මේ දේවල් ඔබට කරන්න කියන පෙම්වතුන් ගැන නම් දෙපාරක් හිතන්න

February 16, 2017
100,264
Signs You're In A Toxic Relationship And It's Ruining Your Life
අපි හැමෝම ආදරේ කරන්න වගේම ආදරේ ලබන්නත් කැමතියි. ඒත් වැරදි සම්බන්දතාවයක අපි හිර උනොත් මේ දෙකෙන් එකක්වත් අපිට ලැබෙන්නේ නෑ. ඒ නිසා අපි හොදට හිතල බලන්න ඕනේ අපි ඇත්තටම තෝරාගෙන තියෙන්නේ අපිට ගැළපෙනම අනාගත සහකරුවද කියලා. බහුතරයක් පෙම්වතුන් මේ දේවල් කරලා කියන්නේ ඔවුන් ආදරේ නිසා මේ දේවල් කරනවා කියලා. නමුත් තේරුම් ගත යුතු කාරණාව නම් ඔබ ඔහුට අවංක නම් ඔහුට හැකියාව තිබිය යුතුයි ඔබව විශ්වාස කරන්න සහ ඔබට නිදහසේ කාලය ගත කරන්න ඉඩ ලබා දෙන්න. මේ දේවල් ඔබට උපකාරී වේවි ඔබේ පෙම්වතා ගැන හොදින් අවබෝධ කර ගන්න.

1. ඔබ ඔබේ යහළුවන් සමග විනෝද වීමට යනවාට ඔහු අකමැතිද?

බොහොමයක් පෙම්වතුන් අකමැතියි තමන්ගේ පෙම්වතිය ඇයගේ යහළුවන් සමග එළියට යනවට. මේ වගේ වෙලාවට ඇතැම් පෙම්වතුන් බැනවදිමින් තර්ජනය කරමින් පෙම්වතිය යහළුවන් සමග එලියට යන එක වලක්වන්න උත්සහ කරනවා. බහුතරයක් පෙම්වතියන් මේ දේවල් වලට බයේ හරි නැත්තම් ආදරය නිසාම අයගේ අවශ්‍යතාවයන් අමතක කර පෙම්වතා කියන දේවල් අහනවා. මේ අතර සමහරක් පෙම්වතුන් ඉන්නවා බොහොම චාටුවෙන් පෙම්වතිය මිතුරියන් සමග එලියට යන එක වළක්වන. මේ අය ආදරේ ඉස්සරහට දාලා බොහොම සුක්ෂම ලෙස පෙම්වතියව වළක්වනවා. මේ අවස්ථා වලදී ඔබ තේරුම් ගන්න ඕනේ ඔහු ඇත්තටම ඔබට ගරු කරනවා නම් සහ ඔබට ආදරය කරනවා නම් ඔවුන් මේ විදිහට ඔබේ නිදහස සිමා කරන්න උත්සහ කරන්නේ නෑ.

2. ඔබේ මුදල් ඔහු පාලනය කරන්න උත්සහ කරනවා නම්

බහුතරයක් පෙම්වතුන් ඔවුන්ගේ අසරණකම පෙන්වා හෝ බලපුළුවන් කාරකම පෙන්වා පෙම්වතියගේ මුදල් පාලනය කරන්න උත්සහ කරනවා. අදරයේදී දෙදෙනා අතර මුදල් සම්බන්දව මතභේද තිබිය යුතු නෑ. නමුත් අනවශ්‍ය ලෙස පෙම්වතා ඔබේ මුදල් පාලනය කරන්න උත්සහ කරනවා නම් ඔබ ඔහු ගැන දෙපාරක් සිතා බැලිය යුතුයි. ඒ වගේම ඔබ උපයන මුදල් පිළිබදව තීරණ ගැනීමේ හැකියාවක් අනිවාර්යෙන්ම ඔබට තිබිය යුතුයි.

3. ඔහු ඔබේ දුරකථනය නිතර පරික්ෂා කරනවානම්

ඔබට අනිවාර්යෙන්ම නිදහසක් තිබිය යුතුයි ඔබේ පෞද්ගලික ජීවිතය නිදහසේ ගත කරන්න. ඔබ කැමති අය සමග කතා බහ කරන්න. අදහස් හුවමාරු කර ගන්න. ඔබේ පෙම්වතා නිතරම ඔබව සැක කරමින් ඔබේ දුරකතනයේ කෙටි පණිවිඩ ඔබ ලබාගත් ඇමතුම්, ඔබේ facebook ගිණුම් ආදී දේවල් පිළිබදව සොයා බලනවා නම්, මෙයින් අදහස් වන්නේ ඔබ පිලිබදව ඔහුට කිසිදු විශ්වාසයක් නොමැති බවයි. මේ නිසා ඔබ හොදින් සිතා බලන්න ඔබේ පෞද්ගලිකත්වයට ගරු නොකරන ඔබව විස්වාස නොකරන අයෙක් සමග ඔබේ අනාගතය සුන්දර කරගන්නේ කෙසේද කියා.

