ආදරය ද? රාගය ද? හරියටම දැනගන්න love test එකක් කරලා බලමුද?

August 3, 2017
27,702
3 Keys to a Strong Relationship
ආදරයයි රාගයයි කියන්නේ හරියට එකම කාසියක දෙපැත්තක් වගේ. හැබැයි ඉතින් කට්ටිය ආදරය දිහා ආදරෙන් බැලුවට රාගය දිහා නම් ආදරෙන් බලන්නේ නැහැ. අද කාලේ ආදර සබදතා වල තියෙන ලොකුම ප්‍රශ්නයක් නේ මේ ආදරයයි රාගයයි හරියට අඳුර ගන්න බැරි එක. ඇත්තටම මේක අඳුර ගන්න එක හිතන තරම්ම අමාරු දෙයක්ද? මේ වැඩේ ටිකක් විතර අමාරුයි නම් තමයි හැබැයි ආදරේදී වැදගත් වෙන මේ කාරණා තුන ගැන හොඳට හිතලා බැලුවා නම් පහසුවෙන්ම මේ ප්‍රශ්නය විසඳ ගන්න පුළුවන්. එතකොට මොකක්ද මේ ආදරේදී වැදගත් වෙන කාරණා තුන?

1. සන්නිවේදනය

ආදරේදී ඔබ දෙදෙනා කිසිම ප්‍රශ්නයක් නැතුව විවෘතව ජිවිතේ ප්‍රශ්න ගැන වගේම අවශ්‍යතා ගැනත් කතාබහ කරනවා. ඔහුගේ ජීවිතේ ගැන වගේම ඔබේ ජිවිතේ ගැනත් ඔහුට තියෙන්නේ හොද අවබෝදයක්. නමුත් රාගයේදී ඔහු කැමතිම පාට කියවන පොත් බලන tv වැඩසටහන් වගේ දේවල් ගැන ඇරෙන්න වෙන වැදගත් කිසිම දෙයක් ගැන ඔබ දන්නේ නැහැ. ඔබ ඒ දේවල් ගැන අහන්නත් බයයි ඔහුගෙන්. ඒ වගේම තමයි කිසිම අවස්ථාවක ඔබ දෙදෙනා ජිවිතේ වැදගත් දේවල් ගැන කතාබහ කරන්නේ නැහැ.

ආදරේදී ඔබ දෙදෙනා තර්ක කරගන්නවා. හැබැයි අවසානයේ දෙදෙනාම එකඟතාවයකට එනවා. තර්ක කරා කියලා ඔබ දෙදෙනා අතරේ කිසිම විදිහක ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. නමුත් රාගයේදී ඔබ ඔහුත් සමඟ තර්ක කරන්නේ නැහැ. ඔබ බයයි ඔහුත් සමඟ තර්ක කරන්න. ඔබ ඔහු කියන දෙයකට එකඟ වෙනවා.

2. ආදරය

ආදරයේදී ඕනෑම අවස්ථාවක ඔහු ඔබ වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. ඔබව කිසිම අවස්ථාවක තනි කරන්නේ නැහැ. රාගයේදී ඔහුට කිසිම අවශ්‍යතාවයක් නැහැ ඔබේ දේවල් වෙනුවෙන් පෙනී සිටින්න. ඔබ මොන තත්වෙක හිටියත් ඔහු ඒ ගැන සොයා බලන්නේ නැහැ. ඔහු ඔහුගේ සාමාන්‍ය විදිහට ජීවිතය ගත කරනවා.

ආදරයේදී ඔහු ඔබේ සතුටේදී සතුටු වෙනවා. ඔබේ සතුට වෙනුවෙන් බොහො දේවල් කරනවා. රාගයේදී ඔහු ඔබව විස්වාස කරන්නේ නැහැ. ඔබ දිහා නිතරම බලන්නේ සැකයෙන්. ඔබේ සතුටට හේතුවෙන කිසිම දෙයක් ඔහු කරන්නේ නැහැ.

