ඔයාගේ ආදරෙත් ඇත්තම ආදර කතාවක්ද කියලා බලමුද?

April 16, 2018
15,327
Lets see if yours a true love story
ආදර සම්බන්ධතා නම් අපේ අය අතරේ ඕන තරම් තියෙනවනේ. ඒත් ඒ හැම ආදර කතාවක්ම සැබෑ ආදර කතාද කියන එක නම් ප්‍රශ්නයක්. මොකද ගොඩක් සම්බන්ධතා නොගැලපීම් නිසා අත්තර මඟ නතර වෙනවා, තවත් ඒවගේ සහකරු හෝ සහකාරිය එහෙමත් නැත්තන් දෙන්නම එකිනෙකාට හොරෙන් වෙන වෙන පටලැවිලි හදා ගන්නවා. තවත් ඒවා ඕනෑම දෙයක් පහු පහු වෙද්දී කොහු කොහු වෙනවා කියන ගොඩට වැටෙනවා.

ඔයාගේ ආදර කතාවේ මේ කිව්ව දේවල් නැත්තන් බලන්න එහෙනම් මේ දේවල් තියෙනවද කියලා. එහෙනම් ඔයාගේ ආදරේ සැබෑම ආදරයක්. ඒක රැක ගන්න.

1. දාලා යන්න හේතු ඕන තරම් තිබුනත් ඔයා ළඟ රැඳෙන්න එක හේතුවක් හරි හොයන කෙනෙක්ද? එහෙනම් ඒ ඔයාව නැති කර ගන්න බැරි නිසා.

2. මොන ප්‍රශ්න ආවත් ඒවා ළඟදී ඔයාව තනි කරන්නේ නැහැ. කිසිම වෙලාවක තමන්ගේ ගැලවීම ගැන විතරක් හිතන්නේ නැහැ.

3. ආදර කතාවට ඕන තරම් බාධක ආවත් ඔයා වෙනුවෙන් ඔයාගේ ආදරේ රැක ගන්නවා.

4. ඔයාගේ නපුරු කම් ඉවසගෙන හැමදාම ඔයා ළඟටම වෙලා ඉන්න හැමෝටම බැහැ.

5. කවුරු මොන කතා කිව්වත් හැමදාමත් ඔහුගේ විශ්වාසය වුනේ ඔයා නම් එයාට ඔයාව හැර වෙනකිසි කෙනෙක්, කිසි දෙයක් වැදගත් නැහැ.

6. ළඟ නැති වුණොත්, පොඩ්ඩකට හරි ඈත් වුනොත් දෙන්නටම ඒක ලොකු දුකක්. දෙන්නට දෙන්න නොදැක ඉන්න බැරි තරමට ඒ ආදරේ ශක්තිමත්, බලවත්.

7. අවුරුදු දහයක් පහළවක් ගෙවිලා ගියත් තවමත් ඔයාගේ මූණට හිනාවක් ගේන්නේ එයා.

8. ආදරේ කරපු මුල් කාලේදී දෙන්න එක්ක කරපු පිස්සු වැඩ තවමත් කරනවද?

9. ආදරේ කරන්න පටන් ගත්ත දවස් වල හිතේ තිබුණු සතුට අවුරුදු ගානකට පස්සෙත් තියෙනවා නම් ඒ සම්බන්ධය ඔයාගේ ජීවිතේට සතුට ගෙනෙන්නක්. ඉදිරියටත් ඒක එහෙමම වෙයි.

10. මේ හැමදේටම වඩා ඔයාට වෙන කෙනෙක් ගැන හිතන්නවත් බැරි තරමට ආදරේ දෙනවා නම්.

ඔයා හරිම වාසනාවන්තයි. ඔයාගේ ආදරේ සැබෑම ආදරක්. ආදරේ ඒ පිවිතුරු බව, සොඳුරු බව හැමදාටම රැක ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 774 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:14:34 AM
Script:/article/774/lets-see-if-yours-a-true-love-story.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:14:35 AM
Script:/article/774/lets-see-if-yours-a-true-love-story.html