මොකද්ද මේ සාමාන්‍ය දරු උපතක් එහෙම නැත්නම් normal delivery එකක් කියන්නේ?

August 24, 2017
8,253
What is a normal delivery?
සාමාන්‍ය දරු උපතක් එහෙමත් නැත්නම් normal delivery එකක් කියල සළකන්නේ නිවැරදිව හිස පහළට පිහිටන කළලයක් නියමිත දින ගණන සම්පුර්ණ වූ පසු ස්වභාවිකව සිදු වෙන ක්‍රියාදාමයක් අනුව ගර්භාශයේ සිට පිටතට පැමිණීමයි. ඒ වගේම තමයි අඩු දින ගණනකින් හෝ දින පසු වී සිදු වන ප්‍රසුතියක් වගේම අසාමාන්‍ය පිහිටීම් සහිත සහ උපකරණ ආශ්‍රයෙන් හා සිසේරියන් සැත්කම් මාර්ගයෙන් සිදු වන ප්‍රසුතිය normal delivery ගණයට වැටෙන්නේ නැහැ.

ස්වභාවික ප්‍රසුතිය සිදු වීමේ පෙර ලකුණු හඳුනා ගන්න;

ස්වභාවික දරු ප්‍රසුතියක් සිදු වීමේදී මවට වේදනාවක් දැනෙන එක තමයි මුලින්ම සිද්ධ වෙන්නේ. මුළු ගර්භනී කාලය පුරාවට මව නොයෙකුත් ආකාරයේ වේදනාවන් වලට මුහුණ දෙන නිසා ප්‍රසුතියේදී ඇති වන වේදනාව හඳුනා ගන්න විශේෂ ලක්ෂණ කීපයක්ම තියෙනවා. එකක් තමයි වරින් වර ඒකාකාරී විදියට දැනෙන වේදනාව. මෙහිදී විනාඩි 10 කට දෙවතාවක් පමණ වේදනාව ඇති වෙනවා. පසුව මේ වේදනාව ටිකෙන් ටික වැඩි වෙනවා සහ ළඟ ළඟ වේදනාව ඇති වෙන්න ගන්නවා. මීට අමතරව සුදු පැහැ හෝ රෝස පැහැයට හුරු ශ්‍රාවයක් පිට වීම ප්‍රසුතිය ආරම්භ වීමේ තවත් ලක්ෂණයක්.

මේ වගේ අවස්ථාවක් ඇති උනොත් වෛද්‍යවරයෙක් හමු වීම අනිවාර්යයි. එහිදී මවගේ ගර්භාෂය ප්‍රසුතිය සඳහා සුදානම්ද නැද්ද යන්න පරික්ෂා කර බලනවා. ඒ වගේම තමයි ගැබ් ගෙල කියන ගර්භාශයේ පහල කොටසේ විවරය ඈත් වෙන්න ඕනේ. එහෙම ඈත් උනාම තමයි බබාට පිටතට එන්න ඉඩ ලැබෙන්නේ.

ඒ වගේම තමයි ප්‍රසුතිය අදියර කීපයක් යටතේ හඳුනා ගන්න පුළුවන්. මුලින්ම වේදනාව ඇති වීම් සිට ගැබ් ගෙල විවර වීම දක්වා පළමු කාලසීමාව පළමු අදියරට තමයි අයිති වෙන්නේ. මේ අවස්ථාවේදී රෝහල් ගත කල මවගේ ගැබ් ගෙල සහ බබාගේ හෘද ස්පන්දනය පැය හතරකට වරක් පරීක්ෂා කරනවා. ගැබ් ගෙල නිසි පරිදි ඈත් නොවීම මෙහිදී මව්වරු මුහුණ දෙන තවත් ගැටළුවක්. ඒ සඳහා තමයි සින්ටෝ කියන ඖෂධය ලබා දෙන්නේ. ගර්භාෂය සංකෝචනය වීමට එම ඖෂධය උදවු වෙනවා.

මේ විදියට ස්න්ටෝ දීලත් පැය හතරක් පමණ යන තුරුත් ගැබ් ගෙල සෙන්ටි මීටර් 2ක් තරම් ප්‍රමාණයක් වත් ඈත් වෙලා නැත්නම් සිසේරියන් සැත්කමක් මගින් බබාව එලියට ගන්න එක තමයි කරන්න තියෙන්නේ.

ඔයත් මවක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් ගැබ් ගැනීමේ දිනයේ ඉඳලා දරුවාව බිහි කරන කාල සිමාව දක්වා මුහුණ දෙන ප්‍රශ්න වලින් එකක් තමයි මේ. දරු ප්‍රසුතිය ගැන අනිවාර්යයෙන් හොඳ අවබෝධයක් තිබීම මවකට ඉතා වැදගත්. ගර්භණී කාන්තාවකගේ ඉතා වැදගත් වගේම අවධානම් සහිත කාලය විදියට මේ ප්‍රසුතියට ආසන්න කාලය සහ ප්‍රසුතිය හඳුන්වන්න පුළුවන්. ඉතින් මවක් වෙන්න පෙරුම් පුරණ ඔයාට මේ තොරතුරු ටික ගොඩාක් වැදගත් වෙයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 385 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:07:06 AM
Script:/article/385/what-is-a-normal-delivery.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:07:06 AM
Script:/article/385/what-is-a-normal-delivery.html