ආදරේ රැකගන්න නම් ඇත්තටම මේ දේවල් කරන්න ඕනෙද?

August 6, 2017
14,275
Small Gestures Of Love Can Save A Relationship
ජීවිතේ කියන්නේ අපි හිතන තරම් පහසු දෙයක් නම් නෙවෙයි. හැබැයි ඉතින් එහෙමයි කියලා හැමදාමත් ජීවිතේ දිහා අශුභවාදී විදිහටම බලන්න බෑ නේ. ඇත්තටම උවමනාව තියෙනවා නම් ඕනෙම කෙනෙක්ට පුළුවන් ජීවිතේ ලස්සන එකක් කරගන්න. ජීවිතේ තියෙන වැදගත් දේවල් අස්සේ තියෙන වැදගත්ම දෙයක්නේ ආදරේ කියන්නේ. ඉතින් මේ ආදරේ කියන කාරණාව කෙනෙක්ගේ ජීවිතේ සතුටට වගේම දුකටත් හේතුවක් වෙනවා. කොහොම උනත් අපේ කාන්තා පාර්ශවයේ තියෙන වැරදි අදහසක් තමයි ආදරේ රැකගන්න ලොකු ලොකු දේවල් කරන්න ඕනේ කියන එක.

ගොඩක් වේලාවට මේ වැරදි අදහස හින්දම තමයි මේ අයගේ ආදරේ ඒ අයට නැතිවෙලා යන්නෙත්. ඒ නිසා පරක්කු නොවී ඔබේ ආදරය රැකගන්න කරන්න ඕනේ පුංචි පුංචි දේවල් ටිකක් ගැන තමයි අද අපි ඔබට කියන්නේ. හැබැයි ඉතින් මේ දේවල් පුංචි දේවල් උනාට ඔබ හිතන්නේ නැති තරමටම ඒ දේවල් ඔබට වැදගත්.

1. ඔබේ හොඳ පුරුදු නිතරම මතක තබාගන්න

ඔහු ඔබේ ජීවිතේ ඉන්න සමීපතම කෙනා උනාට කවදාවත් ඔහු ඉදිරියේ ඔබේ හොඳ පුරුදු නම් අමතක කරන්න එපා. මොකද ගොඩක් කාන්තාවන් හිතන්නේ තමන්ගේ සහකරුවා ඉදිරියේ වැදගත් විදිහට ඉන්න එක එච්චර වැදගත් දෙයක් නෙවෙයි කියලා. මේ නිසා මේ අය වැඩිය හිතන්නේ බලන්නේ නැතුව ඒ අයට ඕනේ විදිහට හැසිරෙනවා. ඔබත් මේ වගේ හිතන කාන්තාවක් නම් මතක තියාගන්න ඔබ නොහිතුවට ඔහු ඔබේ හොද පුරුදු ගැන ඉන්නේ ලොකු සැලකිලිමත් කමකින්. මොකද ඔබ මේ හැසිරෙන විදිහ ඔබ ඔහුට කොච්චර ගරු කරනවද කියන කාරණාව ඔහුට පෙන්නලා දෙනවා. ඒ නිසා පුංචි දෙයක් කියලා මේ කාරණාව අමතක කරලා දාන්නේ නැතුව ඔහු ලඟදි ඔබේ හොඳ පුරුදු මතක තියාගෙන හැසිරෙන්න.

2. ඔහු ඔබත් සමඟ කරන්න කැමති කාලෙකින් නොකරපු දේවල් කරන්න

හිතන්න ඔහු කැමතියි ඔබත් සමඟ නිදහසේ film එකක් බලන්න. හැබැයි ඔබේ වැඩි උනන්දුවක් නැහැ film බලන්න. නමුත් ඔබට පුළුවන් නම් ඔහුව තේරුම් අරගෙන ඔහු වෙනුවෙන් ඒ දේ කරන්න. ඔහුට එය ලොකු සතුටක් වේවි. මේ වගේ පුංචි පුංචි දේවල් ඕනේ තරම් ඇති ඔහු වෙනුවෙන් ඔබට කරන්න පුළුවන්. ඒ නිසා ලොකු ලොකු දේවල් ගැන හිතන්නේ නැතුව ඔහු වෙනුවෙන් ඒ පුංචි පුංචි දේවල් කරන්න උත්සහ කරන්න.

