තලෙළු අයට පැහැපත් වෙන්න පහසුම ක්‍රම 10 මෙන්න

March 27, 2018
31,599
10 hints to get a bright skin
කළු අය, තලෙළු අය වගේම සුදු පැහැති සමක් තියෙන අයත් සුදු වෙන්න ක්‍රමයක් කිව්වොත් අනිවාර්යෙන් එක try කරනවා. කොච්චර සුදු පැහැති සමක් තියෙන කෙනෙක් වුනත් ඒක නොසලකා ඉන්නේ නැහැ. ඇයි අපේ අය මේ තරම් සුදු වෙන්න දඟලන්නේ. කළු අය, තලෙළු අය එතකොට ලස්සන නැද්ද? මේක ගොඩක් දෙනෙක්ගේ හිත් වල තියෙන වැරදි අදහසක්. එක එක දේවල් කරලා අපේ ගොඩක් අය දැන් සුදුවට හිටියට ආසියාතික රටක් වුනු ලංකාවේ අපේ සමේ පැහැය, අපිට ආවේනික පැහැය වෙන්නේ තලෙළු.

උපතින්ම උරුම වුනු දේවල් වෙනස් කර ගන්නවා වෙනුවට අපි උත්සාහ කරන්න ඕන ඒ දේවල් අහිතකර තත්ත්වයන්ගෙන් ආරක්ෂා කර ගන්න එක. ලස්සන සමක් කියන්නේ සුදු කියන එකම නෙවෙයි. ලස්සන කියන්නේ ලප, කැළැල්, අවපැහැ ගැන්වීම් වලින් තොර නිරෝගිමත්, පැහැපත් සමකට. ඒ වගේ සමක් ලබා ගන්න ඔයාට try කරලා බලන්න පුළුවන් ක්‍රම 10ක් තමයි මේ.

1. සමේ තෙතමනය රඳා පවත්වා ගන්න එක අතිශය වැදගත් වෙනවා. මේ සඳහා ඔබට පුළුවන් සමේ තෙතමනය රඳා පවත්වා ගන්නා ක්‍රීම් එකක් භාවිත කරන්න. මෙමඟින් ඔබේ සම වියලීම අවම කරන නිසා සමේ ඇතිවන ඉරි තැලීම් වලින් ඔබට බේරෙන්න පුළුවන්. ඊටත් වඩා වැදගත් කාරනාවක් තියෙනවා. ඒ තමයි වතුර. සමේ තෙතමනය ආරක්ෂා කර ගන්න මොන දේ කලත් වැඩක් නැහැ ඔයා වතුර බොන්න හොරයි නම්. සමේ තෙතමනය හා ඇදෙන සුළු බව ආරක්ෂා කරගන්න වතුර නැතිවම බැහැ.

2. ඔබේ මුහුණේ ඇති කුරුලෑ, බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් ඉවත් කරගන්න. මොකද ඒ දේවල් මුහුණේ සුන්දරත්වයට බාධාවක්. ඒ සඳහා නිවැරදි ක්‍රම අනුගමනය කරන්න.

3. ක්ලේන්සර් එකකින් හෝ මද උණුසුම් ජලයෙන් දිනපතා සෝදා හරින්න. මෙමඟින් මුහුණේ ඇති කුණු දුහුවිලි ඉවත් වීම නිසා ඔබේ මුහුණට පැහැපත් බවක්, එළියක් එකතු වෙනවා. ක්ලේන්සර් කරනවා නම් සතියකට දෙවරක් කිරීම ප්‍රමාණවත්.

4. මාසයකට දෙකකට වරක් වත් හොඳ ක්ලිනප් එකක් කරන්න. මෙය ඔබට නිවසේදීම වුනත් කරගන්න පුළුවන්. මෙමඟින් ඔබේ මුහුණේ ඇති කුණු දුහුවිලි අපද්‍රවය වඩාත් හොඳින් ඉවත් වෙනවා. ඒ නිසා ක්ලේන්සර් කරන අතරතුර ඉඳලා හිටලා හෝ ක්ලිනප් එකක් කර ගන්න.

5. සම රැලි වැටීම් වලින් ආරක්ෂා කර ගන්න. සම රැලි වැටීම නිසා මුහුණට වයස්ගත පෙනුමක් වගේම සැමට අඳුරු ස්වභාවයක් එක වෙනවා. මුහුණ රැලි වැටීම් වලින් වලක්වා ගන්න ඕන තරම් ප්‍රතිකර්ම තියෙනවා. සතියට දෙතුන් වතාවක් රාත්‍රියේ නින්දට යාමට ප්‍රථම මුහුණේ කෝමාරිකා ජෙල් ආලේප කරන්න.

