ඕනෙම කෙනෙක් ජීවිතයේ ආදරයෙන් බැඳෙන්නේ තුන් වතාවයි. ඔබත් ඒ අවස්ථා තුනම අත් විඳලා තියෙනවාද?

September 1, 2017
62,467
Everyone Has Only 3 Chances to Fall in Love
ආදරය කියන්නේ හරිම අමුතු හැඟීමක්. මෙන්න මෙහෙමයි කියලා ආදරයට හරි නිර්වචනයක් ඉදිරිපත් කරන්න මේ ලෝකයේ කිසිම කෙනෙක්ට පුළුවන් කමක් තියෙනවා කියලා අපි හිතන්නේ නෑ. ඒ තරමටම සංකීරණ ආදරය ඔබ මේ වෙද්දී විඳලා ඇති. නැත්නම්, ආදරයෙන් විඳවමින් ඇති. මේ කොහොම වුනත් ලෝකයේ ජීවත් වෙන ඔබට මට, අපි හැම දෙනාටම ආදරය හමු වෙන්නේ අවස්ථා තුනකදී විතරලු. ඒ හැම අවස්ථාවක්ම ඔබේ කරගෙනද කියලා ඔබට හොඳටම විශ්වාසද?

1. සුරංගනා කතාවක වගේ ආරදය

ගොඩාක් වෙලාවට මේ ආදරය අපිට හම්බ වෙන්නේ වයසින් අඩු කාලයේදී. යෞවනයේ මුල්ම කාලයේ අපිට හමු වෙන ආදරය තමයි මේ විදිහට හැඳින්වෙන්නේ. පොත් පත් වල අපි කියවලා තියෙන ආදරය වගේ හිතට තුරුළු කරගෙන ජීවිතය විදින්න අපි අපේ නොතේරුම් කමටම උත්සාහ ගන්නවා. වැඩිහිටියන්ව මේ කාලයේදී මායිම් කරන්නේ නැතිව, අපිට හිතෙන දැනෙන දේ තමයි හරියටම හරි කියලා අපි හිතන්නේ. ජීවිතයම කැප කරගෙන, මේක තමයි ජිවිතයම කියලා මුළු හිතින්ම අපි ඒ ආදරයට ආදරය කරනවා. හැබැයි, ඒ වගේ තමන්ගේ පළමු ආදරයම ජීවිතය වෙලා තියෙනවාද ඔබගේ?
ගොඩාක් වෙලාවට වෙන්නේ මේ සුරඟනා ආදරයෙන් අපි හරියට හිත රිද්ද ගන්න එක විතරයි.

2. අවුල් ආදරය

මුළු හිතින්ම කරපු ආදරයකින් පැරදුනහම, හිත හදා ගන්න හරිම ආමාරුයි. ඒ වෙලාවට අපි කරන්නේ, රිදෙන හිතට සහනයක් වෙන්න කියලා ඔන්න ඔහේ හම්බ වෙන ආදරයක් එක්ක පැටලෙන එක. කලින් වගේ හිත රිද්ද ගන්න අකමැති නිසා, ගොඩාක් හොඳට හිතලා මතලා අලුත් සම්බන්ධය පටන් ගන්නවා කියලා හිතුවට, එතනදිත් අපි හරිම සතුටින් නෙමෙයි ඉන්නේ. දෙන්න අතරේ තියෙන නොගැලපීම්, නිසාම වෙලාවකට සතුටත්, බොහෝ වෙලාවට අසතුටත් එක්ක මේ වගේ සම්බධයකදී සටන් කරන්න වෙනවා. ඉස්සරහට කරන්න ඕනෙද ,නවත්තවනවද කියලා හරියටම හිතා ගන්න බැරි ආදර කතා තමයි මේවා. මේ වගේ ආදර කතා අවසානයේදී අපි ඉගෙන ගන්නවා අපි ආදරය කලාට විතරක් මදි. අනික් අතට ආදරය ලබන්නත් ඕනේ කියලා.

3. පරිනත ආදරය

බලාගෙන ඉඳලා ඉඳලා, බලාපොරොත්තු අතහැරගෙන ඉන්න වේලාවකදී තමයි අපිට මේ පරිනත ආදරය හම්බ වෙන්නේ. ආදරය කියන්නේ මෙන්න මේකටයි කියලා අපේ හිතේ තිබුණු දැනීම් හැඟීම් එක්ක හරියටම ගැලපෙන්නේ නැති වුනත්, හරිම හර්දයාංගම බවක් අපිට දැනෙන්න පටන් ගන්නවා. මෙන්න මේකයි කියලා වචනයෙන් විස්තර කරන්න බැරි හැඟීම් ගොඩක එකතුවක් තමයි අපි අත්විඳින්නේ. ආරදය කරන කෙනාට මෙන්න මේ දේවල් තියෙන්නම ඕනේ. මේ විදිහම වෙන්නම ඕනේ කියලා ලොකුවට අපේක්ෂා නැතිව, අපි ඔහුගේ හොඳ සහ නරක ඇති සැටියෙන් දැනගෙන ආදරය කරන්න පෙළඹෙනවා. අනිත් අන්තයත් එහෙමයි. අපේ වැරදි අඩුපාඩු තිබුනත්, ඒවා ගණන් නොගෙන, අපේ ඇතුළාන්තයට ආදරය ලැබෙනවා. මෙතැනදී තමයි අපි තේරුම් ගන්නේ හැම සම්බන්ධතාවයක්ම සර්ව සම්පුර්ණ නෑ. නමුත්, අපි අපි වුනහම, ජීවිතය ලස්සනට විදින්න පුළුවන් කියලා.

ඉතින්, ඔබ මේ වෙනකොට පසුකරමින් ඉන්නේ, මේ ආදර කතා වල කී වෙනි එකද?

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   57,783
   36

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Are you sleepy always? It can be a sign if a problem in your body!
   16,115
   18

කොයි වෙලෙත් නිදි මතද? එහෙනම් ඒක භයානක රෝග ලක්ෂණයක් වෙන්නත් පුළුවන්!

අධික ලෙස නිදා ගැනීම සහ අධික වෙහෙසට පත්වීමට හේතුව සම්බන්ධයෙන් අද හැඩකාරී වෙතින් ඔයාට තොරතුරු සපයනවා
Changes in your body if you consume cod-liver oil daily
   98,708
   18

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
How to reduce under arm sweating
   27,959
   15

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
chore lists for kids
   53,304
   14

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන

Latest Articles

Most Viwed