3. ඔහුගේ ජීවිතේ පුංචි පුංචි දේවල් උනත් අගය කරන්න

ඔහු ජීවිතේ ලබාගන්න පුංචි පුංචි ජයග්‍රහණ උනත් අගය කරන්න. සමහර විට ඒ දේවල් අගය කරන්න තරම් ලොකු දේවල් නොවෙන්න පුළුවන්. නමුත් ඔබ ඒ දේවල් වලට කරන අගය කිරීම් ඔහුට ලොකු ශක්තියක් වගේම සතුටට හේතුවක් වෙන්න පුළුවන්. මේ නිසා අමතක නොකර නිතර ඔහුව අගය කරන්න.

4. නිතරම ඔහුත් සමඟ ඉන්න

අපිට ජීවිතේ අමාරු අවස්ථා වලට මුහුණ දෙන්න උනාම අපිට වැඩිපුරම දැනෙන්න අපි ආදරේ කරන අයගේ අවශ්‍යතාව. ඒ නිසා නිතරම ඔහුත් සමග ඉන්න. ඔබ ඔහුත් එක්ක නිතරම ඉන්නවා කියලා ඔහුට දැනෙනකොට කවදාවත් ඔහු ඔබෙන් ඈත් වෙන්න හිතන්නේ නැහැ. මේක ඔබට ඔබේ ආදරේ වෙනුවෙන් කරන්න පුළුවන් බොහොම පුංචි දෙයක්.

5. ඔහුට අවශ්‍ය දේවල් අරන් දෙන්න

ඔබට පුළුවන් නම් ඔහුගේ පරණ මේස් දෙක වෙනුවට අලුත් මේස් දෙකක් ඔහුට ගෙනත් දෙන්න ඇත්තටම ඔහු සතුටු වේවි. මොකද ඔහුට දැනෙනවා එතකොට ඔබ නිතරම ඉන්නේ ඔහුගේ දේවල් ගැන අවධානයකින් කියලා. මේ වගේ ඔබට පුළුවන් ඔහුට අවශ්‍ය පුංචි පුංචි දේවල් ගැන හොයලා බලලා ඔහුට ඒ දේවල් ගෙනත් දෙන්න.

6. ඔහුට ආදරෙයි කියලා නිතර කියන්න

ඔබ ඔහුට ආදරෙයි කියලා ඔහු දන්නවා තමයි. හැබැයි ඔබ ඔහුට ආදරෙයි කියලා නිතරම කිවුවා කියලා ඔබට කිසිම විදිහක පාඩුවක් නම් වෙන්නේ නැහැ. මොකද මේ නිසා ඔබ දෙදෙනා අතර තියෙන ආදරේ තව තවත් වැඩි වෙනවා. ඔහුගේ හිතේ ඔබ ගැන තියෙන ආදරයත් වැඩි වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,252
   24

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
chore lists for kids
   71,000
   22

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Kaju Dosi Recipe
   178,984
   21

කජු දෝසි - Recipe

Video
Protect your baby's soft skin with jasmine and kasthuri kaha
   30,387
   20

පිච්ච සහ කස්තුරි කහ සාරයෙන් ඔබගේත් බිළිඳාගේත් මෘදු සම රැකගනිමු

හැඩකාරී අපි කියන්න යන්නේ මේ දිව්‍යමය ඖෂධ වලින් අපේ සමට ලැබෙන වාසි ගැන සහ ඒ වාසි සමට ලබාගන්න ඔබට පහසුවෙන්ම භාවිතා කරන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් ගැනයි

Latest Articles

Most Viwed