ඔබේ පෙම්වතා ඇත්තටම ඔහුගේ පළමු පෙම්වතියව අමතක කර ඇද්ද නැද්ද ? හරියටම දැනගන්න මෙන්න උපදෙස්

February 21, 2017
64,757
Is he over his EX? 6 ways to know the truth
හදවතට එකඟව අපි ඇත්තම කතා කරොත් අපි හැමෝගෙම හිත් වල තියනවා අපේ පෙම්වතාගේ කලින් පෙම්වතිය පිළිබදව සැකයක්. වෙලාවකට අපිට ඇත්තටම හිතෙන්නේ ඒ අය තවමත් අපේ පෙම්වතා සමග රහසිගතව සබදතාවයක් පවත්වනවා කියලා. මේ නිසාම බහුතරයක් පෙම්වතුන් සමග පෙම්වතියන් නිතරම ගැටළු ඇති කර ගන්නවා. මේ ක්‍රමවේදයන් ටික අනුව හරියටම ඔබ පෙම්වතාව සහ ඔහුගේ හැසිරීම නිරීක්ෂණය කරොත් ඔබට පුළුවන් පෙම්වතාගේ හිතේ තවමත් පරණ පෙම්වතිය ඉන්නවද කියලා හරියටම දැන ගන්න.

1. නිතරම ඔබත් සමග ඇය පිළිබදව කතා කරන්න උත්සහ කරනවා නම්

පළමු පෙම්වතියව හිතින් අමතක කර දැමූ පෙම්වතෙකු කිසිම දවසක තම නව පෙම්වතිය සමග ඒ ගැන කතා බහ කරන්න උත්සහ කරන්නේ නෑ. මොකද ඔහු දන්නවා එය ඔබේ හිත රිදවන දෙයක් බව. නමුත් යම් පෙම්වතෙක් නිතර තමන්ගේ කලින් පෙම්වතිය ගැන කතා බහ කරනවා නම් එය ඔබට අනතුරු ඇගවීමක්. මොකද තවමත් ඔහුට ඇයව සිතින් අමතක කර දැමීමට බැරි වූ නිසයි ඔහු ඇය ගැන නිතරම කතාබහ කරන්නේ. මේ නිසා ඔබ මේ වගේ අවස්ථාවල ඔබ හොදින් සිතා බැලිය යුතුයි මේ කාරණාව පිළිබදව.

2. ඇයගේ photos තවමත් ලග තබාගෙන සිටිනවා නම්

මෙතැනදී ඔබ ඔහුගේ දුරකථනය පරිගණකය පරික්ෂාකර බැලීම නම් එතරම් හොද දෙයක් නොවෙයි. මොකද ඔහු දැන ගත්තොත් ඔබ ඔහුව සැක කරනවා කියා එය ඔබ දෙදෙනාගේත් සම්බන්ධය අවසන් වීමට හේතුවක් විය හැකියි. මේ නිසා ඔබට කල හැකි හොදම දේ ඔහුගේ facebook ගිණුම පරික්ෂා කර බැලීමයි. එහි ඔහු පෙර කාලයේදී කලින් පෙම්වතියත් සමග ගන්නා ලද photos තවමත් ඔහුගේ ගිණුමෙන් ඉවත් නොකර තබාගෙන ඉන්නවා නම් ඔබ මේ ගැන ටිකක් සිතා බැලිය යුතුයි. මොකද මේකත් ඔබට අනතුරු ඇගවීමක් විය හැකි නිසා.

3. ඇයගේ සමහර භාණ්ඩ තවමත් ඔහු ලග තබාගෙන ඉන්නවා නම්

ඔබගේ නොවන ලේන්සු, ලිප්ස්ටික් වැනි කාන්තා උපකරණ ඔහු ලග තිබෙනවා නම්, අනිවාර්යෙන්ම ඔහුගෙන් අසා දැන ගන්න ඒවා කාගේද කියලා. මේ දේවල් වලට ඔහු ලබාදෙන පිළිතුර මත ඔබ තීරණය කරන්න ඔහු තවමත් ඇය ගැන සිතනවාද නැද්ද කියන එක.

4. ඔහු තවමත් ඇයත් සමග සබදතා පවත්වනවා නම්

පෙම්වතා ඇය සමග තවමත් කෙටි පණිවිඩ හුවමාරු කර ගන්නවා නම්, කතා බහ කරනවා නම් මෙය ඇත්තටම ඔබට වේදනාවක් ගෙන දෙන දෙයක්. ඔවුන් සබදතාවය නතර කර දැමුවා නම් නැවත නැවත ඔවුන් කතා බහ කරන එක ඇත්තටම ගැටළුවක්. මේ නිසා ඔබ පෙම්වතා සමග කතා බහ කර මේ පිලිබදව තීරණයකට පැමිණෙන්න.

5. ඔහු කියනවානම් දැන් ඇය ඔහුගේ හොදම යෙහෙලියක් විතරයි කියලා

ඇත්තටම ආදරය කරපු දෙන්නෙකුට ජිවිතයේ කිසිම දවසක බෑ හොදම යහළුවන් වෙලා කාලය ගත කරන්න. මේ නිසා ඔබේ පෙම්වතා ඔබට මෙහෙම කියනවා නම් එය සුරංගනා කතාවක් විතරයි. ඔබට පුළුවන් මේ වගේ අවස්ථා වලදී ඔබගේ සම්බන්දතාවය පිළීබදව නිවැරදි තීරණයකට එළබෙන්න.

6. යමක් සිදු උනාම මුලින්ම ඇයට කතා කරනවා නම්

ඔබේ පෙම්වතාගේ ජිවිතයේ ඉන්න විශේෂම කෙනා ඔබ නම් ඔහුගේ ජිවිතයේ වැදගත් යමක් සිදුවූ විගස ඔහු එය දැනුම් දිය යුත්තේ ඔබටයි. එහෙම නැතුව ඔහු ඇයට ඔබට පෙර ඒ දේවල් ප්‍රකාශ කරනවා නම් ඉන් අදහස් වන්නේ ඔහුගේ ජිවිතයේ ඔබට වටිනාකමක් නොමැති බවයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 73 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:40:31 PM
Script:/article/73/is-he-over-his-ex-6-ways-to-know-the-truth.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:40:31 PM
Script:/article/73/is-he-over-his-ex-6-ways-to-know-the-truth.html