මේ දේවල් ගැන ඔබත් දන්නවා නම් නීරෝගී කොණ්ඩයක හිමිකාරිනියක් වෙන්න ඔබටත් පුළුවන්

July 11, 2017
13,481
Tips for healthy hair
කෙනෙක්ගේ පෙනුම පුංචි වේලාවකදී පැහැදිලි ලෙසම වෙනස් කරන්න පුළුවන් දෙයක් තමයි කොණ්ඩය කියන්නේ. මොකද වෙන කිසිම දෙයක් නොකර උනත් අපිට පුළුවන් කොන්ඩ විලාසිතාව වෙනස් කරලා අපේ පෙනුම සම්පුර්ණයෙන්ම වෙනස් කර ගන්න. මේ නිසා තමයි කාන්තාවකගේ ලස්සනට බලපාන වැදගත්ම දෙයක් බවට කොණ්ඩය පත්වෙන්නේ.

ඒ වගේමයි දිගු පිරිපුන් කොණ්ඩයක් තියෙන කාන්තාවන්ට පිරිමි පාර්ශවයෙන් ලැබෙන ආකර්ශනයත් ඉතා ඉහළයි. මේ හින්දම තමයි කාන්තාවන් කොණ්ඩයට නිතරම විවිධ විලාසිතාවන් කරන්න උත්සහ කරන්නේ. සාමාන්‍ය ගමන් බිමන් වල ඉදලා විශේෂ අවස්ථා වලට සහභාගි වීම දක්වා කාන්තාවන් කොණ්ඩයට විවිධ විලාසිතා කරනවා. මේ හැම විලාසිතාවකම ලස්සන හරියට පෙන්න නම් කාන්තාවකට ඝනව වැඩුන දිගු කෙස් කළඹක් තිබිය යුතුයි. අද අපි ඔබට කියන්නේ ඔබේ කොණ්ඩය නීරෝගීව පවත්වාගෙන යන්න ඔබට වැදගත් වෙන අමුද්‍රව්‍ය කිහිපයක් ගැන.

1. බිත්තර කහ මද

කොණ්ඩයට අවශ්‍යම දෙයක් තමයි ප්‍රෝටීන් කියන්නේ. බිත්තර කහ මද වල ප්‍රෝටීන් බහුලව අඩංගු වෙනවා. මේ නිසාම තමයි කොණ්ඩය සදහා භාවිතා කරන විවිධ නිෂ්පාදන වලට බිත්තර කහ මද යොදා ගන්නේ. බිත්තර කහ මද මගින් කොණ්ඩයට දීප්තිමත් බව වගේම හොද පෝෂණයක් ලබා දෙනවා. මේ නිසා ඔබට පුළුවන් ඝනව වැඩුණු දිගු කොන්ඩයකට හිමිකම් කියන්න. බිත්තර කහ මද මී පැණි සමග හෝ ඔලිව් තෙල් සමග මිශ්‍ර කර හිස කෙස් වල අලේප කර පැය බාගයකට පසු සෝදා ඉවත් කිරීම මගින් ඔබට පුළුවන් හොද පෝෂණයක් කොණ්ඩයට ලබාගන්න.

2. කිරි සහ මී පැණි

හානී වී ඇති හිසකෙස් නැවතත් යථා තත්වයට පත් කර ගැනීමට භාවිතා කල හැකියි. කිරි වල අඩංගු ප්‍රෝටීන්, සින්ක්, මැග්නීසියම්, කැල්සියම් මගින් හිසකෙස් වලට හොද පෝෂණයක් වගේම තෙතමනයක් ලබාදෙනවා. හිසකෙස් වලට දීප්තිමත් බව සහ සුමුදු බවක් ලබා ගැනීමට කිරි ස්වල්පයක් භාජනයකට දමා උණු උන විට එයට මී පැණි ස්වල්පයක් එක් කර මිශ්‍රණය මදක් ඝන වනතුරු උණු කර ගන්න. මිශ්‍රණය නිවෙන්නට තබා හිස කෙස් වල ආලේප කරන්න. පැය බාගයකට පසු සාමාන්‍ය පරිදි හිස සෝදා හරින්න.

