ඔබත් පිළිකාව කලින් හදුනා නොගත් අවාසනාවන්තයෙක් නොවන්නට

June 4, 2018
15,332
Recognise symptoms of cancer early
කලින් ඉඳලා හිටලා අහන්න ලැබුන පිළිකාව ගැන අද වෙන කොට දවසට දෙතුන් පාරක් ඇහෙන දෙයක් බවට පත්වෙලා. ඒ වගේම තමයි පිළිකාව නිසා අවාසනාවන්ත ලෙස මියයන ප්‍රමාණයත් හිතාගන්න වත් බැරි විදිහට ඉහල ගිහින්. මේ නිසා අපි කවුරු උනත් ඉන්නේ පිළිකාව ගැන හිතේ ඇතිවුන පුංචි බයකින්. මේ බය හිතේ තියාගෙන ජිවත් වෙනවා කියන්නෙත් ලේසි පහසු දෙයක් නෙවෙයි. ඒ තරමටම පිළිකාව කියන්නේ මාරාන්තික දෙයක්. පිළිකාව කොච්ච්ච්ර භයානක උනත් 30% පමණ පිළිකා වර්ග මුලින් හදුනා ගත්තොත් සුවකළ හැකි තත්වයේ පවතිනවා. හැබැයි මෙතනත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා ගොඩ දෙනෙක්ට පිළිකාවේ මුලික රෝග ලක්ෂණ ගැන අවධානයක් නැහැ. ඒ නිසා තමයි ගොඩ දෙනෙක් අවාසනාවන්ත විදිහට පිළිකාවේ ගොදුරක් බවට පත්වෙන්නේ. ඒ නිසා ඕනෙම කෙනෙක් පිළිකාවේ මූලික රෝග ලක්ෂණ ගැන දැනගෙන ඉන්න එක ජීවිතය බේරගන්න තියෙන හොඳම අවස්ථාවක්. ඒ අවස්ථාව අවාසනාවන්ත විදිහට ඔබෙන් මඟ නොහැරෙන්න මේ දේවල් ගැන දැනගෙන හරිම වෙලාවට ක්‍රියාත්මක වෙන්න.

01. නිතර හැදෙන ලෙඩ රෝග

නිතර නිතර ලෙඩ හැදෙනකොට ගොඩක් අය හිතන්නේ කාලගුණය නිසා එහෙමත් නැත්නම් සෙනග ඉන්න තැන් වල ඉන්න නිසා තමන්ට ඉක්මනට ඉක්මනට ලෙඩ රෝග හැදෙනවා කියලා. මේ නිසා මේ අය අත් බෙහෙතක් හරි නැත්නම් පුරුද්දට ගන්න බෙහෙතක් හරි අරගෙන ලෙඩේ නිකන්ම හොඳ වෙයි කියලා බලාගෙන ඉන්නවා. හැබැයි මේ අය නොදන්නා දෙයක් තමයි ලිවුකෙමියාව හැදුනම රුධිරයේ සුදු රුධිරානු ප්‍රමාණය අසාමාන්‍ය ලෙස වැඩි වෙලා ලෙඩ රෝග වලට එරෙහිව සටන් කිරීමේ හැකියාව අඩුවෙලා යන බව. මෙහෙම උනාම ඒ අය නිතර නිතර ලෙඩ වෙනවා. විශේෂයෙන් නිතර නිතර උණ හෙම්බිරිස්සාව හැදුන අයට ලිව්කෙමියාව වැළඳිලා තියෙන බව පරීක්ෂණ වලදී සොයාගෙන තියෙනවා. ඒ නිසා ඔබත් නිතර නිතර ලෙඩ රෝග හැදෙන කෙනෙක් නම් එක එක දේවල් ගැන හිත හිත ඉන්නේ නැතුව ඉක්මනින් පරික්ෂා කර ගන්න.

02. හුස්ම ගැනීමේ අපහසුතා

බොහෝ විට හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවෙන්නේ ඇදුම රෝගයේදී. මේ නිසා හුස්ම වල කෙටි බවක් ඇතිවෙනවා. හුස්ම වල කෙටි බවක් ඇතිවෙන ගොඩක් දෙනෙක් හිතන්නේ ඒ දේ වෙන්නේ ඇදුම රෝගය නිසා කියලා නැත්නම් ඒක සාමාන්‍ය දෙයක් කියලා හිතලා ගණන් ගන්නේ නැතුව ඉන්නවා. හැබැයි පෙනහලු පිළිකාවේ මුලිකම රෝග ලක්ෂණයක් තමයි මේක. ඒ නිසා මේ වගේ දේවල් සැහැල්ලුවෙන් හිතන්න එපා.

