සමට, හිස කෙස් ඇතුළු මුළු සිරුරටම එක සමාන ගුණ දෙන සුපිරිම පළතුර

February 4, 2018
16,064
The super fruit good for any beauty matter
හිස කෙස්, සම සහ ඇතුළු ඔබට අවශ්‍ය වන සියලුම රුපලාවන්‍ය සත්කාරයන්ටත් ශරිරට සෞඛ්‍යයටත්, සිරුරට අවශ්‍ය පෝෂණ කොටස් ලබා ගැනීමටත් ආදී සියල්ලකටම තියෙන එකම විසඳුමක් විදියට ගස්ලබු හඳුන්වන්න පුළුවන්. ගස්ලබු වල තියෙන මේ සියලුම ප්‍රතිලාභ හේතු කර ගෙන එය ලොව පුරාම ඉතාමත් ප්‍රචලිත පළතුරක්.

ගස්ලබු විටමින් A, C, E සහ K වලින් පොහොසත් වන අතර ප්‍රතිඔක්සිකාරක ගුණයද එහි අඩංගුයි. ඊට අමතරව මැග්නීසියම්, පොටෑසියම්, නයිසීන්, කැරොටින්, තන්තු ඇතුළු සෞඛ්‍ය සම්පන්න ප්‍රතිලාභ රැසක් ඔබට ලබා දෙනවා. ඊට අමතරව ගස්ලබු වලින් ඔයාට මෙන්න මේ කියන ප්‍රතිලාභ නොඅඩුව ලබා ගන්න පුළුවන්.

1. සම පැහැපත් කරයි

ගස්ලබු කියන්නේ වඩාත් ඵලදායී ලෙස රුපලාවන්‍ය කටයුතු වලට භාවිතා කරන්න පුළුවන් අමුද්‍රව්‍යක්. ඒ මඟින් ඔබේ සම පැහැපත් කරවන්නේ එහි ස්වාභාවික බ්ලිචින් අඩංගු වන නිසයි. ඒ වගේම අපද්‍රව්‍ය ඉවත් කිරීමත්, සම පිරිසිදු කිරීමේ හැකියාව ගස්ලබු වලට තියෙනවා. එහි අඩංගු විටමින් C මගින් අහිතකර හිරු කිරණ වලින් සිදු වන හානි වලට එරෙහිව ක්‍රියා කරමින් සමේ සෛල ආරක්ෂා කරනවා.

හොඳින් පොඩි කර ගත් ඉදුණු ගස්ලබු මුහුණ, බෙල්ල, අත් සහ පාදවල ආලේප කර ටික වෙලාවක් තියෙන්නට හැර සිසිල් වතුරෙන් සෝදා හරින්න මෙය සතියකට 3 හෝ 4 වතාවක් කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.

2. සම වියලීම අවම කරවන්න හොඳම විසඳුමක්

ගස්ලබු වල වතුර වැඩි වශයෙන් අඩංගු වන නිසා සමේ තෙතමනය හා සිනිදු බව ආරක්ෂා කරමින් සම වියලිමට ලක් වීමෙන් ආරක්ෂා කරනවා. ගස් ලබුආ ආහාරයට ගැනීමෙන් වගේම ආලේපනයක් විදියට භාවිතා කිරීමෙනුත් සමේ තෙතමනය ආරක්ෂා කර ගන්න පුළුවන්. හොඳින් ඉදුණු ගස්ලබු කෝප්ප භාගයකට පිරිසිදු මී පැණි තේ හැඳි 3 ක් එකතු කර හොඳින් මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න හොඳින් වියලෙන්නට හැර සෝදා ඉවත් කරන.

3. කුරුලෑ හා ඇක්නි අවම කරයි

ගස්ලබු වල අඩංගු වන පැපේන් කියන එන්සයිමයට සම පිරිසිදු කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මුහුණේ ඇති වන කුරුලෑ සහ ඇක්නි තත්ත්වයන්ට සහ සමේ මැරුණු සෛල ඉවත් කිරීමට එයට හැකියාව තියෙනවා. ඒ වගේම සම පිරිසිදු කරමින් පෝෂණය කරනවා. ගස්ලබු ආහාරයට ගැනීමෙන් මෙන්ම මුහුණේ ආලේපයෙනුත් කුරුලෑ ඇතුළු සමේ ගැටළු වලට විසඳුම් ලබා ගන්න පුළුවන්.

4.ඉරි තැලුණු යටි පතුල් වලට හොඳම සත්කාරයක්

යටිපතුල් පැලීම, පැල්ලම් ඇතිවීම, සමේ ඉදිමීම, කැසීම, ඉරිතැලීම් හා වේදනාවකින් ලේ ගැලීම වැනි තත්ත්වයන්ට සහනයක් වෙන්න ගස්ලබු වල ඇති මොයිස්චරයිසින් ගුණයට පුළුවන්. ඉදුණු ගස්ලබු, මී පැණි, ඔලිව් තෙල් මිශ්‍ර කර පල්පයක් විදියට සකස් කර ගෙන උණු වතුරින් සෝදා පිරිසිදු කර ගත් යටි පතුල් වල අලේප කරන්න. විනාඩි 20 ක් පමණ තබා සෝදා හරින්න.

5. හිස්හොරි පාලනය කරයි

හිස්හොරි පාලනය කරන්නත් එයට කදිම ප්‍රතිකාරයක් විදියටත් ගස්ලබු හඳුන්වන්න පුළුවන්. එහි අඩංගු එන්සයිම වර්ග හිස් කබල මත ඇති අප ද්‍රව්‍ය ඉවත් කරනවා. ඒ වගේම හිස් කබල වියලීම අවම කරනවා. ගස්ලබු කෝප්ප භාගයකට යෝගට් තේ හැඳි 2ක් ඔලිව් තෙල් මේස හැඳි 2ක් එකතු කර හොඳින් මිශ්‍ර කල හිස් කබලේ ආලේප කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-19 00:00:00' and A.id <> 649 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 9:59:59 AM
Script:/article/649/the-super-fruit-good-for-any-beauty-matter.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 9:59:59 AM
Script:/article/649/the-super-fruit-good-for-any-beauty-matter.html