මස්, මාලු, කිරි, බිත්තර කියන්නේ අපේ ශරීරයට අවශ්‍ය පෝෂය්‍ය පදාර්ථ ලබා ගන්න තියෙන හොඳ මූලාශ්‍රයන්. විශේෂයෙන් අත්‍යවශ්‍ය ප්‍රෝටීන් වර්ග, විටමින්, හිතකර මේද, අම්ල වර්ග මස් හා මාළු ඇතුළු සියලුම මාංශමය ආහාර වර්ග වලින් ලැබෙනවා. ඒත් ඉතිං හැමෝම මස් මාළු කන්නේ නැති එකනේ වැඩේ. මස් මාළු කන්නේ නැති අයට පෝෂණ ඌනතාවයන් ඇතිවෙනවා කියලා තමයි ගොඩක් දෙනෙක් විශ්වාස කරන්නේ. ඒකෙ ඉතින් යම් කිසි ඇත්තකුත් තියෙනවා තමයි.
හැබැයි මාංශමය ආහාර වලින් ලැබෙන පෝෂ්‍ය පදාර්ථ ලබා ගන්න පුළුවන් ශාකමය ආහාර ඕනේ තරම් තියෙනවා. වැඩේ වෙලා තියෙන්නේ මේ කට්ටිය කෑමත් මගහරින එකනේ. නිර්මාංශ කෙනෙක් වෙලත් ඔයා තව දුරටත් මේ ආහාර මගහරිනවා නම් අත්‍යවශ්‍ය පෝෂණ කොටස් නොලැබී යාම නිසා ඔයා ඉතා ඉක්මනින් ලෙඩ රෝග වලට ගොදුරු වෙන්න ඉඩ කඩ තියෙනවා. ඒ වගේම ඔබගේ ශරීරය ශක්තිය පිරිහෙන, ඉතා ඉක්මනින් වෙහෙසට පත් වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා නිර්මාංශ කෙනෙක් වුණු ඔයා අනිවාර්යෙන්ම ආහාර වේලට එක්ක කර ගත යුතු ආහාර කීපයක් තමයි මේ කියන්නේ.
අද ඉඳලාවත් හොර කරන්නේ නැතුව මේ දේවල් කෑමට එකතු කර ගත්තොත් හොඳයි.
නිර්මාංශ කෙනෙක් අනිවාර්යෙන් ධාන්‍ය වර්ග තමන්ගේ ආහාරවලට එක්තු කරගත යුතුයි. මොකද ධාන්‍ය කියන්නේ ඔබට ශක්තිය ලබාදෙන ප්‍රධානම ආහාර වලින් එකක්. ඒ නිසා කව්පි, මුං ඇට, කඩල ඇතුළු ධාන්‍ය වර්ග අනිවාර්යෙන්ම ඔබේ ආහාර වේලට එක් විය යුතුයි.
මීට අමතරව කජු, රටකජු, අලිගැට පේර වැනි හිතකර මේදය අඩංගු වන ආහාර වර්ග අනිවාර්යෙන් ඔබේ ආහාර වෙල් අතරට එක්විය යුතුයි. ඔබ නිරෝගී කිරීමට, ඔබේ ශරීරයට අවශ්‍ය ශක්තිය ලබා දෙන මේ ආහාර නිර්මාංශ ඔබේ ආහාර වේලට එකතු වීම අනිවාර්යයි.
ඒ වගේම යකඩ බහුල ආහාර විශේෂයෙන් නිවිති ඇතුළු පලා වර්ග, කොළ පැහැති එළවළු ඔබේ දිනපතා ආහාර වේලට එක් විය යුතුමයි. එහෙම නැති වුණොත් ඔබට ඉතා ඉක්මනින් පෝෂණ ඌණතා ඇති වෙන්න පුළුවන්. එය ඔබ විවිධ ලෙඩ රෝග වලට ඉතා ඉක්මනින් ගොදුරු කරන්නත් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය දුර්වල වෙන්නත් හේතු වෙනවා. එය ඔබේ ශරීර සෞඛ්‍ය වගේම මානසික සෞඛ්‍ය පවා බිඳ වැටෙන්න හේතු වෙන්න පුළුවන්.
ඒ වගේම තමයි පළතුරු. පළතුරු වලිනුත් ඔබට අවශ්‍ය කරන පෝෂණ වර්ග රැසක් ලබාගන්න පුළුවන්. ඒ නිසා දිනපතා පලතුරු වර්ගයක් ලබාගැනීමත් අමතක කරන්න එපා. මතක තියාගන්න, ඔබ නිර්මාංශයි කියන්නේ ඔබේ සිරුරට අවශ්‍ය පෝෂණ කොටස් රාශියක් ඔබට මග හැරෙනවා කියන එකයි. ඒ නිසා අපි ඒ මඟ හැරෙන පෝෂණ කොටස් වෙනත් මුලාශ්‍ර වලින් හෝ සිරුරට ලබා දෙන්න අමතක නොකළ යුතුයි.
මේ ආහාරත් අනිවාර්යෙන්ම ඔබේ ආහාර වේලට එක්කර ගත යුතුයි.
විශේෂයෙන් කැල්සියම් බහුල ආහාර, ඒ වගේම විටමින් D, විටමින් B 12 අඩංගු ආහාර දෛනික ආහාර වේලට එකතු කර ගන්න. නිර්මාංශ කෙනෙකුට පෝෂ්‍යදායි හා ඉතාමත් සෞඛ්‍ය සම්පන්න ආහාර තමයි මේ. ගෝවා මල්, තුඹ කරවිල, කෙසෙල් මුව, පොලොස්, ඕට්ස්, බේරි වර්ග, බ්‍රකෝලි, රතු කැකුළු බත්, බීට්රූට් ,වට්ටක්කා, බිම්මල්, දෙළුම්, අන්නාසි වැනි ආහාර නිර්මාංශ අයගේ ආහාර වේලට එකතු කර ගන්නවා නම් කදිමයි.