දරුඵල ප්‍රමාද වෙන්න බලපාන මේ හේතු දැන්ම අවම කර ගන්න

June 5, 2018
16,010
Reduce the chances of delaying to conceive a baby
විවාහයෙන් පස්සේ යුවලකට තියෙන එකම බලාපොරොත්තුව දරු සුරතල් බලන එක. ඒත් ඉතින් ඒ වාසනාව සමහර අයට නැතුව යනවා. ඒකට ඉතින් එක එක විදියේ හේතු බලපානවා. සමහර විට ඔයා හිතුවේ වත් නැති මේ කියන හේතුත් ඔබේ දරුඵල ප්‍රමාදයට හේතු වෙන්න පුළුවන්. ඒ නිසා දරුඵල ප්‍රමාද අය මේ කියන දේවල් ගැනත් ටිකක් වැඩිපුර හිතන්න වේවි.

සරු කාලය නිවැරදිව හදුනා නොගැනීම දරුඵල ප්‍රමාද වෙන්න බලපාන ප්‍රධාන හේතුවක්. කාන්තාවකගේ සරු කාලය නිවැරදිව හඳුනාගෙන එම සරු කාලයේදී ලිංගික සබඳතා පැවැත්වීම මඟින් ඉක්මනින්ම ගැබ් ගැනීමක් සිදු වෙන්න පුළුවන්. නමුත් ඇතැම් අය තමන්ගේ සරු කාලය නිවැරදිව හදුනා ගන්නේ නැහැ. මේ නිසා තමන්ගේ සරු කාලය ගැන හොද අවබෝධයක් තියා ගන්න එක ඉතාමත් වැදගත්.

ලිංගික සබඳතා සීමා කිරීමත් මේකට තවත් හේතුවක්. සමහර කාන්තාවන් හිතන වැරදි දෙයක් තමයි නිතරම ලිංගික සබදතා පැවැත්වීම ගැබ් ගැනීමට අයහපත් විදියට බලපානවා කියන එක. ඒත් ඒක වැරදි අදහසක්. නිරවුල් මනසක් ඇතිව සෞඛ්‍ය සම්පන්න ලිංගික ජිවිතයක් පවත්වා ගැනීම ඉක්මන් දරුපල ලැබීමට අනිවාර්යෙන් බලපානවා.

ලිංගික ජීවිතය මනසට පීඩනයක් ගෙන දෙන්නක් බවට පත් කර ගැනීමත් බොහෝ දෙනෙක්ට බලපාන තවත් ප්‍රධානම හේතුවක්. නිතර නිතර ලිංගික සම්බන්ධතා පැවැත්වීමට ඇතැම් කාන්තාවන් අකමැත්තක් දක්වනවා. ඒ ගැන ඇති අකමැත්ත අවිඥානිකව බලපෑම් කරනවා. මානසික පීඩනයක්, වදයක් බවට පත් වෙනවා. එය ලිංගික ජීවිතය අවුල් වෙන්නත්, දරුවන් ලැබීමට යාමේදීත් අනිවාර්යෙන් බලපෑම් කරනවා.

වෛද්‍ය ප්‍රතිකාර හා උපදෙස් සඳහා යොමු නොවීම කියන්නේ මෙතැනදී ඇති වන තවත් ගැටළුවක්. දරුපල ප්‍රමාද වීමට කාන්තාවගේ වගේම පිරිමියාගේත් යම් යම් දුර්වලතා හේතු වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන සැක හැර දැන ගන්න වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාමත් වැදගත්.

ගැබ් ගැනීමකට විශේෂයෙන් කාන්තාව ඉතාමත් හොඳ කායික නිරෝගී භාවයකින් සිටිය යුතුයි. ඒ වගේම පිරිමියාත්. හැබැයි මෙතැනදී කායික නිරෝගිභාවය විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ වගේම යහපත් මානසික සෞඛ්‍යක් පවත්වා ගැනීමත් ඉතා වැදගත්. නින්ද, හොද සෞඛ්‍ය පුරුදු, පෝෂ්‍යදායී ආහාර, මානසික සැහැල්ලුව, කිරි සිහිනය සැබෑ කරගන්න නැතුවම බැහැ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   153,389
   68

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
10 symptoms shows you are pregnant
   54,296
   42

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Sri Lankan Pickle (Sinhala Achcharu)
   49,826
   27

සිංහල අච්චාරු ඉතා පහසුවෙන් හදාගමු

අබ, ලුණු, ඉඟුරු, සුදු ලුණු හා කහ කුඩු සියල්ල එකට දමා හොඳින් අඹරා ගන්න. ඉන් පසු විනාකිරි ටික මැටි භාජනයකට දමා හොඳින් උතුරුවා ගන්න
Birthmark Meanings
   53,751
   26

උපන් ලපයෙන් හෙලිවන ජීවන තොරතුරු

අපි හැමෝගෙම ශරීරයේ උපන් ලප තියෙනවා. මේ සමහර උපන් ලප විශාලවත්, සමහර උපන් ලප කුඩාවටත් පිහිටනවා
Weralu benefits
   23,357
   23

වෙරළු වල ගුණ

වෙරළු කොලස්ටරෝල් සඳහා ඉතාම ගුණදායකයි. දිනකට වෙරළු ගෙඩි පහක් අවම වශයෙන් ආහාරයට ගන්නවා නම් හිතකර…

Latest Articles

Most Viwed