විසි කරන දෙහි ලේල්ලෙන් මුළු සිරුරටම සත්කාර

April 1, 2018
18,352
Treatments for the whole body from lime peel
මුළුතැන්ගෙට නැතිවම බැරි රසකාරකයක් වගේම වෙලාවකට ඖෂධයක්, තවත් වෙලාවකට රුපලාවන්‍ය කටයුතු වලටත් භාවිතයට ගන්නා දෙහි කියන්නේ අපි හැමෝටම වැදගත් වන අමුද්‍රව්‍යක්. විටමින් C බහුලව අන්තර්ගත දෙහි වලින් අපිට ලබා ගන්න පුළුවන් ප්‍රයෝජන රැසක් තියෙනවා. දෙහි යුෂ වල තියෙන ප්‍රයෝජන ගැන පස්සේ කතා කරමුකෝ. මේ කියන්නේ භාවිතයට අරන් විසි කරන දෙහි ලෙල්ල අපිට මොනතරම් ප්‍රයෝනවත් වෙනවද කියලා. මේක කියෙව්වොත් නම් ආයේ කවදාවත් ඔයා දෙහි ලෙල්ල ප්‍රයෝජනයට ගන්නේ නැතිව විසි කරන එකක් නැහැ.

භාවිතයට ගත් දෙහි ලෙලි විසිකිරිමට පෙර එමඟින් ඔයාගේ නියපොතු හොඳින් අතුල්ලන්න. නියපොතු වල ඇති කුණු දුහුවිලි දෙහි වල ඇති අම්ල ගතියෙන් හොඳට පිරිසිදු කරනවා. නියපෙල පිරිසිදුව හා සුදුවට තියා ගන්න හොඳ ක්‍රමයක්.

දෙහි යුෂ ස්වභාවික විරංජක කාරකයක් ලෙස ක්‍රියා කරනවා. භාවිතයට ගත් දෙහි ලෙල්ල අඳුරු ලප ඉවත් කිරීමට යොදා ගන්න පුළුවන්. කළ යුත්තේ එය ඔබේ සමේ අඳුරු කොටස්වල මෘදුව අතුල්ලන එක. ඊට පස්සේ විනාඩි 30 ක් තබන්න. හැබැයි ඔබ මේ දේවල් කරන්න ඕන නිවස ඇතුළත ඉඳගෙන. කිසිම වෙලාවක හිරු එලියට නිරාවරණය වෙන්න එපා.

මේ මඟින් කුරුලෑ, කුණු, දූවිලි, තෙල් සහ මැරුණු සම ඉවත් කර ගන්න පුළුවන්. ඒ වගේම බැක්ටීරියා වැනි තත්ත්වයන් නිසා සිරුරේ ඇති වන බිබ්ලි, විවිධ ආසාදන සුව කරන්නත්, සමට දීප්තිමත් පෙනුමක් ලබා ගැනීම සඳහාත් ඔබට මෙය උදවු කර ගන්න පුළුවන්.

දෙහි ලෙල්ල අරගෙන එයට සිනි ටිකක් ඉස එයින් ඔබේ දෙතොල් හොඳින් සක්‍රබ් කරන්න. මෙමඟින් ඔබේ තොල් වල මැරුණු සම ඉවත් කර තොල් රෝස පැහැ ගන්වනවා. සිනි වෙනුවට ඔයාට පිරිසිදු මි පැණි භාවිතා කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි.

ඒ වගේම සතියකට දෙතුන් වරක් දෙහි ලෙල්ලක් හිස් කබලේ සෙමින් අතුල්ලන්න. හිස්හොරි තත්ත්වයන්ට එයින් විසඳුමක් ලැබෙනවා. හිස කෙස් වර්ධනයටත්, හිස කෙස් වල දීප්තිමත් බවටත් එය උදවු කරනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,242
   23

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
chore lists for kids
   70,989
   21

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Kaju Dosi Recipe
   178,975
   20

කජු දෝසි - Recipe

Video

Latest Articles

Most Viwed