විදුරුමස් රෝග වල පෙර ලක්ෂණ ඔබත් දැන්ම හඳුනා ගන්න. අවදානමෙන් මිදෙන්න

October 26, 2017
10,041
Identify the signs of gum diseases
මුඛ රෝග සම්බන්ධයෙන් ගත්තම ගොඩක් දෙනෙක් අතරින් වැඩි වශයෙන් වාර්තා වෙන තත්ත්වයක් ලෙස විදුරුමස් රෝග හඳුන්වන්න පුළුවන්. අනිත් මුඛ රෝග වලට වඩා විදුරුමස් රෝග වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. මේකට ප්‍රධානම හේතුව තමයි මැලියම්. මේ මැලියම් සමන්විත වන්නේ බැක්ටීරියා වලින්. මේ බැක්ටීරියා සහිත මැලියම් දත් හා විදුරුමස් අතරත්, දත් අතරත් දත් මතුපිටත් රැඳෙනවා.

මෙහෙම රැඳෙන මැලියම් නිසි පරිදි ඉවත් කල යුතුයි. දවසට දෙවරක් දත් මදින්න ඕන කියන්නේ ඒ නිසානේ. නමුත් මෙහෙම රැඳෙන මැලියම් හරියට ඉවත් නොකිරීම නිසා ඒ මැලියම් ඝන ත්ත්වයට පත් වී විදුරුමස් ප්‍රදාහය කියන තත්ත්වය ඇති වෙනවා.

විදුරුමස් ප්‍රදාහය ඇති වුණාට පස්සේ බුරුසුවකින් මැදීම මඟින් මේ මැලියම් ඉවත් කිරීම අපහසුයි. දන්ත වෛද්‍යවරයෙකු වෙත ගොස් දත් පිරිසිදු කරගැනීම තමයි කරන්න තියෙන විසඳුම.

විදුරුමස් ප්‍රදාහයට නිසි පරිදි ප්‍රතිකාර නොකිරීම නිසා ඊළඟට ඇති වෙන තත්ත්වය තමයි විදුරුමස් රෝග. විදුරුමස් රෝගය ඇති වීමේදී දත් හා විදුරුමස් අතර බැක්ටීරියා ඉතා පහසුවෙන් රැඳෙනවා. ඒ නිසා දත් අවපැහැ වෙන්න ගන්නවා. වගේම එම බැක්ටීරියා වල බලපෑම් නිසා දත් බුරුල් වෙන්න පටන් ගන්නවා. මේ විදිහට ඔයාගේ මුඛ සෞඛ්‍ය ටිකෙන් ටික පිරිහෙන්න ගන්නවා.

විදුරුමස් රෝගයේ මුලික ලක්ෂණ මේ විදිහට හඳුනා ගන්න පුළුවන්.

1. විදුරුමස් වලින් ලේ ගැලීම.

2. මුඛයෙන් දුර්ගන්ධයක් හැමීම.

3. දත් හිරිවැටීම.

4. විදුරුමස් රතු වීම

5. විදුරුමස් ඉදිමීම.

6. විදුරුමස් දියවීම හේතුවෙන් දත් මුල් මතු වීම.

7. විදුරුමස් වල වේදනාවක් ඇතිවීම.

මේ ලක්ෂණ මුල් කාලයේදීම හඳුනා ගැනීම මඟින් මේ අවදානම් තත්ත්වයෙන් මිදෙන්න පුළුවන්. ඒ වගේම මේ තත්ත්වය ඇති වුනාට පස්සේ ප්‍රතිකාර කිරීමෙන් පලක් නැහැ. මොකද විදුරුමස් රෝගය කියන්නේ සම්පුර්ණයෙන්ම සුව කල හැකි රෝගී තත්ත්වයක් නෙවෙයි. ඒ නිසා මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න කලින්ම ඔයාගේ මුඛ සෞඛ්‍යය රැක ගන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-19 00:00:00' and A.id <> 473 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 9:25:07 AM
Script:/article/473/identify-the-signs-of-gum-diseases.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 9:25:07 AM
Script:/article/473/identify-the-signs-of-gum-diseases.html