දොඩම් කියන්නේ අපේ සෞඛ්‍යට ගොඩාක් වැදගත් වෙන පළතුරක්. එහි අඩංගු විටමින් C අපේ නිරෝගී බවට ගොඩාක් උදවු වෙනවා. ඒ වගේම එය විටමින් A සහ B, කැල්සියම්, මැග්නීසියම්, පොටෑසියම්, පොස්පරස්, ඇතුළු පෝෂ්‍ය පදාර්ථ රැසකින් සමන්විතයි. අපේ අභ්‍යන්තර පෝෂණයට ඉහළ දායකත්වය සපයන දොඩම් වල ලෙල්ල ඔයාගේ බාහිර සුන්දරත්වය වැඩි කර ගන්න ප්‍රයෝජනයට ගන්න පුළුවන්. බලන්න මොනවද ඒ ප්‍රයෝජන කියලා.
ඒ වගේම මේ සත්කාර වලට දොඩම් ලෙලි ගන්න ඕන හොඳින් කුඩු කරලා. දොඩම් ලෙලි හොඳින් වේලා කුඩු කර තබා ගත්තොත් ඔයාට වරින් වර කරදර වෙන්න ඕන නැහැ.
1. සමේ ඇති වන කුරුලෑ ලප කැළැල් හා අඳුරු ස්වභාවය නැති කරන්නත් සම එකම පැහැයකින් පවත්වා ගන්නත් උදවු වෙනවා. අහිතකර UV වලින් සම රැක ගන්න ගමන් අවශ්‍ය පෝෂණය ලබා දෙනවා. ඒ වගේම ස්වාභාවික බ්ලිචින් එකක් විදිහට ක්‍රියා කරනවා.
දොඩම් ලෙලි කුඩු මේස හැඳි 2යි
යෝගට් මේස හැඳි 1යි
මී පැණි තේ හැඳි 1යි
මේ දේවල් හොඳින් මිශ්‍ර කරලා මුහුණේ සහ බෙල්ලේ අලේප කර විනාඩි 20කින් සෝදා ඉවත් කරන්න.
2. black heads සහ white heads ඉවත් කිරීමට
දොඩම් ලෙලි කුඩු වලට මී පැණි එකතු කර පිරිසිදු කර ගත මුහුණේ අලේප කර විනාඩි 15කට පසුව අත් හොඳින් තෙත් කරලා මුහුණ සම්බාහනය කරන්න. සිසිල් ජලයෙන් සෝදා හරින්න
3. බර අඩු කර ගන්න
දොඩම් ලෙලි වල ඇති විටමින් c ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කරන්න ප්‍රයෝජනවත් වෙනවා.
වෙලා ගත් දොඩම් ලෙලි කිහිපයක් වීදුරුවකට දමා විනාඩි 15ක් පමණ තියෙන්නට හැර දොඩම් ලෙලි ඉවත් කරන්න. එයට මී පැණි මේස හැන්දක් එකතු කර දිනපතා පානය කරන්න.
4. දත් වල අව පැහැය ඉවත් කිරීමට
දත් වල ඇති අව පැහැය ඉවත් කරන්න දොඩම් ලෙලි භාවිතා කරන්න පුළුවන්. දොඩම් ලෙල්ලේ ඇතුල් පැත්ත සෙමෙන් විනාඩි 2, 3ක් දත් වල අතුල්ලන්න. ඉන් පසු කට සෝදා හරින්න.
එහෙම නැත්තන් දොඩම් ලෙලි කුඩු වලට වතුර ස්වල්පයක් දමා paste එකක් විදිහට සකස් කර දත් මදින්න.