හැම ගෑණු ළමයෙක්ම දැන ගත යුතු වියදමක් නැතුව ලස්සන වෙන්න පුළුවන් රහස්

January 1, 2018
18,133
Beauty secrets that every girl should know
ලස්සන වෙනවා කිව්වොත් ඕනෑම දෙයක් කරන්න පෙළඹෙන තරමට තමන්ගේ රූපය ගැන ගොඩාක් හිතනවා, වැඩ වෙනවා. විශේෂයෙන්ම ඉතින් ගෑණූ ළමයි තමයි. අනවශ්‍ය විදිහට වියදම් කරනවා, දකින දකින දේවල් කරනවා, වෙළඳපොළට එන හැම නිෂ්පාදනයක්ම මිලදී ගන්න යොමු වෙනවා. වියදමක් නැතුවම හැම රුපලාවන්‍ය සත්කාරයක්ම කර ගන්න ඔයා කැමති නැද්ද?

අනවශ්‍ය විදිහට සල්ලි වියදම් කරන්නේ නැතුව ගෙදරදීම ලේසියෙන්, පහසුවෙන් කර ගන්න පුළුවන් ස්වාභාවික ක්‍රම කිහිපයක් තමයි මේ. කියවලාම බලන්න ඒ මොනවද කියලා. හැබැයි ඉතින් කියවලා විතරක් නතර නොවී මේ දේවල් කරලා බලන්න ඕන මේ දේවල් වැඩ කරනවද, සාර්ථකයිද කියලා.

1. ඇක්නි වලට හොඳම විසඳුමක් toothpaste

ඇක්නි සහ කැළැල් වැඩි වශයෙන්ම තරුණ තරුණියන්ට ලොකු ගැටලුවක් බවට පත් වුනු තත්ත්වයක්. මුහුණ, පපු ප්‍රදේශයේ, කොන්දේ, පසුපස හා හිස්කබල මත ඇක්නි ඇති වෙන්න පුළුවන්. මේ තත්ත්වය අවම කර ගන්න නින්දට යාමට පෙර අදාළ ප්‍රදේශයේ සුදු පැහැ toothpaste ස්වල්පයක් ආලේප කර රැය පුරාවට තියෙන්න හැර උදෑසන සෝදා හරින්න.

ඒ වගේම කෝමාරිකා ආලේපයෙනුත් සහනයක් ලබා ගන්න පුළුවන්. විශේෂයෙන් කුරුලෑ තත්ත්වයන් ඇති වෙන්න හේතු වෙන්න අහිතකර බැක්ටීරියා වර්ධනය අවම කරන්නත් ඒ තත්ත්වයන් නිසා ඇති වන දැවිල්ල හා වේදනාව අවම කරන්නත් කෝමාරිකා මදය සුරා ආලේප කරන්න.

2. සීනි වලින් දෙතොල් වලට ස්කබ් එකක්

සීනි මේස හැඳි 2ක් සහ මි පැණි මේස හැඳි 1ක් හොඳින් මිශ්‍ර කර දෙතොල් වල ආලේප කර විනාඩි 2ක්‌ ක් හොඳින් සම්භාහනය කරන්න. තවත් විනාඩි 15ක් පමණ තියෙන්නට හැර සෝදා ඉවත් කරන්න. ඒ වගේම ඔයා කරන්න ඕන තවත් දෙයක් තමයි ගුණාත්මකබාවයෙන් අඩු තොල් ආලේපන භාවිතයෙන් ඉවත් වෙන එක. ඒ මඟින් දෙතොල් වලට හානි කරන්න තියෙන ඉඩ වැඩියි.

3. කහ පැහැ දත් සුදු කරන බේකින් සෝඩා

බේකින් සෝඩා මේස හැඳි 1/4ක් සහ ඔයා පාවිච්චි කරන දන්තාලේපයෙන් ස්වල්පයක් හොඳින් මිශ්‍ර කර සතියකට වරක් දත් මදින්න. කරලා බලන්න කහ පැහැ දත් වලට දීප්තියක් ලැබෙනවාද නැද්ද කියලා.

4. අනවශ්‍ය රෝම ඉවත් කිරීමට සීනි වලින් වැක්ස් එකක්

අනවශ්‍ය රෝම කියන්නේ සුන්දරත්වයට හානි කරන ගොඩාක් දෙනෙක්ට ඇති වෙන ගැටළුවක්. එකට සීනි වලින් කරන්න පුළුවන් තාවකාලික වැක්ස් එකක් මේ.

සීනි මේස හැඳි 2ක්, මී පැණි මේස හැඳි 1ක්, වතුර මේස හැඳි 1ක් හොඳින් මිශ්‍ර කර ලිප තබා මිශ්‍රණය දුඹුරු පැහැ වන තෙක් විනාඩියක් දෙකක් රත් කර ගෙන පසුව නිවෙන්න තියන්න. ඉන් පසුව අවශ්‍ය ප්‍රදේශ වල ආලේප කර ඒ මතට රෙදි කැබැල්ලක්ද තබන්න. විනාඩි කිහිපයකින් රෝම වැවී ඇති දෙසට ප්‍රති විරුද්ධ දෙසට රෙදි කැබැල්ල අදින්න. පහසුවෙන් අනවශ්‍ය රෝම ඉවත් කර ගන්න පුළුවන් එක ක්‍රමයක් තමයි මේ.

5. බිත්තර සුදු මදයෙන් මුහුණේ තෙල් සහිත බව අඩු කර ගන්න

තෙල් සහිත සමක් තියෙන එක වාසියක් තමයි තෙල් සහිත සම ඉක්මනින් වයසට නොයන එක. හැබැයි ඉතින් ඒ හැරුණම සමේ තෙල් සහිත බව නිසා ගොඩාක් ගැටළු වලට මුහුණ දෙන්නත් වෙනවා. ඉක්මනින් කුණු දූවිලි රැඳෙනවා, කුරුලෑ හට ගන්නවා. බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් ප්‍රශ්න ගොඩයි. බිත්තර සුදු මදය භාවිතයෙන් සමේ තෙල් ගතිය අවම කර ගන්න ඔයාට පුළුවන් එතකොට මේ ප්‍රශ්න වලටත් විසඳුම් ලැබෙනවා. සම ඉක්මනින් වයසට යන්නෙත් නැහැ. බිත්තර සුදු මදය ගෙන පිරිසිදු කර ගත මුහුණේ ආලේප කර එය වියලෙන තුරු තියෙන්නට හරින්න. පසුව උණුසුම් වතුරින් සෝදා ඉවත් කරන්න.

මේ සත්කාර එක දවසක් දෙකක් කරා කියලා නම් ප්‍රතිඵල ලබා ගන්න බැහැ. සතියකට වරක් වත් මේ දේවල් කරලා බලන්න කොහොමද ප්‍රතිඵල කියලා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-19 00:00:00' and A.id <> 598 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 8:43:52 AM
Script:/article/598/beauty-secrets-that-every-girl-should-know.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 8:43:52 AM
Script:/article/598/beauty-secrets-that-every-girl-should-know.html