විදුරුමසින් ලේ ගැලීම රෝගය නිසා අතුරු ආබාධ රැසක්

June 10, 2018
16,738
So many side effects if you have bleeding gums
ලෙඩ නම් ඉතින් එක එක විදියෙන් අඩුවක් පාඩුවක් නැතුව තියෙනවනේ. මොනවා නැතත් කාට කාටත් ලෙඩ නම් list එකක් විතර තියෙනවා කියන්න. මුඛ ආශ්‍රිත රෝගයක් වන විදුරුමස් වලින් ලේ ගැලීම කියන්නෙත් අද වෙද්දී බොහෝ දෙනෙක් මුහුණ දෙන සෞඛ්‍ය ගැටලුවක්. ඒ වගේම විදුරුමසින් ලේ ගැලීම විදුරුමස් රෝග ඇතිවීමට පෙර ඇතිවන පළමු සංඥා අතරින් එකක්. නිසි දන්ත සනීපාරක්ෂාව හා පෝෂ්‍යදායි ආහාර ලබා නොගැනීම තමයි මේ තත්ත්වයන් ඇති වෙන්න මුලිකවම බලපාන්නේ. 

ඒ වගේම විදුරුමසින් ලේ ගැලීම රෝගය ඇති වෙන්න මේ කියන හේතුත් බලපෑම් කරනවා. දත් වල බැඳෙන කහපැහැ ගත් මැලියම් තැන්පත් වීම හේතු කොට ගෙන දත්මුල් අග ඇති විදුරුමස ඉදිමිලා වේදනා ගෙන දෙන්න පුළුවන්. ඒ වගේම මේකට තවත් හේතුවක් තමයි බැක්ටීරියා ආසාදනයන්. මේ සඳහා මූලිකම හේතු සාධකය වන්නේ සෞඛ්‍ය පිළිවෙත් නිසි ආකාරයෙන් පිළිපදින්නේ නැති කම. 

විටමින් C ඌණතාව, දත් පිරිසිදු කිරීමට නුසුදුසු ක්‍රම භාවිතා කිරීම, දත් අතර රැඳෙන ආහාර කැබැලි කියන දේවලුත් විදුරුමස් වලින් ලේ ගැලීම ඇතුළු අනෙකුත් ගැටළු ඇති කරන්න හේතු වෙනවා. ඒ විතරක් නෙවෙයි දියවැඩියා තත්ත්වයන් හේතුකොටගෙනත් විදුරුමස ආශ්‍රිත ආසාදනයන් ඇති වෙනවා.  

විදුරුමස ආශ්‍රිතව ඇති විය හැකි මේ තත්ත්වයන් ඔයාට තවත් අතුරු ආබාධ තත්වයන් ඇති කරන්නත් මුල් වෙනවා. දත් ගැලවී යාම, මුඛයෙන් දුඟද හැමීම, දත් අවපැහැ වීම ඒ අතරින් ප්‍රධානයි. මේ තත්ත්වයන්ගෙන් ආරක්ෂා වෙන්න නම් අනිවාර්යෙන් ඔබ ඔබේ මුඛ සෞඛ්‍ය ගැන වැඩිපුර හිතන්නම වෙනවා. අනිවාර්යෙ දත් දෙපළ පිරිසුදුව තබා ගත යුතුයි, ඒ වගේම දවසට දෙවරක් අනිවාර්යෙන් දත් මැදීම කළ යුතුයි. ඊට අමතරව අඩුම තරමින් වසරකට වරක්වත් දන්ත වෛද්‍යවරයකු ගෙන් උපදෙස් ලබා ගැනීම ඉතාමත් වැදගත්.

විදුරුමසින් ලේ ගැලීම රෝගය ඇති වුනු කෙනෙක්ට ගෙදරදී මෙන්න මේ කියන ප්‍රතිකාර ක්‍රමත් භාවිතා කරන්න පුළුවන්. 

විදුරුමසින් ලේ ගැලීම සිදු වෙද්දී අයිස් කැටයක් පිරිසිදු රෙදි කැබැල්ලක ඔතා විදුරුමස් මත තබා හෙමින් තවන්න පුළුවන්. මේක තමයි රුධිර වහනය සඳහා ඇති ක්ෂණික හා හොඳම විසඳුම. මෙය රුධිර ගැලීම අඩු කරන්න උදවු වෙනවා.

ඒ වගේම දත් බුරුසුව මාරු කරන්න. ඉතා තදින් දත් බුරුසුව විදුරුමස් මත ඇතිල්ලීමෙන් වලකින්න. සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට හුරුවෙන්න. මත්පැන්, දුම්වැටි භාවිතා කරන අයෙක් නම් එයින් වැළකීමත් අතිශය වැදගත්. ඒ වගෙම ආතතිය පාලනය කර ගැනීමත් කල යුතුමයි.

ඔබ ඔබේ මුඛ සෞඛ්‍යය හොඳින් පවත්වාගෙන තිබියදීත් ඔබේ විදුරුමස් වලින් ලේ ගැලීම සිදු වෙනවා නම් එය විටමින් C සහ K ඌණතාවයක් විය හැකියි. වෛද්‍යවරයෙකු ලවා ඔබේ ශරීරයේ විටමින් මට්ටම පරීක්ෂාකර ගන විටමින් C, K අඩංගු ආහාර වැඩිපුර ආහාරයට ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,239
   22

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
How to get vitamin E for healthy skin and hair
   71,408
   20

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
chore lists for kids
   70,984
   20

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
5 skin care tips for your neck
   67,493
   19

ඔබත් බෙල්ලේ සම අඳුරු වීම නිසා කණස්සල්ලෙන්ද? එසේ නම් මේ පියවර 5 අනුගමනය කර බලන්න

ඔබගේ මුහුණ තරම් ගෙල පෙදෙස ආශ්‍රිත සම දුර්වර්ණ ස්වභාවයක් ගන්නවා නම් බෙල්ල ආශ්‍රිත සමෙහි රැකවරණය සඳහා ඔබ අනුගමනය කළයුතු පියවර 5ක්

Latest Articles

Most Viwed