ළඟදී කසාද බඳින්නද ඉන්නේ? එහෙනම් මේවටත් මුහුණ දෙන්නම වෙනවා

May 9, 2018
14,034
Read this if you are getting married in near future
විවාහ ජිවිතයක් පිටින් බලන් ඉන්න කෙනෙක්ට හරිම සුන්දර මාරම fun ජිවිතයක් විදියට තමයි පෙන්නේ. ඒකනේ ඔය ගොඩාක් දෙනෙක් ඇටෙන් පොත්තෙන් එන්නත් කලින්ම කසාද බඳින්න දඟලන්නේ. කසාදයක් බැඳලාම බලන්න ඕන ඔය කියන රහ තියේද කියලා. රහ, fun එක කෙසේ වෙතත් අහන අහන කෙනා කියන්නේ "අනේ උඹල නම් බඳින්න එපා, පේනවනේ මං විදින කරදරේ,මට නම් ඇති වෙලා තියෙන්නේ " කියලා .  

එහෙමයි කියලා විවාහය කියන්නේ හිරේ විලංගුවේ වැටෙනවා වගේ අසුන්දර දෙයක් නෙවෙයි, ඒත් විවාහය හරිම සංකීර්ණ බැඳීමක්. වගකීම් වැඩියි, කරදර වැඩියි. බැඳීම් ලේසියෙන් බිඳලා දාලා පැත්තකට වෙන්න බෑ . එතකොට ඇතිවෙන ප්‍රශ්නත් වැඩියි. එතකොට තමයි හිතෙන්නේ තනියම හිටියනම් කොච්චර හොඳයිද කියලා. 

පවුල් ජිවිත වල ප්‍රශ්න, මත ගැටුම් ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. ඒත් ඒවා වැඩි වෙන්න නොදී සමතයකට පත් කර ගන්න සැමියා බිරිඳ දෙදෙනා තුළම ඉතාමත් හොඳ අවබෝධයක් තියෙන්න ඕනමයි. එතකොට ඔය කියන ආදරේ විතරක් නම් තිබිලා මදි. ප්‍රශ්න, අඩුපාඩු, කරදර එද්දී ආදරේ පස්සේ දොරෙන් බැහැලා යනවා කියලා කිව්වේ කට කහනවට නෙවෙයි. ඒ දේවල් හරියටම හරි. එහෙම වෙන්න නොදී ආදරෙත් රැක ගෙන, කසාදෙත් රැකගෙන ජිවන ගමන සැරයටිය දක්වා අරගෙන යන්න නම් මේ දේවල් අනිවාර්යෙන්ම වැදගත් වෙයි. 

1. හැම දේම දන්න එක්කෙනෙක් හිටියම ඇති . ඒ නිසා ගෙදර ප්‍රශ්න පිට අය එක්ක කතා කරන්න එපා. ගේ ගිනි පිටට දෙන්න එපා කියලා කතාවක් අහල ඇතිනේ. ප්‍රශ්න වැඩි වෙන්න ඒක හේතුවක්. විශ්වාසවන්ත හා සමීපතම අයෙක් එක්ක විතරක් ඔයාගේ ප්‍රශ්න ගැන කතා කරන්න.

2. තමන් අතින් වැරද්දක් වුනා නම් ලොකුකම්, පණ්ඩිතකම් කියවන්නේ නැතුව ඒක පිලිගන්න. සමාව ඉල්ලන්න. සමහර අය ඒකටත් අකමතියිනේ. sorry කියන එක මහා ලොකු අමාරු වැඩක් කර ගන්න එපා. ගොඩාක් ප්‍රශ්න විසඳ ගන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි සමාව ඉල්ලන එක.  හරිම ලේසියි. එක වචනයකින් ඔක්කොම ප්‍රශ්න ගොඩ.

3. ඒ වගේම නොදැනුවත්කම නිසා වෙන වැරදි, පොඩි පොඩි අතපසු වීම්, වැරදි වලට සමාව දෙන්නත් පුරුදු වෙන්න. එකම දෙයක් අල්ලගෙන අනිත් කෙනාට වද දෙන්න එපා. කසාද ජිවිතේ අපායක් කර ගන්නේ එහෙම අය තමයි.

4. දෙන්න එක්ක කර ගන්න වාද වලදී හැම වෙලාවකම ජයග්‍රහණයම හොයන්න එපා. තමන් වැරදියි කියල දැන දැනම දිනන්නම උත්සාහ කරන අය ඉන්නවා. ඒත් ඒකෙන් වෙන්නේ දෙදෙනා අතර සමගිය හා විශ්වාසය බිඳ වැටෙන එක.

5. පොඩි පොඩි දේවල් වලටත් දෙන්න කෑමොර දෙන එක පුරුද්දක් කර ගන්න එපා. දෙන්නේගෙන් එක්කෙනේගේ වත් කටට බ්‍රේක් නැතුව කියව ගන්න එකෙන් ප්‍රශ්න තව වැඩි වෙනවා.

6. අගය කල යුතු තැන අගය කරන්න මැලි වෙන්න එපා. හොඳයි නම් හොඳයි කියන්න. ලස්සනයි නම් හදවතින්ම ලස්සනයි කියන්න. ඕක මහා අමාරු වැඩක්ද? අපි නොහිතන පුංචි පුංචි දේවල්  අපි හිතනවාටත් වඩා බැඳීම් ශක්තිමත් කරනවා.

7.  විවේචනය කරන එක නතර කරන්න. ඒ වෙනුවට ආදරණිය වෙන්න. ආදරයට ඕනෑම දෙයක් වෙනස් කරන්න පුළුවන් කියලා අහලා ඇතිනේ. කේන්ති අරන් තරහින් කියනවට වඩා ඒක සාර්ථකයි.

8. දෙදෙනාම එක වර කේන්ති ගන්න එපා. එහෙම වුනොත් වෙන්නේ ප්‍රශ්න විසඳෙනවට වඩා තව වැඩි වෙන එක. එක්කෙනෙක් කේන්තියෙන් ඉන්නා විට අනිත් කෙනා නිශ්ශබ්දව ඉන්න එක තමයි හොඳම දේ. විශේෂයෙන් කාන්තාවන් කරන වැරැද්ද තමයි එකට එක කියාගෙන යාම. එතකොට ඇති වෙන්නේ ගාලගෝට්ටියක්.

9.  තියෙන ප්‍රශ්න දවස ගෙවිලා ඉවර වෙන්න කලින් කතා බහ කරලා ඉවර කර ගන්න. එහෙම නැති වුනොත් ඊළඟ දවසත් පටන් ගන්නේ මුණ හට්ටියක් විතර කරගෙන. ඊළඟ දවස පටන් ගන්නෙත් ප්‍රශ්න එක්ක.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 806 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:07:54 PM
Script:/article/806/read-this-if-you-are-getting-married-in-near-future.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 12:07:54 PM
Script:/article/806/read-this-if-you-are-getting-married-in-near-future.html