ලිංගිකව එක්වීමෙන් ඇත්තටම ඔබට මොකද වෙන්නේ?

July 19, 2017
49,194
The Surprising Health Benefits of Sex
ඇත්තටම මොකද වෙන්නේ ලිංගිකව එකතු වුනහම? ඔබ දෙදෙනා තෘප්තිමත් වෙන එක විතරද? උත්තරය එහෙම නෙමෙයි කියන එක. ලිංගිකව එකතු වෙන එකෙන් ලිංගික තෘප්තියක් ලැබෙනවා වගේම තමයි තවත් ගොඩාක් වාසි සහගත දේවල් ඔබට ලැබෙනවා. දැනගන්න කැමතිද ඒ මොනදවද කියලා?

1. තරුණ බව රැකදෙනවා

ලිංගිකව හැසිරීමෙන් ආතතිය අඩු වෙනවා. මනස තෘප්තිමත් වෙනවා. ඉතා හොඳින් නින්ද යනවා. ඉතින් මේ හේතු නිසා, ලිංගිකව එක්වීම තුලින් ඔබගේ තරුණ පෙනුම රැකෙනවා කියලයි කියන්නේ. මේය විද්‍යාඥයින් විසින් සනාත කර ඇති කරුණක්.

2. ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරනවා

සාමාන්‍යයෙන් සතියකට වරක් හෝ දෙවරක් ඉතාමත් ක්‍රියාශිලිව ලිංගිකව එක් වීම, ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වයට උදව් වන හෝමෝන ශ්‍රාවය 30% ක් පමණ කරනවා. මේ නිසා හෘද රෝග, අංශභාගය වැනි රෝග වලින් ඔබව ආරක්ෂා කිරීමක් සහ පොදුවේ ඉක්මනින් රෝග වැළඳීමේ ගුණය නැති කරනවා.

3. කැලරි දහනය කරනවා

අනෙක් ඕනෑම ව්‍යායාමයක් වගේම, ලිංගික එක්වීම තුලිනුත් ඔබේ ශරීරයේ කැලරි දහනය කරනවා කියලා ඔබ දැන සිටියාද? ක්‍රියාශීලි ලිංගික එක්වීමක් තුල විනාඩි 20ක දී කැලරි 96ක් පමණ දහනය වෙන බවට සඳහන් වෙනවා.

4. වේදනාව අඩු කරනවා

ලිංගික තෘප්තිය මගින් ඉරුවාරදය, ආතරයිටිස් සහ මාසික ඔසප් වීමේදී ඇතිවෙන අධික වේදනාව අඩු කරනවා කියලත් සඳහන් වෙනවා. ලිංගික එක්වීමේදී ඇතිවන සතුටු හැඟීම මිට හේතු වෙනවා.

5. ආයු කාලය වැඩි කරනවා (හරි ප්‍රමාණයෙන් කලොත්)

සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා, මාසයකට වරක් ලිංගිකව එක වෙන පුද්ගලයෙක්ට වඩා, සතියකට වරක් හෝ දෙවරක් තමන්ගේ විරුද්ධ ලිංගිකයා සමග ලිංගිකව එක වෙන තැනත්තන්ගේ ආයු කාලය වැඩියි කියලා. දෙදෙනා අතර ඇතිවන මානසික අවබෝධයත් මෙයට හේතු ලෙස බලපානවා.

6. හුස්ම ගැනීමේ පහසුව ඇති කරනවා

ඇදුම වගේ රෝග වලට ස්වභාවික ඖෂධයක් විදිහට ලිංගික ක්‍රියාකාරකම් හේතු වෙනවා කියලා ඔබ දන්නවද? හොඳ ශ්වසන හැකියාවක් ඇති කිරීම ඊට හේතුවයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-19 00:00:00' and A.id <> 352 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 9:17:01 AM
Script:/article/352/the-surprising-health-benefits-of-sex.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 9:17:01 AM
Script:/article/352/the-surprising-health-benefits-of-sex.html