තනිකඩ ඔබට තවම හරි ආදරයක් ලැබිලා නැද්ද?

July 14, 2017
17,587
6 Reasons You Might Still Be Single
අද කාලේ ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් මේක. මේ ඔබගේ කතාවම වෙන්නත් පුළුවන්. තනිකඩ කට්ටියට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි, හරි ආදරයක් හොයා ගන්න ලොකු කාලයක් යන එක. ඒ ඇයිද කියලා ඔබට කියන්න පුලුවන්ද? තනිකඩ කට්ටියට හරි ආදරයක් හොයා ගන්න ලොකු කාලයක් යන්නේ මෙන්න මේ හේතු නිසාලු.

1. හදවතට වඩා බුද්ධියට ඉඩ දීම

ඔබ ඔහේ කරන්නන් වාලේ ආදරය කරන්න කැමති කෙනෙක් නෙමෙයි. එහෙම ඉක්මනටම තීරණ වලට එළබෙන්නේ නෑ. තමන්ගේ ජිවිතයේ ගමන් කරන්න ඕනේ මාර්ගය අරමුණු හැම එකක්කටම ගැලපෙන විදිහේ ආදරයක් හොයා හොයා ඔබ ඇවිදිනවා. ඒ වගේම තමයි ඒ ලැබෙන ආදරය කිසම අඩුවක් පාඩුවක් නැති සුරංගනා කතාවක වගේම රොමැන්ටික් වෙනවටයි ඔබ කැමති. ඉතින් තනිකඩ වෙලා ඉන්න එක අහන්නත් දෙයක්ද?

2. හැමවෙලේම ඇත්තට විතරක් තැන දෙන එක

හිතට හරියනම ආදරයක් ලැබුනොත් විනා පුංචි පුංචි ආදර කතා ළඟ හිත නතර කර ගන්න කිසිම අදහසක් ඔබට නෑ. අවංකවම/ක්‍රියාවෙන්ම ඔප්පු වෙන ආදරයක් ලැබුනොත් විතරයි ඔබ ඒ වෙනුවෙන් යොමු වෙන්නේ.

3. හිත රිද්දගන්න අකමැති වීම

ආදරයක් අහිමි වුනහම තියෙන වේදනාව වචනයෙන් විස්තර කරලා ඉවර කරන්න බෑ. ඒ තරමටම ඒ හැඟීම වේදනාකාරියි. ඉතින් ගොඩාක් දෙනා තනිකඩව ඉන්න හේතුව ආපහු සැරයක් හිත රිද්දගන්න වෙයි කියන බයෙන් මිදෙන්න බැරි කම. ඒ වේදනාව වෙනුවෙන් බය වෙන එක සාධාරණයි කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. හැබැයි, ජීවිතේ පරණ අත්දැකීම් නිසා එක තැන නවත්තගෙන ඉන්න එකත් වැරදියි.

4. වැඩි අපේක්ෂාවලින් යුක්ත වීම

ඕනෙම දෙයක් සාමාන්‍ය විදිහට කරගන්න පුළුවන් නම්, එක තමයි වඩාත්ම යහපත්. මොකද උවමනාවට වඩා අපේක්ෂාවන් බලාපොරොත්තු තියාගන්න එක ඕනෙම දෙයකට ප්‍රශ්නයකට හිටිනවා. ආදරය ගැන වුනත් මහා ලොකුවට බලාපොරොත්තු තියාගෙන හිටියහම, ලොකු ලොකු හීන මාලිගාවල තනිවෙනවා ඇරෙන්න, හරි ආදරයක් හොයාගන්න වෙලා යනවා තමයි.

5. ඔබ, ඔබේ තනිකඩ බවේ රසිකයෙක් වීම

කාලයක් තිස්සේ තනියම හිටිහයහම තමන්ගේ තනිකඩකම තමන්ම රස වින්දින තත්වයට පත් වෙන එකත් ගැටළුවක්. තනියම ඉන්න එකේ තියෙන නිදහස, සැනසීම දෙන්නෙක් වුනහම ලැබෙන්නේ නෑ කියන තැනට හිත පුරුදු කර ගත්තහම, ආදරයක් හොයාගන්න එක අමාරුයි තමයි. තනිකඩව ඉන්න එක සතුටක් නොවුනට, ආදරවන්තියක් නෙමෙයි කියන එක බය වෙන්න හේතුවක් නෙමෙයි කියලා හිතන කෙනෙක්ට ආදරයක් හොයා ගන්න අමාරු වෙනවා.

6. කැපකිරීම් සහ අවශ්‍යතා හඳුනාගන්නේ නැති එක

ආදරයකදී දෙන්නට දෙන්න කැප වෙන්න ඕනේ. ඒ වගේම, අවශ්‍යතා හඳුනාගන්න ඕනේ. මේ දෙකම දෙන්නගෙන්ම එක විදිහට වෙන්න ඕනේ කියන බලාපොරොත්තුවෙන් වැඩ කරන එක හැම වෙලේම ප්‍රයෝගික නැති වෙන්න පුළුවන්. මොකද කැපකිරීම් වලට පිරිමි පාර්ශවය නැඹුරු වෙන්නේ ටිකක් අඩුවෙන්. ඉතින් ඒක අවබෝධ කරගෙන වැඩ කරන එක වැදගත්. හැම දේ ගැනම උවමනාවට වඩා හිත හිත ඉන්නේ නැතිව, තමන් කැපකිරීම් කරන්න ඕනේ තැනත්, තමන්ගේ අවශ්‍යතවයන් කොහොමද සපුරාගන්නේ කියලත් හරි අවබෝධයකින් ඉන්නවානම්, ආදරය හොයා ගන්න ලතවෙවී ඉන්න දෙයක් නෑ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,252
   24

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
chore lists for kids
   71,000
   22

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Kaju Dosi Recipe
   178,985
   21

කජු දෝසි - Recipe

Video
Protect your baby's soft skin with jasmine and kasthuri kaha
   30,387
   20

පිච්ච සහ කස්තුරි කහ සාරයෙන් ඔබගේත් බිළිඳාගේත් මෘදු සම රැකගනිමු

හැඩකාරී අපි කියන්න යන්නේ මේ දිව්‍යමය ඖෂධ වලින් අපේ සමට ලැබෙන වාසි ගැන සහ ඒ වාසි සමට ලබාගන්න ඔබට පහසුවෙන්ම භාවිතා කරන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් ගැනයි

Latest Articles

Most Viwed