වැටුණු පසු අපි කරන තවත් දෙයක් තමයි මේ. එත් ඔයා මේ දේ අමාරුවෙන් හරි කරන්න ඕන. නැත්තන් ඔයාට කවදාවත් හිත නම් හදා ගන්න බැරි වෙයි. අනිත් අය එක්ක එයාගේ හොඳ හෝ නරක කතා කරන එක නවත්තන්න. තව දෙයක් තමයි ඔහුගේ යාලුවන්ගෙන් ඔහු ගැන අහන්න යන්න එපා. සමහර විට ඔහු ගැන අහන්න ලැබෙන දේ වලින් ඔයා තවත් වේදනාවට පත් වෙන්න පුළුවන්.

4. මග හරින්න

ඔයාට එයාව නිතර දකින්න ලැබෙනවා කියන්නේ මතකයන් අලුත් වෙනවා කියන එක. ඒ නිසා එයාව දකින්න ලැබෙන අවස්ථාවන් උවමනාවෙන්ම මග හරින්න. ඔයා අහලා ඇතිනේ දර්ශනයෙන් ඈත් වෙන කොට මතකෙනුත් ඈත් වෙනවා කියල.

5. ඔබව හොඳින් බලා ගන්න..

ඔක්කොටම කලින් ඔයා ඔයාට ආදරය කරන්න. මොන දේ කරන්නත් අපි හොදින් ඉන්න ඕනනේ. කන්නේ නැතුව ඉඳීම හෝ වැඩියෙන් කාලා මහත් වීම කියන්නේ කිසිම දෙයක් වෙනස් කරන්න සමත් හැසිරීම් නෙවෙයි. මෙවැනි නරක කාලෙකදී ඔබ වඩා සැලකිලිමත් විය යුතුයි නියමිත ලෙස ආහාර ගැනීමට සහ ව්‍යායාම වල නිරත වීමට. ව්‍යායාම කියන්නේ මානසික ආතතියෙන් මිදෙන්න කරන්න පුලුවන් හොඳම ප්‍රතිකාරයක්. පොත් පත් කියවීම, ඇවිදින්න යාම, මිතුරන් එක්ක විනෝද වීම වගේ දේවල් වල නිරත වෙන්න.

6. busy වෙන්න

ඔයා මේ වගේ වේදනාකාරී තත්වෙක ඉද්දි කරන්න පුළුවන් හොදම දෙයක් තමයි පුළුවන් තරම් busy වෙන එක. එතකොට ඔයාට එයා ගැන හිත හිත දුක් වෙන්න කාලයක් නැති වෙනව. ගෙදර දොරේ වැඩ එක්ක හරි රැකියාවේ වැඩ එක්ක හරි එහෙම නැත්තන් වෙන මොනවා හරි ක්‍රමයකින් ටිකක් කාර්ය බහුල වෙන්න මේ වගේ ප්‍රශ්න වලදී අමතක කරලා හිත හදා ගන්න තියෙන නියම විසදුම තමයි ඒක.

7. හදිස්සියේ වෙනත් සම්බන්ධතා ඇති කර ගන්න එපා

ගොඩක් දෙනෙක් කරන ලොකු වැරද්දක් තමයි මේක. ආදරයෙන් පැරදුනාම හිත හදා ගන්න හෝ ආදරයක අවශ්‍යතාවය නිසා කියල වෙනත් ඇසුරකට යන එක. නමුත් මේක එච්චර හොඳ දෙයක් නෙවෙයි. ආදරයකින් පැරදුනාම අපි තනි වෙනවා. ඒ නිසා වෙන කෙනෙක්ගේ ආදරය ඉක්මනින්ම හොයනවා. නමුත් මේ වගේ තත්වෙක ඉදන් අපි කරන කියන දේ වල හරි වැරැද්ද අපිට තේරෙන්නේ නැහැ. ඒ නිසා ඉක්මන් තීරණ ගන්න එපා. සමහර විට එයත් ඔයාගේ හිත බිදලා දාන්න පුළුවන්. ඒ නිසා ටිකක් ඉවසල හොයලා බලලා තමන්ට ගැලපෙන කෙනෙක් එක්ක නැවත ආදරය කරන්න පටන් ගන්න. නැත්තන් කලින් වගේ ආයෙත් දුක් වෙන්න සිද්ධ වෙයි. කලින් වෙච්ච දේ ආයෙත් පාරක් වෙන්න තියන්න එපා .


මෙන්න මේ දේවල් ඔයාට ඔයා වෙනුවෙන් කරන්න වෙනවා. එහෙම උනොත් ඉක්මනින්ම ඔයාගේ අතීතය අමතක කරලා අලුත් ජිවිතයක් පටන් ගන්න පුළුවන්. කාලයක් යද්දී ඔයාට අයිති ආදරය ඔයාට ලැබෙයි. එදාට හිතෙයි මෙහෙම උන එක කොච්චර දෙයක්ද? මන් අපරාදේ දුක් වින්දේ කියලා. කෙනෙක් අපේ ජීවිතෙන් ඇත වෙලා යනවා නම් එයාලට යන්න දෙන්න. නවත්තන්න එපා. එහෙම යන්නේ ඊට වඩා හොඳ කෙනෙක් ඔයාගේ ජීවිතේට එන්න තියෙන නිසා. ඔයාව ඕන අය ඔයා එක්ක හැමදාම ඉදිවී. ඒ නිසා දාල යන අය ගැන දුක් වෙලා ඇග කෙට්ටු කර ගන්න එපා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   53,021
   44

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
The super fruit good for any beauty matter
   15,245
   34

සමට, හිස කෙස් ඇතුළු මුළු සිරුරටම එක සමාන ගුණ දෙන සුපිරිම පළතුර

මේ පලතුරින් සෞඛ්‍ය සම්පන්න ප්‍රතිලාභ රැසක් ඔබට ලබා දෙනවාට අමතරව එයින් ඔයාට මෙන්න මේ කියන ප්‍රතිලාභ නොඅඩුව ලබා ගන්න පුළුවන්
How to reduce under arm sweating
   23,217
   25

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Food to regulate your menstrual circle
   46,369
   24

ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. මෙම ගැටලුවට ආහාර මගින් කලහැකි පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්න
Changes in your body if you consume cod-liver oil daily
   96,477
   24

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි

Latest Articles

Most Viwed