03. කැස්සත් එක්ක එන පපුවේ වේදනාව

මේ තත්වය නම් ටිකක් වැඩි අවධානයක් ලබාදිය යුතු තත්වයක්. මොකද කාලෙක ඉඳලම පපුවේ වේදනාවත් එක්ක කැස්ස ඇති වෙනවා නම් එය ලිවුකේමියාවේ සහ පෙනහළු පිළිකාවල මුලික රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට මේ කැස්ස සහ පපුවේ වේදනාව ටික කාලයක් තිබිලා නැතිවෙලා ගිහින් ආයෙත් ටික කාලයකට පස්සේ ඇතිවෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට ටිකක් වැඩිපුර මේ ගැන හිතන්න.

04. කිහිලි සහ ඉකිලි වල ඇතිවෙන ඉදිමුම් සහ ගැටිති

මේවට අපි සාමාන්යෙන් කියන්නේ කුද්දටි කියලා. සමහර වෙලාවල් වලට ඇඟේ තුවාලයක් එහෙම තියෙනකොට මේ ගැටිති ඇතිවෙනවා. හැබැයි සාමාන්‍යයෙන් ඒ විදිහට හැදෙන ගැටිති වල වේදනාවක් ඇතිවෙනවා. නමුත් කිහිල්ල ප්‍රදේශයේ තියෙන වේදනාවක් නැති ගැටිත්තක් ගොඩක් වෙලාවට පියයුරු පිලිකාවක මූලික රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඒ වගේම බෙල්ලේ ඉකිලිවල ඇතිවෙන ගැටිති ලිවුකේමියාවේ මුලික රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්.

05. නියපොතු වල වෙනසක්

නියපොතු වල සිදුවෙන වෙනස්කම් බොහෝ පිලිකා තත්වයන් ගැන අපිට අනතුරු අඟවනවා. නියපොතු වල ඇතිවෙන කළු පාට හරි දුඹුරු පාට හරි තිත් එහෙමත් නැත්නම් ඉරි, සමේ ඇතිවෙන පිලිකාවක මුලිකම ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි නියපොතු වල පාට සුදු මැලි වෙලානම් නැත්නම් සාමාන්යෙන් තියෙන වර්ණයේ වෙනසක් වෙලානම් අක්මාවේ ඇතිවෙන පිළිකාවක ලක්ෂණයක් වෙන්න පුළුවන්.

06. හිතාගන්න බැරි විදිහට අඩුවෙන බර

අපි හොඳට කන බොනකොටත් හිතාගන්න බැරි විදිහට අපේ බර අඩුවෙනවා කියන්නේ ඇඟ ඇතුලේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියන එකයි. ඒ නිසා බර අඩුවෙන්න අඩුවෙන්න තව තවත් බලාගෙන ඉන්නේ නැතුව ඉක්මනින් පරික්ෂා කරගන්න. මේ තත්වය මහා බඩවැල ආශ්‍රිත පිලිකාවක මූලික රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්.

07. ආහාර ගිලින විට අපහසුතාවයක් ඇතිවීම

සමහර අය ඉන්නවා මේ වගේ වෙලාවට උගුරේ මොනවා හරි හිරවෙලා ඇති නැත්නම් උගුර තුවාල වෙලා ඇති කියලා හිතාගෙන ඒක ඉබේම හරියයි කියලා හිතලා වැඩිය ගණන් ගන්නේ නැතුව ඉන්න. හැබැයි මේ තත්වය ගැබ් ගෙල පිළිකා ගැන අනතුරු ඇඟවීමක් වගේම පෙනහළු පිළිකාවේ මුලිකම රෝග ලක්ෂණයක් වෙන්නත් පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,256
   24

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
chore lists for kids
   71,007
   23

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Kaju Dosi Recipe
   178,989
   21

කජු දෝසි - Recipe

Video
5 skin care tips for your neck
   67,509
   20

ඔබත් බෙල්ලේ සම අඳුරු වීම නිසා කණස්සල්ලෙන්ද? එසේ නම් මේ පියවර 5 අනුගමනය කර බලන්න

ඔබගේ මුහුණ තරම් ගෙල පෙදෙස ආශ්‍රිත සම දුර්වර්ණ ස්වභාවයක් ගන්නවා නම් බෙල්ල ආශ්‍රිත සමෙහි රැකවරණය සඳහා ඔබ අනුගමනය කළයුතු පියවර 5ක්

Latest Articles

Most Viwed