මේ ලක්ෂණ පෙන්නුම් කරනවා නම් ඔබ දැනටමත් කොලෙස්ටරෝල් අවදානමට ලක්වෙලා

November 17, 2017
42,720
These signs may be saying that you have cholesterol
කොලෙස්ටරෝල් කියන වචනේ අද වෙනකොට හැමෝගෙම කටට හොඳට හුරු වෙලා. ඒ තරමටම ගොඩාක් දෙනක් කොලෙස්ටරෝල් රෝගයට ගොදුරු වෙලා. මේ තත්ත්වය ඇති වෙන්න හේතුව මොකද්ද කියන එක නම් ඔයා හොඳටම දන්නවා. මේදය කියන්නේ අපේ ශරීරයේ පැවැත්මට අවශ්‍ය මූලික සංඝටක වලින් එකක්. හැම සෛලයකම ක්‍රියාකාරිත්වය නිසි පරිදි පවත්වාගෙන යන්න මේදය අවශ්‍ය වෙනවා.

නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ මේදය ගන්නේ ශරිරටට අවශ්‍ය ප්‍රමාණයටද කියන එක. කොහෙත්ම නැහැ. දිනකට සිරුරට අවශ්‍ය කරන මේද ප්‍රමාණයන්ට වඩා ඉතා වැඩි ප්‍රමාණයක් මේදය අපේ සිරුරට එකතු වෙනවා. ඒ අපේ වැරදි ආහාර රටාව නිසා. දෛනිකව අවශ්‍ය කරන මේදය ප්‍රමාණයන්ට වඩා හතර පස් ගුණයක් සමහර විට ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් අතිරික්ත මේදය විදියට දිනකට අපේ ශරීරගත වෙනවා.

මෙහෙම අතිරික්තව ලැබෙන මේද කොටස් රුධිරයට එකතු වෙනවා. රුධිරයේ දී මේ මේද කොටස් දියවෙන්නේ නැති නිසා ඒවා රුධිර නාල වල තැන්පත් වෙනවා. එහෙම තැම්පත් වන සංතෘප්ත මේදය ශරීරයට ඉතා හානිකරයි. මේ අහිතකර මේද කොටස් වැඩිපුර රුධිර නාල වල තැන්පත් වීම නිසා රුධිර නාල අවහිර වී රුධිර සංසරණය අඩාල වෙනවා.

කොලෙස්ටරෝල් වැළඳිලා තිබුනත් එහි රෝග ලක්ෂණ ප්‍රබලව පිටතට පෙන්නුම් කරන්නේ නැති නිසා මේ තත්ත්වය උත්සන්න වෙනකන්ම ගොඩක් දෙනෙක් එය හඳුනා ගන්නේ නැහැ. මේ නිසා නිසි කලට වෛද්‍ය ප්‍රතිකාර නොලැබී යාම අවදානම වැඩි වෙන්න හේතුවක් වෙනවා. ඔයා තුළත් මේ මේ ලක්ෂණ පෙන්නුම් කරන්න ගත්තොත් සහ දැනටමත් මේ දේවල් පෙන්නුම් කරනවා නම් කිසි විටක එය නොසලකා හරින්න එපා.

පපුවේ ඇති වන වේදනාව

පපුවේ සිට වම් අත දක්වා ඇති වන වේදනාව

හුස්ම ගැනීමේ අපහසුතා

අත්ල, දණහිස, ඇස් යට ඇතිවන පැල්ලම්

අත්, පා ආදියේ ඇතිවෙන හිරිවැටීම්

සිරුරේ ඇති වන මේද ගැටිති

සිරුරට දැනෙන වෙහෙසකර බව

වගේ ලක්ෂණ ඔයා තුළත් පෙන්නුම් කරනවා නම් රුධිර පරීක්ෂණයක් මඟින් ඒ බව නිවැරදිව තහවුරු කර ගන්නත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්නත් ප්‍රමාද වෙන්න එපා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,239
   22

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
How to get vitamin E for healthy skin and hair
   71,408
   20

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
chore lists for kids
   70,984
   20

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
5 skin care tips for your neck
   67,493
   19

ඔබත් බෙල්ලේ සම අඳුරු වීම නිසා කණස්සල්ලෙන්ද? එසේ නම් මේ පියවර 5 අනුගමනය කර බලන්න

ඔබගේ මුහුණ තරම් ගෙල පෙදෙස ආශ්‍රිත සම දුර්වර්ණ ස්වභාවයක් ගන්නවා නම් බෙල්ල ආශ්‍රිත සමෙහි රැකවරණය සඳහා ඔබ අනුගමනය කළයුතු පියවර 5ක්

Latest Articles

Most Viwed