මේ ලක්ෂණ පෙන්නුම් කරනවා නම් ඔබ දැනටමත් කොලෙස්ටරෝල් අවදානමට ලක්වෙලා

November 17, 2017
36,652
These signs may be saying that you have cholesterol
කොලෙස්ටරෝල් කියන වචනේ අද වෙනකොට හැමෝගෙම කටට හොඳට හුරු වෙලා. ඒ තරමටම ගොඩාක් දෙනක් කොලෙස්ටරෝල් රෝගයට ගොදුරු වෙලා. මේ තත්ත්වය ඇති වෙන්න හේතුව මොකද්ද කියන එක නම් ඔයා හොඳටම දන්නවා. මේදය කියන්නේ අපේ ශරීරයේ පැවැත්මට අවශ්‍ය මූලික සංඝටක වලින් එකක්. හැම සෛලයකම ක්‍රියාකාරිත්වය නිසි පරිදි පවත්වාගෙන යන්න මේදය අවශ්‍ය වෙනවා.

නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ මේදය ගන්නේ ශරිරටට අවශ්‍ය ප්‍රමාණයටද කියන එක. කොහෙත්ම නැහැ. දිනකට සිරුරට අවශ්‍ය කරන මේද ප්‍රමාණයන්ට වඩා ඉතා වැඩි ප්‍රමාණයක් මේදය අපේ සිරුරට එකතු වෙනවා. ඒ අපේ වැරදි ආහාර රටාව නිසා. දෛනිකව අවශ්‍ය කරන මේදය ප්‍රමාණයන්ට වඩා හතර පස් ගුණයක් සමහර විට ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් අතිරික්ත මේදය විදියට දිනකට අපේ ශරීරගත වෙනවා.

මෙහෙම අතිරික්තව ලැබෙන මේද කොටස් රුධිරයට එකතු වෙනවා. රුධිරයේ දී මේ මේද කොටස් දියවෙන්නේ නැති නිසා ඒවා රුධිර නාල වල තැන්පත් වෙනවා. එහෙම තැම්පත් වන සංතෘප්ත මේදය ශරීරයට ඉතා හානිකරයි. මේ අහිතකර මේද කොටස් වැඩිපුර රුධිර නාල වල තැන්පත් වීම නිසා රුධිර නාල අවහිර වී රුධිර සංසරණය අඩාල වෙනවා.

කොලෙස්ටරෝල් වැළඳිලා තිබුනත් එහි රෝග ලක්ෂණ ප්‍රබලව පිටතට පෙන්නුම් කරන්නේ නැති නිසා මේ තත්ත්වය උත්සන්න වෙනකන්ම ගොඩක් දෙනෙක් එය හඳුනා ගන්නේ නැහැ. මේ නිසා නිසි කලට වෛද්‍ය ප්‍රතිකාර නොලැබී යාම අවදානම වැඩි වෙන්න හේතුවක් වෙනවා. ඔයා තුළත් මේ මේ ලක්ෂණ පෙන්නුම් කරන්න ගත්තොත් සහ දැනටමත් මේ දේවල් පෙන්නුම් කරනවා නම් කිසි විටක එය නොසලකා හරින්න එපා.

පපුවේ ඇති වන වේදනාව

පපුවේ සිට වම් අත දක්වා ඇති වන වේදනාව

හුස්ම ගැනීමේ අපහසුතා

අත්ල, දණහිස, ඇස් යට ඇතිවන පැල්ලම්

අත්, පා ආදියේ ඇතිවෙන හිරිවැටීම්

සිරුරේ ඇති වන මේද ගැටිති

සිරුරට දැනෙන වෙහෙසකර බව

වගේ ලක්ෂණ ඔයා තුළත් පෙන්නුම් කරනවා නම් රුධිර පරීක්ෂණයක් මඟින් ඒ බව නිවැරදිව තහවුරු කර ගන්නත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්නත් ප්‍රමාද වෙන්න එපා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Changes in your body if you consume cod-liver oil daily
   86,977
   38

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
10 symptoms shows you are pregnant
   39,853
   36

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Benefits of Wood Apple
   5,801
   23

දිවුල් වල නේක් ගුණ

කාන්තාවන්ගේ දරුඵල ලැබීමේ ඇති පමාවේස සිට පිරිමින්ගේ කාම ශක්තියට මෙන්ම අපේ ශරීරයේ අනේක රෝග සමනය කරන්න දිවුල් ආහාරයට ගත යුතු ආකාරය දැන ගනිමු
Dress patterns for flower prints
   56,046
   22

මල් ගවුම් අඳින්න කැමති රුවැත්තියන්ට ගවුම් පැට්න්

විශේෂයෙන් මේ කාලෙට මල් ප්‍රින්ට් එක තියෙන රෙද්දෙන් නිමැවුනු ගවුම් අඳින්න ගැහැනු අපි ලොකු කැමැත්තක් දක්වනවා. ඉතින් මේ ගවුම් මෝස්තර ටික බලන්න ඔයා කැමති පැට්න් තියෙනවද කියලා
Must have frocks for woman (Part 01)
   61,847
   21

ගවුම් අඳින්න කැමති යුවතියකට තිබිය යුතුම ගවුම් වර්ග 06 ක් - (01 කොටස)

ඔයත් ගවුම් විලාසිතා වලට අනුව හැඩ වෙන්න කැමති යුවතියක් නම් අද හැඩකාරී ඉදිරිපත් කරන මේ ලිපිය කියවලාම බලන්නකෝ ඔයාව ලස්සනට පේන ගවුම් වර්ග මොනවාද කියලා

Latest Articles

Most Viwed