ඔසප් වේදනාව නැති කරන සුපිරිම ආහාර

September 27, 2017
13,075
6 Period super foods all girls should be eating
කාන්තාවන් හැමෝම මුහුණ දෙන තත්වයක් තමයි මාසික ඔසප් වීම කියන්නේ. හැබැයි බහුතරයක් කාන්තාවන් අත්විඳින්න අකමැතිම දෙයක් තමයි මාසිකව ඇතිවෙන ඔසප් වීමේදී දැනෙන අධික වේදනාව. හැබැයි ඉතින් 15% ක් විතර කාන්තාවන්ට මාසික ඔසප් වීම කියන්නේ කිසිම වේදනාවක් ඇතිවෙන දෙයක් නෙවෙයි. අනිත් කාන්තාවන් නම් අඩු වැඩි වශයෙන් මේ වේදනාව මාසෙකට සැරයක් අත් විඳිනවා. ඒ නිසා අපි ඔබට කියන්න හිතුවේ ඔසප් වේදනාවෙන් මිදෙන්න ඔබට උදවු වෙන ආහාර වර්ග කිහිපයක් ගැන. ඉතින් ඒ කාලෙට මේ දේවල් කාලම බලන්නකෝ ඔබටත් සහනයක් ලැබෙයිද කියලා.

1. Dark Chocolate

ඔබ මාසික ඔසප් වේදනාවෙන් පීඩා විඳින විට dark chocolate කියන්නේ ඔබට ඒ වේදනාවෙන් මිදෙන්න උපරිම සහයක් ලබාදෙන ආහාරයක්. ඒ විතරක් නෙවෙයි මේ දවස් වලට ඔබ තුල ඇතිවෙන නොරිස්සුම් සහගත තත්වයන් ඉවත් කර ගන්නත් dark chocolate ඔබට උදවු වෙනවා. ඒ නිසා ඔබ මාසික ඔසප් වේදනාවෙන් පීඩා විඳින අවස්ථා වලදී dark chocolate එකක් ළඟ තියාගෙන වරින් වර ආහාරයට ගන්න. ඔබට විශාල සහනයක් දැනේවි.

2. කැල්සියම් අඩංගු ආහාර

කැල්සියම් අඩංගු ආහාර අතරින් මේ කාලයට හොඳම දේ තමයි කිරි. ඔබ ඔසප් වේදනාවෙන් පීඩා විඳින අවස්ථාවල කිරි වීදුරුවක් පානය කරන්න පුළුවන් නම් ඔබේ මාංශ පේශීන් සැහැල්ලු වී උදරයේ ඇතිවෙන වේදනාවන් නැති වෙනවා.

3. තේ

මේ කාලයට ශිත ආහාර වැඩිපුර ගැනීම සුදුසු දෙයක් නෙවෙයි. එකෙන් වෙන්නේ ඔබේ වේදනාවන් තව තවත් වැඩි වෙන එක ඒ නිසා උණුසුම් ආහාර පාන ගන්න එක තමයි සුදුසු වෙන්නේ. ඒ අතරිනුත් තේ වලට ලැබෙන්නේ විශේෂ තැනක්. මොකද කුරුදු තේ වගේ දේවල් ඔබට මාසික ඔසප් වේදනාවෙන් මිදෙන්න උදවු වෙනවා.

4. සැමන්

සැමන් කියන්නේ ඔමේගා 3 අම්ලය වැඩි වශයෙන් අඩංගු වෙන ආහාරයක්. ඔමේගා 3 ඔබේ ශරීරයේ මාංශ පේශීන් සැහැල්ලු කරමින් මාසික ඔසප් වේදනාවෙන් ඔබට සහනයක් ලබාගන්න උදවු කරනවා.

5. කොලපාට පලා වර්ග

කොළ පැහැති පලා වර්ග කොළ වර්ග මේ කාලයේදී ආහාරයට ගැනීම මගිනුත් ඔබට පුළුවන් ඔසප් වේදනාවෙන් මිදෙන්න. ඒ නිසා වැඩිපුර කොළ පැහැති පලා වර්ග කොළ වර්ග මේ කාලයේදී ආහාරයට එක් කර ගන්න.

6. වතුර

වතුර කියන්නේ අපිට අවශ්‍යම දෙයක්. හැබැයි ගොඩ දෙනෙක් හිතන්නේ නැහැ, වතුර අපිට කොච්චර වැදගත්ද කියන කාරණාව ගැන. මේ නිසා මේ අය වතුර බොන්නේ තිබහක් ආවොත් විතරයි. මාසික ඔසප් වේදනාව දැනෙන දවස් වලට ඔයාට වැඩි පුර වතුර බොන්න පුළුවන් නම් ලොකු සහනයක් ලබාගන්න ඔයාට පුළුවන් වේවි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 431 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:15:22 AM
Script:/article/431/6-period-super-foods-all-girls-should-be-eating.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:15:22 AM
Script:/article/431/6-period-super-foods-all-girls-should-be-eating.html