වයස වැඩි කර පෙන්වන ඔබ නොදැනුවත්කමින් කරන වැරදි

May 22, 2018
15,130
Mistakes that make you look older
වයසට යන එක නතර වෙනවා කිව්වොත් අපේ කාන්තා පාර්ශවය ඕන දෙයක් කරන්න පෙළඹෙයි. ඒ තරමට වයසට යනවා කියන එකට අපේ අය කැමති නැහැ. ඒ නිසා තමයි තමන්ගෙ පෙනුමත් හැමදාමත් තරුණ විදියට තියාගන්න ගොඩක් අය මහන්සි වෙන්නේ. කිසිම කෙනෙක් කැමති නෑ තමන්ව ආච්චි කෙනෙක් වගේ පේනවට. ඒ නිසානේ කරන්න පුළුවන් හැමදේම කරන්න දඟලන්නේ. හැබැයි ඉතින් ගොඩක් දෙනෙක් හිතන්නේ නැති මේ පොඩි පොඩි වැරදි නිසා අනිවාර්යයෙන් ඔයාගේ මුහුණට වයස්ගත බවක් එක් වෙන්න පුළුවන්. තමන්ගේ තරුණ පෙනුම රැකගන්න දේවල් කරන අතරේ ඔයාට මෙන්න මේ මඟ හැරෙන්න පුළුවන් කරුණු ගැනත් වැඩි අවධානයක් දෙන්න.

හැම ඇඳුමක්ම ඔයාට ගැලපෙනවා කියලා හිතන්න එපා. ඔයා තෝරා ගන්න ඇඳුම් වලින් ඔයාගේ පෙනුමට ලොකු බලපෑමක් වෙනවා. ඒ වගේම නුසුදුසු නොගැලපෙන ඇඳුම් ඔයාගේ පෙනුමට හානියක් වෙනවා. විශේෂයන් අනවශ්‍ය විදියට බුරුල් ඇඳුම් වලින් ඔයාගේ සිරුර හැඩය පෙනෙන්නේ නැතිව යනවා. ඒ නිසා නිතරම ඔයාගේ ස්වභාවික ලස්සන සඟවන්නේ නැති ඇඳුම් විලාසිතා තෝරා ගන්න. ඒ වගේම අනවශ්‍ය විදියට හිර ඇඳුම් අඳින්නත් එපා. ඒක ඔබේ සෞඛ්‍යට හිතකර වෙන්නේ නැහැ.

වයසට යද්දී මුහුණේ සිද්ධ වෙන වෙනස්කම් වැඩි කරලා පෙන්වන කොණ්ඩ විලාසිතා කිරීමෙන් වළකින්න. විශේෂයෙන් දිග කොණ්ඩය ඔයාගේ වයස වැඩි කර පෙන්වන්න හේතු වෙනවා. ඒ නිසා මුහුණට ගැලපෙන කෙටි කොණ්ඩ විලාසිතාවක් තමයි වයසින් තරමක් වැඩි කෙනෙක්ට ගැළපෙන්නේ. එයින් වැඩි වයසක් පෙනෙන්න නැතිව යනවා.

පැරණි විලාසිතා අපේ වයස වැඩි කර පෙන්වන්න තවත් හේතුවක් වෙනවා. ඔයා තවමත් කරන්නේ යල් පැන ගිය විලාසිතා නම් ඒවායින් ඉවත් වෙන්න. අලුත් සහ ඔයාට ගැලපෙන විලාසිතා කරන්න පටන් ගන්න. බලන්නකෝ ඒවායින් ඔයාගේ පෙනුමට අලුත් වෙනසක් එක් කරන්නේ නැත්ද කියලා. නවීන විලාසිතා ඔයාගේ පෙනුම තවත් වැඩි කරයි.

මේකප් භාවිතා කරන්නේ ස්වාභාවික ලස්සන වැඩි කරන්න මිසක් ඔයාගේ පෙනුම සම්පුර්ණයෙන්ම නැති කරලා ඔයාව වෙනස්ම කෙනෙක් කරන්න නෙවෙයි. ඒ වගේම ඇතැම් වෙලාවට මේකප් මඟින් අපේ වයස වැඩි කරලා පෙන්වනවා. දෙතොල සහ දෙඇස් වල සුන්දරත්වයට හානි වෙන විදියට මේකප් කරන්න එපා. කාන්තාවකගේ සුන්දරත්වය වැඩි කර පෙන්වන්නේ දෙතොල සහ දෙඇස්. ඒ සුන්දරත්වය මේකප් මඟින් සඟවන්න එපා.

තමන්ගේ පෙනුමට ගැලපෙන විදියට ඔයා පළඳින ආභරණ, ඒ වගේම හෑන්ඩ් බෑග්, සපත්තු ආදියත් තෝරා ගන්න.

තොල් ආලේපන ගලවද්දී තද වර්ණ ආලේපන නිසා ඔයාගේ දෙතොල් සිහින් වෙලා පේනවා. එයින් සැබෑ වයසට වඩා වැඩි පෙනුමක් මූණට එක් කරනවා . ඒ නිසා හැම වෙලාවකම ලා වර්ණ වල තොල් ආලේපන අලේප කරන්න. ඒ වගේම ඒ ආලේපන මුහුණේ පැහැයටත් ගැලපෙනවද කියලා හිතලා බලන්න

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-18 00:00:00' and A.id <> 827 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 10:48:50 AM
Script:/article/827/mistakes-that-make-you-look-older.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Saturday, July 19, 2025 at 10:48:50 AM
Script:/article/827/mistakes-that-make-you-look-older.html