දරු ප්‍රසුතියෙන් පසුවත් ඇති වන කොන්දේ වේදනාව නිසා ඔබත් පීඩාවට පත් වෙලාද?

May 2, 2018
11,167
Mother's back pain after delivery
ගර්භනී කාලේදී කොන්දේ ඇති වන වේදනාව සාමාන්‍ය දෙයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඕනෑම ගර්භනී මවකට මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම දරු ප්‍රසුතියෙන් පසුවත් යම් කාලසීමාවක් පසු වන තෙක් මේ කොන්දේ වේදානාව පවතිනවා. සාමාන්‍යයෙන් මාස 6ක් පමණ ගත වුනාට පසුව මේ තත්ත්වය නිකන්ම වගේ අවම වෙලා යනවා. ඒකට හේතුව දරු ප්‍රසුතියේදී මාංශ පේශීන් හා අස්ථි ලිහිලනය කරන හෝමෝන වල ක්‍රියාකාරිත්වය අවම වීම. කොහොම වුනත් දරු ප්‍රසුතියකින් පසුව ඇතිවන කොන්දේ වේදනාව හා අනෙකුත් අපහසුතාවයන් මඟහරවා ගන්න ඔබට මේ දේවල් ගැනත් වැඩි අවදානයක් දෙන්න වෙනවා.

1. මසකට හෝ ඊට පසු නැවතත් ඔබේ සාමාන්‍ය බරට, ඒ කියන්නේ කලින් පවත්වාගෙන ආව බර ඇති කර ගන්න උත්සාහ කරන්න. කදිම බර පවත්වා ගැනීමට නිවැරදිව ආහාර ගැනීම කල යුතුයි. ඒවගේම ඔබ මව් කිරි දෙන මවක් කියන එකත් අමතක කරන්න එපා. ඒ නිසා දෙපැත්තම සමබර කර ගන්න.

2. මාංශ පේශීවල ක්‍රියාකාරිත්වය නිවැරදිව පවත්වා ගැනිමටත් එහි සෞඛ්‍යය වැඩි දියුණු කිරීම සඳහා උපකාරී වන ව්‍යායාම, යෝගී ආදිය කිරීමත් අතිශය වැදගත්. එසේම, එය ඔබේ නම්‍යශීලි බාවය හා විඳදරාගැනීම වැඩි කිරීමට උපකාරී වෙනවා. ඇවිදීම කියන්නෙත් මේ තත්ත්වය අවම කර ගන්න ආරක්ෂිත හා පහසු අභ්‍යාසයක්. මාංශපේශි ශක්තිමත් කිරීම සඳහා ඔබට පිහිනිමත් ව්‍යායාමයක් විදියට කරන්න පුළුවන්.

3. ඒ වගේම ව්‍යායාම කරද්දී මේ ගැනත් අවදානය දිය යුතුමයි. කොන්දේ වේදනාවට සහනයක් ලබා ගන්න හිතා ගෙන වෙහෙස නොබලා ශාරීරික ක්‍රියාකාරකම් වල නිරත වෙන්න එපා. ඒ නිසා ඔබේ වේදනාව තවත් වැඩි වෙන්න පුළුවන්.

4. ඔබේ මාංශ පේශී සහ සන්ධි වලට අධික ලෙස පීඩනය ඇති කරවන විදියට අධික ලෙස බර උසුලන්න එපා.

5. මව්කිරි ලබා දෙද්දී අනිවාර්යෙන් ඉරියව් ගැන සැලකිලිමත් වෙන්න. මව්කිරි දීම අතරතුරදී ඔබ දරුවා දෙසට අනවශ්‍ය ලෙස නැඹුරු වීමෙන් වළකින්න. මව්කිරි දීම අතරතුරත් ඔබේ කොන්දේ, උරහිස් හෝ ඉහළ කොටසේ වේදනාව ඇති වේ නම් ඇඳක වැතිරී මව්කිරි ලබා දීම තමයි වඩාත් සුදුසු.

6. මුල් මාස කිහිපය ගෙවී යනතුරු අඩි උස පාවහන් පැළඳීම අහිතකරයි. අඩි උස පාවහන් කියන්නේ කොහොමත් කොන්දේ වේදනාව ඇති කරවන්න හේතු වෙන්නක්. ඒ නිසා ඒ ගැනත් ටිකක් හිතලා ටික කාලයක් යන තුරු අඩි උස පාවහන් පැලැන්දීමෙන් වළකින්න.

7. නිදා ගැනීමේදී ඔබට පහසු ඉරියව්වක් තෝරා ගන්න. ඔබේ පහසුව සඳහා කොට්ට හෝ වෙන යම් ආධාරකයක් භාවිතා කරන්න.

8. වේදනාව ඇති වන ප්‍රදේශ වලට හොඳින් තෙල් සාත්තුවක් කරන්නත් අමතක කරන්න එපා. එය රුධිර සංසරණය වැඩි දියුණු කිරීම සහ මහත් සහනයක් ලබා දෙනවා. ඒ මඟිනුත් කොන්ද ආශ්‍රිත ප්‍රදේශ වල වේදනාව අවම කර ගන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 797 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:16:08 AM
Script:/article/797/mothers-back-pain-after-delivery.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 11:16:09 AM
Script:/article/797/mothers-back-pain-after-delivery.html