උපත් පාලනය කියන්නේ මොකද්ද කියලා ඔබට නිවැරදිම අවබෝධයක් තියෙනවද?

May 1, 2018
7,567
Do you have a clear idea about birth control
විවාහක යුවලකට නම් මේක අමුතු වචනයක් නෙවයි. ඒ වගේම අවිවාහක වුනත් අද වෙද්දී බහුතරයක් තරුණ තරුණියන්ට මේ සම්බන්ධයෙන් දැනුවත්භාවයක්, අවබෝධයක් තියෙනවා. හැබැයි ඒක හරි අවබෝධයක්ද කියන එක නම් පොඩි ප්‍රශ්නයක්. කොහොම වුනත් කමක් නෑ හරියටම කියවලා බලලා හරියටම දැනුවත් වෙන්න. මොකද මේවා ඉතින් අපතේ යනවා කියලද?

විවාහ ජීවිතය සාර්ථක කර ගන්න වගේම විවාහ ජිවිතයේ ඔය මිහිර කියන එක විඳින්නත් උපත් පාලනය කියන එක වැදගත් වෙනවලු. ඒ වගේම විවාහ වුනු ගමන්ම විවාහ ජිවිතේ නීරස කර ගන්නේ නැතිව නිවැරදි හා සාර්ථක පවුල් ජීවිතයක් ගත කිරීමට උපත් පාලන ක්‍රමයක් භාවිතය හා ඒ පිළිබඳ මනා දැනුවත් භාවයක් ලබා ගන්න ඕනමයි.

සරලවම කියනවා නම් උපත් පාලන ක්‍රමයක් මඟින් වෙන්නේ ගැබ් ගැනීමක් සිදුවීම වලක්වන එක. පවුල් සැලසුම්කරණය කියන්නෙත් මේකටම තමයි. මේක අද ඊයේ කරලියට ආව දෙයක් නෙවෙයි. අතීතයේ ඉඳලම උපත් පාලනය කියන දේ අපේ අය කරා. එත් අද වෙද්දී උපත් පාලනය සඳහා ඵලදායි හා ආරක්ෂිත ක්‍රම රැසක් දැක ගන්න පුළුවන්.

ස්වාභාවිකව දරු උපතක් සිදු වීම වලක්වන්න සිදු කරන උපත් පාලනයේ විවිධ ක්‍රම හඳුනා ගන්න පුළුවන්. විවිධ ක්‍රම තිබුනට ඒ හැම එකක්ම හැම කෙනාටම සුදුසු වෙන්නේ නැහැ. ඒ වගේම උපත් පාලනය සඳහා පවතින ක්‍රම අවස්තාව අනුවත් වෙනස් ස්වභාවයක් ගන්නවා. ඒ වගේම තමයි උපත් පාලන ක්‍රමයක් සාර්ථකයි කියලා කියන්න නම් ඒ ක්‍රමය ඉතාමත් කාර්යක්ෂම එකක් වෙන්න ඕන.

උපත් පාලන ක්‍රමයක පැවතිය යුතු අතිශය වැදගත් කාරණාවක් තියෙනවා. ඒ භාවිත ක්‍රමය මඟින් ලැබෙන අතුරු ප්‍රතිඵල අවම වෙන්නත් ඕන. කාර්යක්ෂම හා අතුරු ප්‍රතිපල රහිත ක්‍රමයක් භාවිතය හැම අතින්ම ආරක්ෂිතයි. මේකෙදි කියන්න ඕන තවත් වැදගත්ම දෙයක් තියෙනවා. ඒ තමයි දරුවකු ලබා ගැනීමට බලාපොරොත්තු වුනාට පස්සේ අපි උපත් පාලන ක්‍රමය භාවිතා කරන එක නතර කරනවනේ. එහෙම නතර කරාට පස්සේ මෙතෙක් භාවිතා කල උපත් පාලන ක්‍රමය තව දුරටත් දරුවෙකු ලබා ගැනීම සඳහා බාධාවක් නොවිය යුතුයි.

උපත් පාලනය ඉස්සර ඉඳන්ම සිදු වුණු ක්‍රම වලට වගේම නවීන ක්‍රම අනුවත් කරන්න පුළුවන්. කැලැන්ඩර් ක්‍රමය, ශරීරයේ උෂ්ණත්වය අනුවහා ගැබ්ගෙල ආශ්‍රිතව සිදු වන ශ්‍රවයන්ගේ වෙනස් වීම් අනුවත් උපත් පාලනය සිදු කරන්න පුළුවන්. නමුත් ඒවායේ සාර්ථකත්වය ගැන සහතික වෙන්න් අමාරුයි.

ඒත් අද වෙද්දී උපත් පාලන පෙති භාවිතය, ලූප් භාවිතය, එන්නත්කරණය හා තවත් නවීන ක්‍රම රැසක් මඟින් මඟින් දරු පිළිසිඳ ගැනීමක් වලක්වන්න පුළුවන්. ඒ ක්‍රම පැරණි ක්‍රම වලට වඩා ප්‍රතිපලදායකයි වගේම ආරක්ෂිතයි. ඒ වගේම උපත් පාලන ක්‍රම භාවිතා කරන්න පුළුවන් කාන්තාවන්ට විතරක් නෙවෙයි. එය පුරුෂ පාර්ශවයටත් භාවිතා කරන්න පුළුවන්.

උපත් පාලනය කියන්නේ මොකද්ද වගේම ඒ සඳහා භාවිතා කරන ක්‍රම ගැන කිව්වනේ. ඒ වගේම උපත් පාලනයේ අතුරු ප්‍රතිඵල ගැනත් අනිවාර්යෙන් අවබෝධයක් තියෙන එක වැදගත්. ඒ නිසා ඒ ගැන නිවැරදි අවබෝධයක් ඊළඟ ලිපියෙන් අනිවාර්යෙන් ලැබෙයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,248
   23

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
chore lists for kids
   70,996
   22

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Kaju Dosi Recipe
   178,982
   21

කජු දෝසි - Recipe

Video
Protect your baby's soft skin with jasmine and kasthuri kaha
   30,387
   20

පිච්ච සහ කස්තුරි කහ සාරයෙන් ඔබගේත් බිළිඳාගේත් මෘදු සම රැකගනිමු

හැඩකාරී අපි කියන්න යන්නේ මේ දිව්‍යමය ඖෂධ වලින් අපේ සමට ලැබෙන වාසි ගැන සහ ඒ වාසි සමට ලබාගන්න ඔබට පහසුවෙන්ම භාවිතා කරන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් ගැනයි

Latest Articles

Most Viwed