අපි ඉපදුණු දවසේ ඉඳලා ජිවිත කාලයම ගත කරලා මරණයට පත් වෙනකන්ම ජිවිතේ ගෙවෙන්නේ බැඳීම් එක්ක. බැඳීම් කියන දේවල් අපේ ජිවිත වලට කොච්චර වටිනවද කියන එක දැනෙන්නේ කාත් කවුරුවත් නැතිව තනි වුණු කෙනෙකුටම විතරයි. ඒ තරමට බැඳීම් වටිනවා. ඒ වගේම බැඳීම් කඩලා දාන්න යන්නේ සුළු වෙලාවක් වුනාට බැඳීම් ඇති අර ගන්න කාලයක් යනවා වගේම ඒවා පවත්වාගෙන යන්න ගොඩක් කැප කිරීම් කරන්න වෙනවා.
විශේෂයෙන් ආදර සම්බන්ධතාවක් පවත්වන කෙනෙකුට ඒ බැඳීම් තව තවත් ශක්තිමත් කර ගන්න, ඔහුට, ඇයට තවත් සමීප වෙන්න නම් මේ දේවල් නැතුවම බැහැ.
1. එකට කාලය ගත කරන්න
ශක්තිමත් බැඳීමක් ඇති වෙන්න නම් මේ දේ අනිවාර්යෙන්ම අවශ්‍යයි. නිතරම කාර්යබහුල ජිවිතයක් ගත කරන කෙනෙක්ට නම් නිතරම සහකරු, සහකාරිය සමග ගත කරන්නට කාලය සොයා ගැනීම අපහසු වෙන්න පුළුවන්. නමුත් ඒ තුලින් ඔයාගේ ආදර හෝ විවාහ සම්බන්ධතාවය බිඳ වැටෙන්න පුළුවන්. දෙදෙනා අතරේ තියෙන සමීප බව බැඳීම් ශක්තිමත් කරනවා. ඒ නිසා මොන තරම් වැඩ රාජකාරි අතරේ වුනත් තමනේ ළඟින් ඉන්න අය, තමන්ගේ ආදරණීයයන් වෙනුවෙනුත් පොඩි හරි වෙලාවක් වෙන් කරන්න.
2. එකිනෙකාට හොඳ මිතුරන් වන්න
ඔයාගේ සම්බන්ධතාවය වැඩි දියුණු කර ගන්න තවත් හොදම ඉඟියක් තමයි සහකරු හෝ සහකාරිය සමග හොද මිත්‍රත්වයක් පවත්වා ගෙන යාම. සමහර වෙලාවට අපි සහකරුට, සහකාරියට කියන්නේ නැති දේවල් හොඳම යාලුවට කියනවනේ. ඒ වගේ සමීප බවක් ඔයාල අතරත් ඇති කර ගන්න. එකිනෙකාගේ අදහස් වලට ඉඩ දීම, ගරු කිරීම, අවශ්‍යතා ගැන සංවේදී වීම, අනෙකාට ඇහුන්කන් දීම වගේ දේවල් වලින් අපිට අපේ සම්බන්ධතා වර්ධනය කර ගන්න පුළුවන්.
3. නිවැරදි සන්නිවේදනය
දෙදෙනා අතර මනා සන්නිවේදනයක් පවත්වා ගන්න. සන්නිවේදනය දුර්වල වෙද්දී ඔයාලා දෙන්නත් ටික ටික ඈත් වෙනවා. ඒ නිසා බෙදා හදා ගැනීමට ශුභ ආරංචියක් ඇත්නම්, නැත්තම් මොකක් හරි පණිවුඩයක් තියෙනවා නම් මුලින්ම ඔයාගේ සහකරු හෝ සහකාරියට මුලින්ම එය කියන්න. අපේ ජිවිත වල තියෙන කාර්යබහුල බව නිසා අපේ හවුල්කරුවන් එක්ක අනිවාර්යෙන්ම කල යුතු බෙදා හදා ගැනීම් පවා ගොඩක් වෙලාවට මගහැරී යනවා. තව දුරටත් ඒ දුර්වලතාවය ඔයා තුළ තබා ගන්න එපා.
4. ඉදහිට හෝ නිවාඩුවක් ගත කරන්න යන්න
කාර්යබහුල ජීවිතයත් එක්ක නිවාඩුව, විවේකය, නිදහස කියන දේ ඔයාට සම්පූර්ණයෙන්ම මග හැරිලා තියෙන්න පුළුවන්. බැඳීම් ශක්තිමත් කර ගන්න තමන්ගේ ආදරනියයන්ට ලං වෙන්න හොද ක්‍රමයක් තමයි මේක. රැකියාවෙන් දවසකට දෙකකට නිවාඩු ගන්න. යන්න පොඩි විනෝද ගමනක්. අඩුම තරමේ සති අන්තයේදී වත් සාප්පු සවාරියක යන්න, film එකක් බලන්න යන්න. එකිනෙකාට සමීප වෙන්න මේක හොද ක්‍රමයක්.
5. වැනෙන්නේ නැතුව කෙලින් කතා කරන්න
ඔයාල දෙන්න වෙනදට වඩා දුරස් වෙලා කියලා දැනෙනවා නම්, ඔයාලට නොදැනීම ඔයාලව මඟ හැරෙන බව දැනෙනවා නම් ඒ ගැන එයා එක්ක කෙලින්ම කතා කරන්න. එහෙම කතා කරන එකෙන් වෙන්න යන ගොඩක් අතපසු වීම් හා වැරදි වළක්වා ගන්න පුළුවන්. ප්‍රශ්න වලට තනි තනිව විසදුම් හොයන්න යන්නේ නැතුව දෙදෙනාම සාකච්චා කරලා නිවැරදි තීරණ අරගන්න. දෙදෙනාට සමීප වෙලා ඉන්න පුළුවන් නිදහස් වෙලාවක් අනිවාර්යෙන් වෙන් කර ගන්න.