අමුද්‍රව්‍ය දෙකකින් පැහැපත් දිදුලන මුහුණක්

January 16, 2018
8,360
clear bright face with just two ingredients
සුදු වෙන්න, පැහැපත් වෙන්න කවුරු වුනත් කැමතියිනේ. ඒ නිසානේ සුදු වෙනවා කිව්වොත් ඕනෑම දෙයක් අරන් මුණේ ගා ගන්න තරමට අපේ අය පෙළඹිලා තියෙන්නේ. හැබැයි ඉතින් ඒ දේවල් තාවකාලිකයි. ඒ වගේම ශරීරයට අහිතකරයි. අතුරුප්‍රතිඵල වලින් යුක්තයි. ඒ නිසා අතුරුප්‍රතිඵල වලින් තොරව ස්වාභාවික ක්‍රම භාවිතයෙන් සුන්දර වෙන එක ඇඟට ගුණයි කියලා ඔයාට හිතෙන්නේ නැද්ද? 

ලප කැළැල් වලින් තොර වෙන්න වගේම පැහැපත් සමක් ලබා ගන්න අමුද්‍රව්‍ය දෙකක් විතරක් භාවිතා කරලා හදා ගන්න පුළුවන් face mask කිහිපයක් ගැන ඔයාට කියන්නම්. අනිවාර්යෙන් try කරලා බලන්න.

1. කෝමාරිකා සහ ග්‍රීන් ටී face mask 

කෝමාරිකා කියන්නේ සමට ඉතා හිතකර අමුද්‍රව්‍යක්. සමේ තෙතමනය ආරක්ෂා කරමින් ලප කැළැල් අවම කරනවා. ග්‍රීන් ටී ප්‍රතිඔක්සිකාරක වලින් යුක්තයි. සම වයස්ගත වීම අවම කර මුහුණේ සමට පැහැපත් පෙනුමක් ලබා දෙනවා. ඒ වගේම මේ අමුද්‍රව්‍ය දෙකම දෙකම කුරුලෑ වලට එරෙහිව සටන් කරනවා. කෝමාරිකා මද තේ හැඳි 4ක් ග්‍රීන් ටී තේ හැඳි 3ක් එක්ක හොඳින් බ්ලෙන්ඩර් කර පිරිසිදු කර ගත් මුහුණේ ආලේප කරන්න. විනාඩි 15කින් ඉවත් කරන්න. දිනපතා කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න.

2. ගස්ලබු සහ ලෙමන් face mask 

සම පැහැපත් කර ගන්න ගස්ලබු හොඳ විසඳුමක්. ගස්ලබු වල ඇති ඇල්ෆා-හයිඩ්රෝක්සයිඩ් අම්ලය සමෙහි මැරුණු සෛල ඉවත් කරනවා. ඒ වගේම සමේ රැලි වැටීම් අවම කරනවා. ලෙමන් වලින් සම පිරිසිදු කරනවා. හොඳින් බ්ලෙන්ඩර් කර ගත් ඉදුණු ගස්ලබු කෝප්ප භාගයකට ලෙමන් යුෂ තේ හැඳි 2ක් 3ක් එකතු කර මුහුණේ ආලේප කර වියලෙන්නට හැර සෝදා ඉවත් කරන්න. 

3. ග්‍රීන් ටි සහ මී පැණි face mask 

පාවිච්චි කරපු ග්‍රීන් ටි බෑග් මින් පස්සේ විසි කරන්න එපා. භාවිතා කරන ලද ග්‍රීන් ටී බෑගයෙන් තේ මණ්ඩි ටික පිටතට අරගෙන එයට මි පැණි තේ හැඳි 2ක් මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. විනාඩි 5ක් පමණ සෙමින් සම්භාහනය කරන්න. තවත් විනාඩි කිහිපයක් තියෙන්නට හැර ඉවත් කරන්න. ග්‍රීන් ටී වලින් මුහුණේ ඇති අඳුරු පැහැති බව ඉවත් කර ගන්නත් මි පැණි වලින් සමට පෝෂණය හා තෙතමනය ලබා දෙන්නත් පුළුවන්.

4.කොකෝවා පවුඩර් සහ පොල් තෙල් 

කොකෝවා කුඩු සමේ සෛල අලුත්වැඩියා කිරීමට වගේම, සම පැහැපත් කරන්න උදවු වෙනවා. ඒ වගේම තරුණ පෙනුම රැක ගන්නත් පුළුවන්. පොල් තෙල් කියන්නෙත් සමට හොඳ මොයිස්චරයිසර් එකක්. ඒ වගේම සම පෝෂණයත් කරනවා. කොකෝවා කුඩු තේ හැඳි දෙකකට පිරිසිදු පොල් තෙල් මේස හැන්ද්දක් එකතු කර මුහුණේ සහ බෙල්ල වටා ආලේප කර මෘදුව සම්භාහනය කරන්න. විනාඩි 20කින් පමණ සෝදා ඉවත් කරන්න. සතියට දෙවරක් පමණ try කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,249
   23

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
chore lists for kids
   70,999
   22

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Kaju Dosi Recipe
   178,983
   21

කජු දෝසි - Recipe

Video
Protect your baby's soft skin with jasmine and kasthuri kaha
   30,387
   20

පිච්ච සහ කස්තුරි කහ සාරයෙන් ඔබගේත් බිළිඳාගේත් මෘදු සම රැකගනිමු

හැඩකාරී අපි කියන්න යන්නේ මේ දිව්‍යමය ඖෂධ වලින් අපේ සමට ලැබෙන වාසි ගැන සහ ඒ වාසි සමට ලබාගන්න ඔබට පහසුවෙන්ම භාවිතා කරන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් ගැනයි

Latest Articles

Most Viwed