4. ඔබ අදින්න පළදින්න ඕනේ විදිහ ඔබට කියනවා නම්

අපි හැමෝම අදින්නේ පලදින්නේ අපේ හිතට හරියන විදිහට. මේ නිසා වෙන අයට ඕනේ විදිහට අදින එක නම් අපි හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඔබේ පෙම්වතා ඔබ අදින්න පළදින්න ඕනේ විදිහ තීරණය කරනවා නම් ඇත්තටම ඔහු ඔබේ ස්වාධීනත්වය නැති කරනවා. ඔබ අදින පළදින විදිහේ හැමෝටම පෙනන යම් වැරද්දක් තියනවා නම් එය නිවැරදි කර ගන්න ඔබට උදවු කරන පෙම්වතාට වඩා ඔබව සම්පුර්ණයෙන්ම පාලනය කරමින් ඔබව වෙනස් කරන්න හදන පෙම්වතුන් ගැන ඔබ අනිවාර්යෙන්ම හොදින් සිතා බැලිය යුතුයි.

5. ඔබ දුරකතනයට පිළිතුරු දක්වන්න ප්‍රමාද වූ විට ඔහු කෝපයට පත් වෙනවා නම්

ඔබට මුළු දවස පුරාවටම ඇති එකම වැඩේ ඔහුගේ දුරකථන ඇමතුම් වලට පිළිතුරු ලබාදෙන එක නොවෙයි. මේ නිසා ඔබ දුරකතනයට පිළිතුරු ලබාදීමට ප්‍රමාද වූ විට පෙම්වතා කෝපයට පත්ව ඔබට බැන වදිනවා නම්, ඔහු සැබවින්ම ඔබට ආදරය කරන අයෙක් නොවෙයි. මේ නිසා ඔබ මේ වගේ අය ගැන හොදින් කල්පනා කර බැලිය යුතුයි.

6. ඔබේ අදහස් ඔහුට ප්‍රකාශ කරන්න ඔබ බිය වෙනවා නම්

ආදරය තුල තිබිය යුත්තේ සතුට මිසක් බය නොවෙයි. ඔබ ආදරය කරන කෙනාට ඔබේ අදහස් සිතුම් පැතුම් ප්‍රකාශ කරන්න ඔබ බිය වෙනවා නම් ඉන් අදහස් වෙන්නේ ඔහු ඔබට දක්වන ආදරය පිළිබදව ඔබ තුල සතුටක් නැති බවයි. මේ නිසා ඔබ ඔබේ අදහස් ඔහුට ප්‍රකාශ කරන්න බිය වෙනවා නම් ඔබ සිතා බැලිය යුතුයි ඔහු ඔබට ගැළපෙනම සහකරුවද කියා.

7.ඔහු ඔබට අපහාස කරනවා නම්

බොහොමයක් පෙම්වතුන් තැනක් නොතැනක් නොබලා තම පෙම්වතියට බැන වදිනවා. සමහර වෙලාවල් වලට වෙන පිරිමින් ගැන කියමින් ඔබට අපහාස කරනවා. ඇත්තෙන්ම ඔබ හොදින් කල්පනා කර බලන්න මේ වගේ පුද්ගලයන් අනාගතයේදී ඔබට සතුටක් ලබා දෙයිද කියලා. මේ නිසා ඔබ තව දුරටත් මෙවැනි පෙම්වතුන්ගේ ආදරයට රැවටෙන්න එපා.

8.ඔබේ මිතුරියන් ඔහු ගැන ඔබට අනතුරු අගවනවානම්

ඔබ නිතර අසතුටින් සිටිනවා නම් ඔබේ මිතුරියන් ඔබට පවසාවි මේ සම්බන්දය ඔබට නොගැලපෙන බව. මේ වගේ වෙලාවට ඔබ ආදරයෙන් අන්ධ වෙන්නේ නැතුව හොදින් කල්පනා කර බලා තීරණයක් ගත යුතුයි. මොකද ඔබ තව දුරටත් ඔබට නොගැලපෙන මෙවැනි සම්බන්ධතා මත සිටියොත් ඔබට යහපත් අනාගතයක් ගොඩනගා ගන්නට බැරි වේවි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,248
   23

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
chore lists for kids
   70,997
   22

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Kaju Dosi Recipe
   178,982
   21

කජු දෝසි - Recipe

Video
Protect your baby's soft skin with jasmine and kasthuri kaha
   30,387
   20

පිච්ච සහ කස්තුරි කහ සාරයෙන් ඔබගේත් බිළිඳාගේත් මෘදු සම රැකගනිමු

හැඩකාරී අපි කියන්න යන්නේ මේ දිව්‍යමය ඖෂධ වලින් අපේ සමට ලැබෙන වාසි ගැන සහ ඒ වාසි සමට ලබාගන්න ඔබට පහසුවෙන්ම භාවිතා කරන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් ගැනයි

Latest Articles

Most Viwed