මෙහෙම කොන්ඩයක් තියෙන කෙල්ලෝ ඇත්තටම ලස්සනයි

October 10, 2017
8,208
Girls with this hair is beautiful
කෙල්ලෝ කොහොමත් කැමති තමන්ව අනිත් අයට වඩා ලස්සනට පේනවට. මේ නිසාමනේ full try එකක් දෙන්නේ කරන්න තියෙන හැම දෙයක්ම හරි කරලා ලස්සන වෙන්න. කෙල්ලොන්ගේ ලස්සන ගැන කතා කරනකොට කොන්ඩේට ලැබෙන්නේ වැදගත් තැනක්. මොකද අපිව ලස්සන කරන වැදගත්ම දෙයක් තමයි අපේ කොන්ඩේ. බලන්නකෝ එහෙනම් මොන වගේ කොන්ඩයක් නිසාද කෙල්ලෙක් ලස්සන වෙන්නේ කියලා.

1. කොන්ඩේ පාට නම් ගැලපෙන්න ඕනේ

දේදුන්න දිහා බැලුවම පාට ගොඩක් තියෙන නිසා අපිට එක පෙන්නේ ලස්සනට. හැබැයි  දේදුන්නට හැම පාටම ගැලපුනාට කොන්ඩේට නම් හැම පාටක්ම ගැලපෙන්නේ නැහැ. විශේෂයෙන් අපි වගේ asian country එකක ජීවත් වෙන කෙල්ලොන්ට. මොකද ඇත්තම කතාව අපේ රටේ හැටියට අපේ කොන්ඩේට ගැලපෙනම පාට තමයි  කළු පාට. ඉතින් කෙල්ලෙක්ට ලස්සන කළු පාට කොන්ඩයක් තියෙනවා කියන්නේ ඕනෙම කෙනෙක් එයා දිහා දෙපාරක් හැරිලා බලන්න ඒක හේතුවක්.

2. මූණට හරියටම match වෙන්නත් ඕනේ

සමහර අයට curl කොන්ඩේ ලස්සනයි සමහර අයට straight කොන්ඩේ ලස්සනයි. මොකද ජාන වල බලපෑමත් එක්ක අපිට ගැලපෙනම කොන්ඩේ තමයි උපතින් අපිට ලැබෙන්නේ. ඒ නිසා straight කොන්ඩයක් තියෙන අය curl කොන්ඩයක් තියෙන අය දිහා බල බල worry වෙන්න වත් curl කොන්ඩයක් තියෙන අය straight කොන්ඩයක් තියෙන අය දිහා බල බල worry වෙන්න වත් ඕනේ නැහැ. මොකද ඔයාට ගැලපෙන කොන්ඩේ ස්භාවිකවම ඔයාට ලැබිලා තියෙන්නේ.

3. හොඳ shines එකක් නම් තියෙන්නම ඕනේ

Matte black එකයි shine black එකයි අතර වෙනස ඔයාට අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ. නිකන් හිතලා බලන්නකෝ ඔයාගේ ලස්සනට තියෙන කළු කොන්ඩේට shine එකක් ලැබුනොත් කොහොම තියෙයිද කියලා. අනික තමයි ඉස්සර ඔය මොනර පිලක් වගේ ලස්සන කොන්ඩයක් කියලා කිවුවේ හොඳ black shine එකක් තිබුන කොන්ඩ වලට තමයි. ඉතින් ඔයාටත් හොඳ black shine එකක් තියෙන කොන්ඩයක් තියෙනවා කියන්නේ ලස්සන ගැන දෙපාරක් කතා කරන්න දෙයක් නෑ කියන එකනේ.

4. කොන්ඩේ හොඳ volume එකක් තියෙන්න ඕනේ

අපේ  කොන්ඩෙ කොච්චර දුරට නිරෝගී එකක්ද කියලා පෙන්නන එක දෙයක් තමයි කොන්ඩේ volume එක. අපි කොන්ඩේට ආදරෙයි නම් හොඳට කොන්ඩේට treat  කරනවා නම් ඒ වගේම අපි අපේ කොන්ඩෙ enjoy කරනවා නම් හොඳ volume එකක් තියෙන කොන්ඩයක් පහසුවෙන්ම ලබාගන්න පුළුවන්. එතකොට ඉතින් කොන්ඩේ විතරක් නෙවෙයි life එකම enjoy කරන්න ඔයාට පුළුවන්.

මේ වගේ කොණ්ඩයක් තියෙනවා නම් ඇත්තටම ලස්සන වෙන එක කෙල්ලෙක්ට හීනයක් නෙවෙයි. ඉතින් ඔයාගේ කොන්ඩෙත් මේ වගේ කොණ්ඩයක් කරගන්න try කරලා හැමෝම අතර කැපිලා පෙන ලස්සනක් තියෙන කෙල්ලෙක් වෙන්න ඔයාටත් පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 446 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:41:32 AM
Script:/article/446/girls-with-this-hair-is-beautiful.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:41:32 AM
Script:/article/446/girls-with-this-hair-is-beautiful.html