ඉස්හොරි කරදරෙන් නිදහස් වෙන්න නම් මේ දේවල් ගැන දැනගන්නම වෙනවා

November 14, 2017
4,874
You should know these to get rid of dandruff
ඉස්හොරි කියන්නේ ගැහැණු පිරිමි කියලා භේදයක් නැතුව හැමෝටම ප්‍රශ්නයක් වෙලා තියෙන දෙයක්. ඒ වගේම කරදරයක්. විශේෂයෙන් අඳුරු පැහැති ඇඳුම් ඇඟලා සිටින අවස්ථාවක ඒ මත ගැලවී ගිය සම සුදු පැහැ පොතු කැබලි වශයෙන් දිස්වීම, හිසේ ඇති වෙන කැසීම වගේ දේවල් නිසා ඔයා අපහසුතාවයට පත් වෙනවා. ඒ නිසාම විවිධ සත්කාර කරන්න, ෂැම්පු වර්ග භාවිත කරන්න, වෛද්‍ය උපදෙස් වලට පවා යොමු වෙනවා.

මේ ප්‍රශ්නෙන් මිදෙන්න ගොඩාක් උත්සාහ කරත් ප්‍රතිඵලයක් නැති අයට මේ ලිපිය ගොඩාක් වැදගත් වෙයි. ඉස්හොරි ඇති වෙන්නේ ඇයි? ඉස්හොරිවලින් තොර කෙස් කලඹක් ලබා ගන්නේ කොහොමද? වගේ ප්‍රශ්න වලට උත්තර හොයා ගන්න මේ ලිපිය කියවලාම ඉන්න.

අපේ හිසේ සම මතුපිට ඇති සෛල ස්ථරය නිතර නිතර ගැලවී යාම ස්වභාවිකව සිදුවන දෙයක්. ඒ හැරුණහම හිරු එළියට නිතරම හිස නිරාවරණය වීම නිසා ඉක්මනින් හිසේ සම වියලෙනවා. එසේ වියලෙන සම පොතු, කැබලි ලෙස ගැලවී ඉවත් වෙනවා. මෙසේ ගැලවී යන මැරුණු සම හිසකෙස් අතර රැ‍ඳෙන්නට ගන්නවා. මෙන්න මේ තත්වය තමයි අපි ඉස්හොරි කියලා හඳුන්වන්නේ. බොහෝ දෙනෙක් ඉස්හොරි චර්ම රෝගයක් ලෙස සැක කළත් එය චර්ම රෝගයක් නෙවෙයි. ඒ වගේ ම අස්වාභාවික තත්ත්වයක් ද නෙවෙයි.

කෙනෙකුගේ හිසෙහි තෙල් නිපදවීම වේගවත් නම් ඉස්හොරි හිස් කබල මතම තට්ටුවක් ලෙස රැඳී තිබෙන්නට පුළුවන්. එවැනි තත්ත්වයක් ඇති අයගේ නිතර නිතර හිස කැසීම මෙන් ම ඇතැම් අයගේ නම් දුර්ගන්ධයක් ද වහනය විය හැකිය. දිනපතා ස්නානය මඟින් දුහුවිලි කුණු සෝදා හිස පිරිසිදු තබා ගැනීමෙන් ඒ තත්ත්වය මඟ හරවා ගන්න පුළුවන්. 

හැබැයි දිනපතා ස්නානයය කරත් නිතර නිතර ෂැම්පු වර්ග හෝ සබන් දමා තදින් හිස ඇතිල්ලීමෙන් ඉස්හොරි ඉවත්වනවා වෙනුවට තව තව ප්‍රශ්න ඇති විය හැකියි. මෘදු සබන් වර්ගයක් හෝ ෂැම්පු වර්ගයක් දවසක් හැර දවසක් භාවිත කිරීම ප්‍රමාණවත්. ඉස්හොරි සියල්ල ඉවත් කිරීමේ අරමුණින් හිස තදින් අතුල්ලන්න යන්නත් එපා. එහෙම වුණොත් හිස මතුපිට සම තුවාල වෙන්න පුළුවන්.

ඉස්හොරි සඳහා විශේෂිත ෂැම්පු වර්ග තිබෙනවා. එම ෂැම්පු භාවිත කළ යුතු වන්නේ සතියකට දින දෙකක් හෝ තුනක් පමණයි. නිතර භාවිතය මඟින් හිසේ සම වියලෙන්නට එය බලපාන්න පුළුවන්. ෂැම්පු වර්ගයක් භාවිතා කරද්දී හිතුමනාපෙට ගිහින් අරගෙන එන්නේ නැතුව තමන්ට ගැළපෙන ෂැම්පු වර්ගය තෝරා ගැනීම සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසුයි. 

ඇතැම් විට නොයෙකුත් දිලිර ආසාදන නිසා ඉස්හොරි හා සමානම චර්ම රෝග ඇති වෙන්න පුළුවන්. ඒ නිසා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම තුලින් ඒ පිළිබඳව නිවැරදි නිගමනයකට එන්න පුළුවන් සහ නිවැරදි ප්‍රතිකාර මඟින් තත්ත්වය අවම කර ගන්න පුළුවන්. 

මෙම කරදරකාරී ඉස්හොරි වලින් මිදෙන්න අපිට පහසුවෙන්ම කරන්න පුළුවන් දෙයක් තමයි  ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම. ශරීරයේ තෙතමනය නැති වී යාම නිසා සිරුර වියලෙන්න ගන්නවා. දිනපතා ශරීරයට අවශ්‍ය ජල අවශ්‍යතාව සපුරන්නේ නැති අයට ඉස්හොරි සෑදීමේ වැඩි ප්‍රවණතාවක් තිබෙනවා. 

විශේෂයෙන් උණුසුම් දිනවල ප්‍රමාණවත් තරම් ජලය නොලැබීම නිසා සම ඉරි තැළුණු ස්වභාවයක් ගන්නට පුළුවන්. මේ තත්ත්වය හිසෙහි සමටත් බලපානවා. එය ඉස්හොරි සෑදීම වේගවත් කරනවා. ඒ නිසා වැඩිපුර වතුර බොන එක මේ තත්වය මඟ හරවන්න වගේම ඔයාගේ ශරීර සෞඛ්‍යටත් හිතකර ලෙස බලපානවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   45,346
   42

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Food to regulate your menstrual circle
   42,067
   29

ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. මෙම ගැටලුවට ආහාර මගින් කලහැකි පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්න
How to reduce under arm sweating
   6,748
   24

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Dress patterns for flower prints
   61,663
   23

මල් ගවුම් අඳින්න කැමති රුවැත්තියන්ට ගවුම් පැට්න්

විශේෂයෙන් මේ කාලෙට මල් ප්‍රින්ට් එක තියෙන රෙද්දෙන් නිමැවුනු ගවුම් අඳින්න ගැහැනු අපි ලොකු කැමැත්තක් දක්වනවා. ඉතින් මේ ගවුම් මෝස්තර ටික බලන්න ඔයා කැමති පැට්න් තියෙනවද කියලා
Symptoms to say you are pregnant
   43,698
   23

මේ ලක්ෂණ වලින් කියන්නේ ඔයා අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා

ගැබ් ගැනීමක් සිදු වූ මුල් කාලසීමාවේදී ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගන්න එක ඉතාමත් වැදගත්. මොකද කුස තුල වැඩෙන කළලයේ ආරක්ෂාව හා වර්ධනය ගැන අවධානය දෙන එක ඔබ කළ යුතුම දෙයක්. මෙන්න මේ කියන ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ ඔබ මවක් වෙන්න යනවා කියන එක

Latest Articles

Most Viwed