6. අහිතකර හිරු කිරණ වලින් සම ආරක්ෂා කර ගන්න. ඒ සඳහා හොඳ සන් ක්‍රීම් එකක් භාවිතා කරන්න. දවල් කාලයේ තියෙන දැඩි හිරු කිරණ සැමට දැඩි ලෙස හානි කරනවා. විශේෂයන් මේ දවස් වල හිරු රශ්මිය ඉතා දැඩියි. ඒ නිසා SPF අගය 30ට වැඩිසන් ක්‍රීම් එකක් භාවිතා කර සම තවත් අවපැහැ ගැන්වීමට තියෙන ඉඩකඩ අවම කර ගන්න.

7. ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීමත් ඔබේ සමේ පැහැය හා නිරෝගී බවට හේතු වෙනවා. නින්දේදී සිරුරේ සෛල ප්‍රතිසංස්කරණයක් සිද්ධ වෙනවා. දවස පුරා වෙහෙසෙන ශරීරයට අවශ්‍ය විවේකය ලැබෙන්නේ අපි ලබා ගන්න නින්දෙන්. ප්‍රමාණවත් නින්දක් නැති වීමෙන් ඇස් යට අවපැහැ වීම, කුරුලෑ දැමීම, මුහුණට තෙහෙට්ටු බව ඇතිවෙනවා. මෙමඟින් ඔබේ සමද රෝගී වෙනවා. ප්‍රමාණවත් නින්ද මේ හැම ගැටළුවක්ම විසඳනවා.

8. මානසික ආතතියෙන් මිදෙන්න උත්සාහ කරන්න. මානසික ආතතිය ඔබව මානසිකව වගේම කායිකවත් දුර්වල කරනවා. මුහුණට විඩාබර බව, තෙට්ටුව එක් කරන්නත් අකලට ඔබව වයස්ගත කරන්නත් එය හේතුවක්. ආතතිය නිසා සිදුවන හෝමෝන වල වෙනස් වීම් ඔබේ සමස්ත ශරීරයටම අහිතකර ලෙස බලපානවා.

9. අලුත් එළවලු හා පලතුරු යුෂ පානය කරන්නන. මොකද බාහිර සත්කාර පමණක් ඔබේ සුන්දරත්වය ලබා ගැනීමට, ආරක්ෂා කර ගැනීමට ප්‍රමාණවත් වෙන්නේ නැහැ.

10. ඒ වගේම තමයි මුහුණ විතරක් ලස්සන කර ගෙන වැඩක් නැහැ. මුළු සිරුරේම සුන්දරත්වය රැක ගන්න උත්සාහ කරන්න. ඒ සඳහා ව්‍යායාම කරන්නත් ඕනේ. කම්මැලිකම පැත්තකට දාලා ටිකක් ඇඟ වෙහෙසවන ක්‍රියාවන් වල නිරත වෙන්න.

මේ දේවල්වලටත් ඔයාගේ දෛනික දින චර්යාවෙන් පොඩි වෙලාවක් වෙන් කරනවා නම් මුහුණත්, සිරුරත් එක වගේ ලස්සන කර ගන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   153,385
   67

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
10 symptoms shows you are pregnant
   54,294
   40

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Birthmark Meanings
   53,751
   26

උපන් ලපයෙන් හෙලිවන ජීවන තොරතුරු

අපි හැමෝගෙම ශරීරයේ උපන් ලප තියෙනවා. මේ සමහර උපන් ලප විශාලවත්, සමහර උපන් ලප කුඩාවටත් පිහිටනවා
Sri Lankan Pickle (Sinhala Achcharu)
   49,825
   26

සිංහල අච්චාරු ඉතා පහසුවෙන් හදාගමු

අබ, ලුණු, ඉඟුරු, සුදු ලුණු හා කහ කුඩු සියල්ල එකට දමා හොඳින් අඹරා ගන්න. ඉන් පසු විනාකිරි ටික මැටි භාජනයකට දමා හොඳින් උතුරුවා ගන්න
Weralu benefits
   23,357
   23

වෙරළු වල ගුණ

වෙරළු කොලස්ටරෝල් සඳහා ඉතාම ගුණදායකයි. දිනකට වෙරළු ගෙඩි පහක් අවම වශයෙන් ආහාරයට ගන්නවා නම් හිතකර…

Latest Articles

Most Viwed