3. බියර්

බය වෙන්න දෙයක් නැහැ බියර් කියන්නේ ඇත්තටම ඔබේ හිසකෙස් වලට හොද දෙයක්. මොකද බියර් වලට පුළුවන් ඔබේ හානි වුන හිසකෙස් ඉක්මනින් යථා තත්වයට පත් කරන්න. ඒ වගේම එහි අඩංගු විටමින් සහ ඛණිජ ද්‍රව්‍ය හිසකෙස් අභ්‍යන්තරයටම ඉක්මනින් ඇතුළු වෙනවා. ඔබ සාමාන්‍ය පරිදි ස්නානය කල පසු බියර් වලින් කොණ්ඩය සෝදන්න. විනාඩි 20 තිබෙන්නට හැර උණු වතුරෙන් සෝදා හරින්න. කොණ්ඩයෙන් දුගදක් හැමුවත් කොණ්ඩය වියළී යාමත් සමග දුගද ද ඉවත් වෙනවා.

4. Keratine Yogurt

Keratine Yogurt යනු ප්‍රෝටීන්. කොණ්ඩය වගේම නියපොතු වර්ධනයට Keratine Yogurt උපකාරී වෙනවා. ඔබ දන්නවා ප්‍රෝටීන් කියන්නේ අපේ හිසකෙස් වල වර්ධනයට අත්‍යවශ්‍යම දෙයක් බව. Keratine Yogurt අපේ හිසකෙස් වල ශක්තිමත් බව වගේම වර්ධනයත් ඉක්මන් කරනවා ඒ වගේම කොණ්ඩයේ පිරිපුන් බවත් ඇති කරනවා. ඔබේ හිසකෙස් හානි වෙලා තිබෙනවා නම් ඒවා ඉක්මනින් යථා තත්වයට පත් කරමින් ඔබට නීරෝගී කෙස් කළඹක් ලබා දෙනවා. අපට අපි ලබාගන්න ආහාර මගිනුත් Keratine ලබාගන්න පුළුවන්. ඒ සදහා yougurt, ප්‍රෝටීන් බහුල මස් මාංශ, මාළු, පළතුරු, එළවලු ඔබට වැඩි වශයෙන් ආහාරයට ගන්න පුළුවන්. ඒ වගේම ඔබට පුළුවන් මේ සදහා Keratine Yogurt අඩංගු හිසකෙස් සදහා නිෂ්පාදිත නිෂ්පාදන භාවිතා කරන්න. මේ සදහා වෙළදපලේ තිබෙන හොද නිෂ්පාදනයක් තමයි sunsilk Lusciously Thick & Long Shampoo. මෙය භාවිතා කිරීම තුළින් ඔබට පුළුවන් පහසුවෙන්ම ඝනව වැඩුණු ඕනෑම විලාසිතාවක් කරන්න පුළුවන් කොණ්ඩයක හිමිකාරිනියක් වෙන්න.

5. අලි ගැට පේර

වියළි සහ පැලුණු හිසකෙස් වලට හොදම විසදුමක් තමයි අලිගැට පේර කියන්නේ. එහි අඩංගු වෙන බයෝටින් නමැති ප්‍රෝටීනය මගින් හිසකෙස් වලට අවශ්‍ය තෙතමනය හොදින් ලබා දෙනවා. ඒ වගේම හිසකෙස් වලට අවශ්‍ය පෝෂණය ලබාදෙමින් හිසකෙස් වලට දීප්තියක් ලබාදෙනවා. හොදින් ඉදුණු අලිගැට පේර ගෙඩියකට ඔලිවු තෙල් මේස හැන්දක් දමා හොදින් මිශ්‍ර කර හිසකෙස් වල ආලේප කරන්න. පැය බාගයකට පසු සාමාන්‍ය පරිදි හිස සෝදා හරින්න. ඔබට පැහැදිලි වෙනසක් දැකගන්න පුවන් වේවි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 345 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:33:39 AM
Script:/article/345/tips-for-healthy-hair.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:33:40 AM
Script:/article/345/tips-for-healthy-hair.html