සම රැළි වැටිලද? ඔයාගේ මුහුණටත් වයසක පෙනුමක් එන්න කලින් මෙන්න ප්‍රතිකාර

April 19, 2018
16,191
Do these to avoid facial wrinkles
අපේ සමත් අපිත් එක්කම වයසට යනවා. ඒ වගේම තමයි සමේ ගොඩක් වෙනස්කම් වෙනවා. සම රැලි වැටීම කියන්නේ අපේ ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. අපේ මුහුණ අකලට වයස්ගත කරන්න එය ප්‍රධානම හේතුවක් වෙනවා. හැබැයි ගොඩක් දෙනෙක්ගේ සම රැලි වැටෙන්නේ වයසටම නෙවෙයි. ඒකට හේතු ගොඩාක් බලපානවා. ඔයාගේ ආහාර රටාව, පෝෂ්‍යදායි ආහාර ලබා නොගැනීම, සමේ තෙතමනය නොමැති කම, මානසික ආතතිය වගේම ඔයා භාවිත කරන නිෂ්පදන වල බලපෑමත් නිසා තරුණ ඔබගේ සම රැලි වැටෙන්න පුළුවන්.

සම රැළි වැටෙන එක නතර කර ගන්න මොනවද ඔයාට කරන්න පුළුවන්?

1. කෝමාරිකා

කෝමාරිකා තමයි මේ ප්‍රශ්නෙට තියෙන අංක එකේ විසඳුම. කෝමාරිකා කියන්නේ සමේ තෙතමනය රැක ගන්න විතරක් නෙවෙයි බොහොමයක් රුපලාවන්‍ය නිෂ්පාදන වලට යොදා ගන්න ඔයාට ඉතා පහසුවෙන් හොයා ගන්න පුළුවන් අමුද්‍රව්‍යක්. ඒ වගේම එය පිරිසිදුකාරකයක්. කෝමාරිකා මදය මුහුණේ ආලේප කර විනාඩි 20ක් පමණ තියෙන්නට හැර සෝදා හරින්න. මේ සත්කාරය දිනපතා කිරීම ඉතා යෝග්‍යයි. එයින් ඔයාගේ සමට තෙතමනය විතරක් නෙවෙයි පැහැපත් බවක් වගේම ප්‍රාණවත් බවක් ලැබෙනවා.

2. ඔලිව් තෙල්

ඔලිව් කියන්නේ සමේ වියලි බව නැති කරන්න යොදා ගන්න පුළුවන් වටිනා ඖෂධයක් කිව්වොත් නිවැරදියි. ඔලිව් තෙල් ස්වල්පයක් ගෙන මුහුණේ ආලේප කර හොඳින් සම්බාහනය කරන්න. විනාඩි කිහිපයකින් සෝදා ඉවත් කරන්න. එය සමට තෙතමනයක් වගේම පැහැපත් බව ලබා ගන්න හොඳ සත්කාරයක්. හැබැයි නිතර නිතර ආලේපයෙන් කුරුලෑ ඇති වෙන්න පුළුවන්.

3. ආමන්ඩ්

රුව රක ගැනීමේ සුවිශේෂී හැකියාවක් අමන්ඩ් වලට තියෙනවා. කලින් කිව්වා වගේම අමන්ඩ් තෙල් යොදාගෙන මුහුණ සම්බාහනය කරන්න පුළුවන් වගේම අමන්ඩ් කෑමට එකතු කර ගන්නත් පුළුවන්නම් සමේ වියලි බවට හොඳ විසඳුමක්.

4. ලෙමන්

වියළි සමකට ලෙමන් යුෂ පමණක් අලේප කිරීම සුදුසු නැහැ. ඒ නිසා යෝගට් ස්වල්පයකට ලෙමන් යුෂ ස්වල්පයක් එකතු කරලා ආලේප කරන්න. එහෙම නැත්තන් මී කිරි එකතු කරන්න. විටමින් E ,සහ මි පැණි මේ ආලේපනයට එකතු කර ගන්න පුලුවනම් තවත් හොඳයි.

5.කිරි

නැවුම් එළ කිරි වලට ඔයාගේ සමට ඉතා ඉහල පෝෂණයක් ලබා දෙන්න පුළුවන්. නැවුම් එළකිරි ස්වල්පයක් ගෙන මුහුණේ ආලේප කර හොඳින් සම්බාහනය කර විනාඩි 20ක් පමණ තියෙන්නට හැර සෝදා ගරින්න. මේකට ඔයාට කහ ස්වල්පයකුත් එකතු කර ගන්න පුළුවන් නම් තවත් හොඳයි. ඒ වගේම ඔයාට මේ වෙනුවට මුදවපු එළ කිරිත් යොදා ගන්න පුළුවන්.

6. කැරට්

කැරට් ගෙඩියක් තම්බලා හොඳින් පොඩි කර ගන්න. නැත්තම් බ්ලෙන්ඩර් කර ගන්න. ඒකට දෙහි බිංදු කීපයක් සහ මී පැණි ස්වල්පයක් එකතු කරලා මුහුණේ අලේප කර හොඳින් වියලෙන්නට හැර සෝදා හරින්න. සම රැළි වැටීමට ඉතා හොඳ ප්‍රතිකාරයක්.


මේ හැම සත්කාරයටම වඩා වැදගත් වෙන ඔයාට කිව යුතුම දෙයක් තියෙනවා. අප බාහිරින් කොච්චර සත්කාර කලත් වැඩක් නැහැ ශරීර අභ්‍යන්තරයෙන් ලබා දිය යුතු පෝෂණය ලබා දෙන්නේ නැත්තන්. ඒ නිසා ඔයාගේ ආහාර රටාව ගැන වඩාත් සැලකිලිමත් වෙන්න. හැම පෝෂ්‍ය පදාර්තයක්ම ඇතුලත් වෙන විදියට සමබල ආහාර වේලක් ලබා ගන්න.

අනිත් දේ තමයි ජලය. ඔයාගේ සම වියලෙන්න ප්‍රධානම හේතුව තමයි අවශ්‍ය තරම් වතුර පානය නොකරන එක. ඒ නිසා දවසකට සපුරන්න ඕන ජල අවශ්‍යතාවය ගැන අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. හැකි තරම් මානසික ආතතියෙන් මිදෙන්න උත්සාහ කරන්න. නැත්තන් ඔයාට වයසටත් වඩා වයස පෙනුමක් ලැබෙයි.ඒ නිසා මානසික සුවය කියන දේත් ඉතාමත් වැදගත්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,256
   24

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
chore lists for kids
   71,007
   23

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Kaju Dosi Recipe
   178,989
   21

කජු දෝසි - Recipe

Video
5 skin care tips for your neck
   67,509
   20

ඔබත් බෙල්ලේ සම අඳුරු වීම නිසා කණස්සල්ලෙන්ද? එසේ නම් මේ පියවර 5 අනුගමනය කර බලන්න

ඔබගේ මුහුණ තරම් ගෙල පෙදෙස ආශ්‍රිත සම දුර්වර්ණ ස්වභාවයක් ගන්නවා නම් බෙල්ල ආශ්‍රිත සමෙහි රැකවරණය සඳහා ඔබ අනුගමනය කළයුතු පියවර 5ක්

Latest Articles

Most Viwed