විරහවෙන් හිත රිද්දගෙන ඉන්නකොට තවත් ආදරයක් හමුවුනොත්? ඔක්කොටම කලින් මේක කියවන්න.

February 17, 2017
29,372
What should I do after break up
සම්බන්ධතාවක් කියන්නේ ගැහැණු කෙනෙක්ට තමන්ගේ ජීවිතයටත් වඩා වටිනා දෙයක්. ගැහැණු අපි සම්බන්ධතාවයක් රැක ගන්න නොකරන දෙයක් නෑ. පණ වගේ ආදරය කරපු කෙනා අපිට පිටුපැවම හිතට දැනෙන හැගීම මෙන්න මෙහෙමයි කියලා කියන්න ඇත්තටම අමාරුයි.

ලෝකේ වෙනස් නොවන දෙයක් නෑ. ඒ වගේම හැම පිරිමියාම එක වගේ නෑ. හිත රිද්දගෙන ඉන්න වෙලාවක තවත් ආදරයක් ඔබට ලං වෙන්න පුළුවන්. එහෙම වෙලාවට මොකක්ද කරන්නේ?
අලුත් ආදරේ පිළිගන්නවා ද?

1. ඔබ ඔබව හොයාගන්න

සමබන්ධතාවක් තිබුණු ඔබ එක පාරටම තනිවුනහම දැනෙන්නේ මහා අමුතුම හැගීමක්. කරන්න තියෙන්නේ තනියම ඉන්න ලැබුණු අවස්ථාව හොදින් ප්‍රයෝජනයට ගන්න එක. අපි සම්බන්ධතාවයක් පවත්වාගෙන යනකොට අනිත් කෙනාට ඕනේ විදිහට වෙනස් වෙනවා. කොච්චර නෑ කිව්වත් අපි පිරිමයා සතුටු කරන්න අපේ විදිහ වෙනස් කරනවා. දැන් කරන්න තියෙන්නේ තමන්ව හොයා ගන්න එක. තමන් කැමති විදිහට ටික කාලයක් ජිවත් වෙන්න. කොතැනද වැරදුනේ කියලා හිතන්න. රෑට ඉක්මනට නිදා ගන්න. මල් කඩන්න කව්රුත් නෑ නේ. තනියම ෆිල්ම් එකක් බලන්න.

2. අතීතය සම්පුර්ණයෙන්ම අමතක කරන්න

තාමත් ඉස්සර වගේම එයාව මතක් වුනහම මුළු ඇගම හිරි වැටෙන විදිහේ හැගීමක් එනවා නම්, ෆේස් බුක් එකේ එයාගේ හැම දෙයක් ගැනම සැලකිල්ලෙන් ඉන්නවානම්, අලුත් කෙනෙක් ගැන ඔබට කොහෙත්ම හිතන්න බෑ. මොකද ඔබ තවමත් පරණ මතක වල හිරකාරියක් වෙලා. එක නිසා අතීතයට සමු දෙන්න.

3. වැරදුනේ කොහේදී ද ?

ඔබව දාලා ගියේ ඔහු වෙන්න පුළුවන්. හැබැයි ඔබේ අතිනුත් යම් වැරද්දක් වුනාද කියලා හොඳට කල්පනා කරලා බලන්න. පුංචි පුංචි දේවල් ලොකුවට ගත්තද? ලොකු දේවල් මග හැරුනද? මේ හැම දේ ගැනම හොඳට හිතන්න. අලුත් කෙනෙක්ට ලං වෙනකොට කලින් වුනු වැරදි නොකර ලස්සනට ජිවත් වෙන්න මෙහෙම හිතන එක වැදගත් වේවි.

4. ඇත්තටම මොනවද ඕනේ කියලා තේරුම් ගන්න

පහුගිය සම්බන්ධතාවය කැඩුනේ මොකක් හරි අඩුවක් නිසා වෙන්න ඇති. ඇත්තටම සම්බන්ධතාවයකින් ඔබට මොනවාද ඕනේ. ආදරය ද උද්යෝගය ද හරියටම මොකක් ද කියලා හොඳින් හිතලා බලන්න.

5. තමන්ගේ ආත්ම විශ්වාසය ගොඩනගා ගන්න

තමන් ආදරය කරන කෙනා තමන්ව දාලා යනවා කියන්නේ ජිවිතයේ අවසානය නෙමෙයි. හැමදාටම තනිකමවත් ප්‍රතික්ෂේප වීමවත් උරුම වෙන්නේ නෑ. තමන්ගේ වටිනාකම තමන්ම නැතිකර ගන්න එපා. ඔබ මේ ලෝකයට ගොඩාක් වටිනා කෙනෙක්. ඔබේ පවුලට, යාලුවන්ට ඔබ ගොඩාක් වටිනවා. හිතට දුක වැඩි වෙන හැම වෙලාවේම හිතන්න ඔබව අවශ්ය, ඔබට ආදරනියව වටිනාකමක් දෙන්න ගොඩාක් අය ඔබ වටේ ඉන්නවා කියලා.

6. නැති වුනු සම්බන්ධතාවය ගැන කතා කරන එක හොඳටම අඩු කරන්න.

දෙයක් ඉවරයි නම් ඉවරයි. එකේ ආපහු මතක් කරන්න කතා කරන්න දෙයක් ඉතිරි නෑ. ඒ නිසා අතීතයට තිත තියන්න. පහුගිය දේවල් ගැන යාලුවෝ එක්ක නෑදැයෝ එක්ක කතා කරන එකයි ඒ ගැන මතක් කරන එකයි හොඳටම අඩු කරන්න. ටික කාලෙකින් ඒ දේවල් අමතක වෙලා යාවී. ඔබේ ජීවිතය සුන්දර කර ගන්න පුළුවන් ඔබටම විතරයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 63 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:51:15 AM
Script:/article/63/what-should-i-do-after-break-up.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:51:16 AM
Script:/article/63/what-should-i-do-after-break-up.html