පැලුණු කකුල් සුව කර ගන්න හොඳම සත්කාර

May 3, 2018
20,976
Solutions for foot cracks
ලස්සන කියද්දීම හැමෝම හිතන්නේ මූණ සුදු කර ගන්න එක තමයි ඉතින් ලස්සන කියන්නේ කියලා. ඒත් සුදු මුණ දිහා බලලා කකුල් දෙක බලද්දී මුණේ ලස්සනත් හේදිලා යනවා නම් වැඩක් නෑ නේද? ලස්සන කියන්නේ හැම දේකටම. ඉස්සර හිටපු කාන්තාවන් හිසේ සිට දෙපතුල දක්වාම වර්ණනා වුනේ ඒ නිසානේ.

හිසකෙස්, දෑස්, දෙතොල, සම, නිය පෙළ වගේම ඔබ අනිවාර්යෙන්ම වැඩි අවදානයක් දෙන්න ඕන තැනක් තමයි ඔයාගේ කකුල් දෙක. අපේ කකුල් දෙක නිතරම අව් රශ්මියට නිරාවරණය වෙනවා. කුණු, දුවිලි ඇතුළු හැම අපද්‍රව්‍යක් එක්කම ගැටෙනවා. ඒ නිසා විශේෂ සැලකිල්ලක් හා අවදානයක් ඔබ අනිවාර්යෙන් ඔබේ දෙපා වලට ලබා දිය යුතුයි. මේ හේතු වගේම සමේ තෙතමනය අහිමි වීම, පිත් රෝග නිසා කකුල් පැලීම කියන්නේ ගොඩක් දෙනෙක් අතර දකින්න ලැබෙන පොදු තත්ත්වයක්. ඒ වගේම සුන්දරත්වයට බාධාවක්.

මුණ බලලා කකුල් දෙක බලද්දී මුණේ සුදත් හේදිලා යන්න නොදී අද ඉදන්ම මේ සත්කාර වලින් පැලුණු දෙපා සුව කර ගන්න. විශේෂයෙන් පැලුණු දෙපා වලින් විෂබීජ පවා ශරීරගත වෙන්න ඉතියෙන ඉඩ වැඩියි. ඒ නිසා මේ ගැන වැඩි අවදානයක් දෙන එක ඔයාගේ ලස්සනට වගේම සෞඛ්‍යයටත් හොඳයි.

රාත්‍රී නින්දට පෙර හොඳින් පිරිසිදු කර ගත් දෙපා හා යටි පතුල් වල වැස්ලින් ආලේප කරන්න. මාසයක් දෙකක් යද්දී අනිවාර්යෙන් සාර්ථක ප්‍රතිපල ලබා ගන්න පුළුවන්.

විටමින් E කරලක තෙල් අරගෙන රාත්‍රී නින්දට පෙර පැලුණු යටිපතුල් වල ආලේප කරන්න.

පොල් තෙල් මේස හැදි එකක්, සීනී මේස හැන්දක් සහ මී පැණි මේස හැන්දක් එක කර හොඳින් මිශ්‍ර කර හොඳින් පිරිසිදු කර ගත් කකුල් වල අලේප කරන්න.

ග්ලිසරින් සහ රෝස වතුරේ වලිනුත් පැලුණු කකුල් වලට ප්‍රතිකාර කරන්න පුළුවන්. ග්ලිසරින් වලින් සම මෘදු වන වෙනවා. ඒ වගේම රෝස වතුර වල විටමින් A, B3, C, D සහ E, මෙන්ම ප්‍රතිඔක්සිකාරක අඩංගු වෙනවා. ඒ වගේම එය හොඳ විෂබීජනාශක ගුණයෙන් යුක්තයි.

ග්ලිසරින් හා රෝස වතුර සමාන ප්‍රමාණයෙන් මිශ්‍ර කර නිදාගැනීමට පෙර දිනපතාම කකුල් වල අලේප කරන්න. වියලෙනකල් ඉඳලා නින්දට යන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 799 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:02:10 PM
Script:/article/799/solutions-for-foot-cracks.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:02:10 PM
Script:/article/799/solutions-for-foot-cracks.html