ආදරයේදී ඔහු ඔබට කිසිම දෙයක් සඟවන්නේ නැහැ. අවංකව ඔබට හැම දෙයක් ගැනම කියනවා. රාගයේදී ඔහු ඔබට නිතරම බොරු කියනවා. ඔබ ඔහුගෙන් ප්‍රශ්ණ කලොත් ඔහු ඔබත් සමඟ ප්‍රශ්ණ ඇතිකර ගන්නවා. නැත්නම් ඔබ බිය වෙනවා ඔහුගෙන් ප්‍රශ්න කරන්න.

ආදරයේදී ඔබ දෙදෙනා අතර කායිකව වගේම මානසිකවත් ලොකු බැදීමක් තියෙනවා. නමුත් රාගයේදී ඔබ දෙදෙනා අතර තිබෙන්නේ කායික බැදීමක් විතරයි.

3. ගරුත්වය

ආදරයේදී ඔහු ඔබේ දුර්වලතා හදුනාගෙන ඒවා සකස් කර ගන්න ඔබට උදවු කරනවා. රාගයේදී ඔහු ඔබේ දුර්වලතාවයන් අනිත් අය ඉදිරියේ හෑල්ලුවට ලක් කරනවා. ඔබේ දුර්වලතාවයන් ගැන නිතර නිතර ඔබට වැරදි කියනවා.

ආදරයේදී ඔහු ඔබේ අවශ්‍යතාවයන් හදුනා ගන්නවා. ඔබට ඒ දේවල් වෙනුවෙන් උදවු කරනවා. ඔබේ අදහස් වලට ගරු කරනවා. රාගයේදී ඔහු ඔබේ අදහස් වලට ඉඩක් දෙන්නේ නැහැ. ඔබව පාලනය කරන්න උත්සහ කරනවා. ඔබ හැම දෙයක්ම කල යුත්තේ ඔහුගේ අවශ්‍යතාවයන් සම්පුර්ණ කරන්න.

ආදරයේදී ඔහු ඔබ අතින් වෙන වැරදි වලට සමාව දෙනවා. ඔබව ආරක්ෂා කරගන්න උත්සහ කරනවා. රාගයේදී ඔහු කිසිම අවස්ථාවක ඔබේ වැරදි වලට සමාව දෙන්නේ නැහැ. සමහර අවස්ථාවල ඔබට පහරදීම පවා ඔහු කරනවා. ඔබ ඔහුට ගරුත්වයකට වඩා දක්වන්නේ බියක්.

ආදරේදී මේ කාරණා තුන ගැන ඔබ හොඳට හිතලා බැලුවා නම් ඔබට පහසුවෙන්ම පුළුවන් ආදරය වගේම රාගයත් හදුනා ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Changes in your body if you consume cod-liver oil daily
   86,978
   39

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
10 symptoms shows you are pregnant
   39,853
   36

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Benefits of Wood Apple
   5,801
   23

දිවුල් වල නේක් ගුණ

කාන්තාවන්ගේ දරුඵල ලැබීමේ ඇති පමාවේස සිට පිරිමින්ගේ කාම ශක්තියට මෙන්ම අපේ ශරීරයේ අනේක රෝග සමනය කරන්න දිවුල් ආහාරයට ගත යුතු ආකාරය දැන ගනිමු
These signs may be saying that you have cholesterol
   36,652
   23

මේ ලක්ෂණ පෙන්නුම් කරනවා නම් ඔබ දැනටමත් කොලෙස්ටරෝල් අවදානමට ලක්වෙලා

කොලෙස්ටරෝල් වැළඳිලා තිබුනත් එහි රෝග ලක්ෂණ ප්‍රබලව පිටතට පෙන්නුම් කරන්නේ නැති නිසා මේ තත්ත්වය උත්සන්න වෙනකන්ම ගොඩක් දෙනෙක් එය
Dress patterns for flower prints
   56,046
   22

මල් ගවුම් අඳින්න කැමති රුවැත්තියන්ට ගවුම් පැට්න්

විශේෂයෙන් මේ කාලෙට මල් ප්‍රින්ට් එක තියෙන රෙද්දෙන් නිමැවුනු ගවුම් අඳින්න ගැහැනු අපි ලොකු කැමැත්තක් දක්වනවා. ඉතින් මේ ගවුම් මෝස්තර ටික බලන්න ඔයා කැමති පැට්න් තියෙනවද කියලා

Latest Articles

Most Viwed