විදුරුමසින් ලේ ගැලීම රෝගය නිසා අතුරු ආබාධ රැසක්

June 10, 2018
14,240
So many side effects if you have bleeding gums
ලෙඩ නම් ඉතින් එක එක විදියෙන් අඩුවක් පාඩුවක් නැතුව තියෙනවනේ. මොනවා නැතත් කාට කාටත් ලෙඩ නම් list එකක් විතර තියෙනවා කියන්න. මුඛ ආශ්‍රිත රෝගයක් වන විදුරුමස් වලින් ලේ ගැලීම කියන්නෙත් අද වෙද්දී බොහෝ දෙනෙක් මුහුණ දෙන සෞඛ්‍ය ගැටලුවක්. ඒ වගේම විදුරුමසින් ලේ ගැලීම විදුරුමස් රෝග ඇතිවීමට පෙර ඇතිවන පළමු සංඥා අතරින් එකක්. නිසි දන්ත සනීපාරක්ෂාව හා පෝෂ්‍යදායි ආහාර ලබා නොගැනීම තමයි මේ තත්ත්වයන් ඇති වෙන්න මුලිකවම බලපාන්නේ. 

ඒ වගේම විදුරුමසින් ලේ ගැලීම රෝගය ඇති වෙන්න මේ කියන හේතුත් බලපෑම් කරනවා. දත් වල බැඳෙන කහපැහැ ගත් මැලියම් තැන්පත් වීම හේතු කොට ගෙන දත්මුල් අග ඇති විදුරුමස ඉදිමිලා වේදනා ගෙන දෙන්න පුළුවන්. ඒ වගේම මේකට තවත් හේතුවක් තමයි බැක්ටීරියා ආසාදනයන්. මේ සඳහා මූලිකම හේතු සාධකය වන්නේ සෞඛ්‍ය පිළිවෙත් නිසි ආකාරයෙන් පිළිපදින්නේ නැති කම. 

විටමින් C ඌණතාව, දත් පිරිසිදු කිරීමට නුසුදුසු ක්‍රම භාවිතා කිරීම, දත් අතර රැඳෙන ආහාර කැබැලි කියන දේවලුත් විදුරුමස් වලින් ලේ ගැලීම ඇතුළු අනෙකුත් ගැටළු ඇති කරන්න හේතු වෙනවා. ඒ විතරක් නෙවෙයි දියවැඩියා තත්ත්වයන් හේතුකොටගෙනත් විදුරුමස ආශ්‍රිත ආසාදනයන් ඇති වෙනවා.  

විදුරුමස ආශ්‍රිතව ඇති විය හැකි මේ තත්ත්වයන් ඔයාට තවත් අතුරු ආබාධ තත්වයන් ඇති කරන්නත් මුල් වෙනවා. දත් ගැලවී යාම, මුඛයෙන් දුඟද හැමීම, දත් අවපැහැ වීම ඒ අතරින් ප්‍රධානයි. මේ තත්ත්වයන්ගෙන් ආරක්ෂා වෙන්න නම් අනිවාර්යෙන් ඔබ ඔබේ මුඛ සෞඛ්‍ය ගැන වැඩිපුර හිතන්නම වෙනවා. අනිවාර්යෙ දත් දෙපළ පිරිසුදුව තබා ගත යුතුයි, ඒ වගේම දවසට දෙවරක් අනිවාර්යෙන් දත් මැදීම කළ යුතුයි. ඊට අමතරව අඩුම තරමින් වසරකට වරක්වත් දන්ත වෛද්‍යවරයකු ගෙන් උපදෙස් ලබා ගැනීම ඉතාමත් වැදගත්.

විදුරුමසින් ලේ ගැලීම රෝගය ඇති වුනු කෙනෙක්ට ගෙදරදී මෙන්න මේ කියන ප්‍රතිකාර ක්‍රමත් භාවිතා කරන්න පුළුවන්. 

විදුරුමසින් ලේ ගැලීම සිදු වෙද්දී අයිස් කැටයක් පිරිසිදු රෙදි කැබැල්ලක ඔතා විදුරුමස් මත තබා හෙමින් තවන්න පුළුවන්. මේක තමයි රුධිර වහනය සඳහා ඇති ක්ෂණික හා හොඳම විසඳුම. මෙය රුධිර ගැලීම අඩු කරන්න උදවු වෙනවා.

ඒ වගේම දත් බුරුසුව මාරු කරන්න. ඉතා තදින් දත් බුරුසුව විදුරුමස් මත ඇතිල්ලීමෙන් වලකින්න. සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට හුරුවෙන්න. මත්පැන්, දුම්වැටි භාවිතා කරන අයෙක් නම් එයින් වැළකීමත් අතිශය වැදගත්. ඒ වගෙම ආතතිය පාලනය කර ගැනීමත් කල යුතුමයි.

ඔබ ඔබේ මුඛ සෞඛ්‍යය හොඳින් පවත්වාගෙන තිබියදීත් ඔබේ විදුරුමස් වලින් ලේ ගැලීම සිදු වෙනවා නම් එය විටමින් C සහ K ඌණතාවයක් විය හැකියි. වෛද්‍යවරයෙකු ලවා ඔබේ ශරීරයේ විටමින් මට්ටම පරීක්ෂාකර ගන විටමින් C, K අඩංගු ආහාර වැඩිපුර ආහාරයට ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   153,380
   65

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
10 symptoms shows you are pregnant
   54,293
   39

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Birthmark Meanings
   53,751
   26

උපන් ලපයෙන් හෙලිවන ජීවන තොරතුරු

අපි හැමෝගෙම ශරීරයේ උපන් ලප තියෙනවා. මේ සමහර උපන් ලප විශාලවත්, සමහර උපන් ලප කුඩාවටත් පිහිටනවා
Sri Lankan Pickle (Sinhala Achcharu)
   49,821
   23

සිංහල අච්චාරු ඉතා පහසුවෙන් හදාගමු

අබ, ලුණු, ඉඟුරු, සුදු ලුණු හා කහ කුඩු සියල්ල එකට දමා හොඳින් අඹරා ගන්න. ඉන් පසු විනාකිරි ටික මැටි භාජනයකට දමා හොඳින් උතුරුවා ගන්න
Weralu benefits
   23,356
   22

වෙරළු වල ගුණ

වෙරළු කොලස්ටරෝල් සඳහා ඉතාම ගුණදායකයි. දිනකට වෙරළු ගෙඩි පහක් අවම වශයෙන් ආහාරයට ගන්නවා නම් හිතකර…

Latest Articles

Most Viwed